ඖෂධ සෑදිමේ විද්‍යාව මූලික වශයෙන් උපක්ෂේත්‍රයන් 3 කට බෙදා දැක්විය හැකිය.

  • ඖෂධ
  • ඖෂධ පිළිබද රසායනය සහ ඖෂධ පිළිබදව දැනුම
  • ඖෂධ සෑදීමේ විද්‍යාවෙහි ප්‍රායෝගික ක්‍රියාකාර කම්

මෙම උපක්ෂේත්‍රයන් සහ ජෛව රසායන විද්‍යාව වැනි අනෙකුත් උපක්ෂේත්‍රයන් අතර ඇති සීමාවන් හැමවිටම පැහැදිලි නොවන අතර බොහෝ අවස්ථාවල දී විවිධ උපක්ෂේත්‍රයන් අතර ඇති වන සාමූහික ක්‍රියාකාරකම් මගින් එක්ව පරීක්ෂණ සිදු කරනු ලබයි.

ඖෂධවේදය ඇතැම් අවස්ථාවල දී ඖෂධ සෑදීමේ විද්‍යාවෙහි හතර වන උපක්ෂේත්‍රය ලෙස සලකනු ලබයි. ඖෂධ විද්‍යාවේ දී ඖෂධ සෑදීමේ විද්‍යාව පිළිබදව අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය වුවද එය ඖෂධ සෑදීමේ විද්‍යාව සදහා විශේෂිත වූවක් නොවේ. එබැවින් එය සාමාන්‍යයෙන් පුළුල් විද්‍යාවන් සහිත ක්ෂේත්‍රයක් ලෙසට සලකනු ලබයි.

ඖෂධ සෑදීමේ විද්‍යාවෙහි ප්‍රායෝගික අංග ක්‍රියාකාරකම්වල විවිධ විශේෂ ක්ෂේත්‍රයන් පවතී. ඖෂධ සෑදීමේ විද්‍යාව පිළිබදව විශේෂඥ දැනුම ලබාගැනීම පිළිබදව එය හදාරන ස්ථානය හෝ ප්‍රජාවන් , රෝහල්, විශේෂඥයින් , ඖෂධ පිළිබදව විස්තර සෙවීම , කර්මාන්ත සහ වෙනත් ආයතන වැනි ස්ථානවල දී නිරූපණය කරන භූමිකාව අනුව වෙනස් වේ.

හෘද රෝග, ආසාදිත රෝග, පිළිකා රෝග පිළිබද අධ්‍යයන විද්‍යාව, ඖෂධ චිකිත්සාව න්‍යෂ්ටික විද්‍යාව, පෝෂණය සහ මනෝ විද්‍යාව යන ක්‍ෂ්ත්‍රයන් නියෝජනය වන පරිදි ඖෂධ පිළිබදව විශේෂඥයන් සහිත විද්වත් මඩුල්ලක් මගින් ඖෂධ සෑදීමේ විද්‍යාවෙහි වෙනත් විශේෂ ප්‍රාගුණ්‍ය පිළිගනු ලැබේ. වයස් ගත පුද්ගලයන් සදහා ඖෂධ ලබාදීම සදහා Commission for Certification in Geriatric Pharmacy නම් කොමිසම මගින් ඖෂධවේදීන් සහතික කරනු ලැබේ. American Board of Applied Toxicology මගින් ඖෂධවේදීන් සහ අනෙකුත් වෛද්‍ය වෘත්තිකයන් ධූලකවේදය සදහා සහතික කරනු ලබයි.


References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Pharmacy#Disciplines

"https://si.wikipedia.org/w/index.php?title=උපක්ෂේත්‍රයන්&oldid=472646" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි