උද්භිද විද්‍යා ඉතිහාසය

ශාක වර්ගීකරණය සඳහා වූ මූලික උදාහරණ ඍග් වේදයෙන් හමුවේ. එමගින් ශාක ව‍්‍රස්ක (ගස්) , ඕෂධී (ඖෂධ) හා විරූඪ (වැල් වර්ග) ලෙස බෙදා වෙන් කරන ලදී. මෙම කොටස් නැවතත් අනුකොටස් වලට බෙදී ඇත. අථර්වේදය ශාක කොටස් අටකට බෙදන ලදී එනම් ව‍්‍රස්ක (අතු විහිදුනු) , මංජරී (දිගු පොකුරු ලෙස පත‍්‍ර දරන) , ස්ථම්භිනී (පඳුරු) , ප‍්‍රස්තනවටී (පැතිරෙන) , ඒකශ‍්‍රන්ග (ඒක පාදී ලෙස වර්ධනය වන) , ප‍්‍රාතනවාටී (වැල්) ,අම්සුමතී (අංකුර බහුල) , හා ඛන්ඩිනී (ගැට සහිත සන්ධි සහිත ශාක) ෙලසය තෛත‍්‍රිය සංහිතාව ශාක රාජධානිය වෘක්ෂ වන ධ‍්‍රෑම (ශාක) , විශාක (අතු පතර විහිදෙන පඳුරු) , සස (ඖෂධ) , අංශුමාලි (පැතිරෙන හෝ අවද්‍රාවණ ශාක) , ව‍්‍රතති (ආරෝහක) , ස්ථම්භිනී (ගොමුවන් පඳුරු) , ප‍්‍රාතනවටී (වැල්) හා අලසලා (බිම දිගේ වැඩෙන) ලෙස වර්ග කරනු ලැබීය

මනුස්මෘති විසින් ශාක කාණ්ඩ අටකට බෙදා වර්ගකරන වර්ගීකරණයක් යෝජනා කරනු ලැබීය. චරක සංහිතා සුශ‍්‍රැත සංහිතා හා වෛශාක්‍ය ද විවිධාකාරයේ වර්ගීකරණ ක‍්‍රම යෝජනා කළෝ ය. වෘක්ෂායුර්වේදය (ශාක ජීවිත පිළිබඳ විද්‍යාව) ලියූ පරශාර, ශාක ද්විමත‍්‍රික (ද්වි බීජ පත‍්‍රි) හා ඒක මත‍්‍රික (ඒක බීජ පත‍්‍රී ) ලෙස වර්ග කරනු ලැබීය. එම කොට්ඨාස තවදුරටත් සමඝනීය (ෆැබසියේ කුලය) , පුප්ලිකඝනිය (කෘසිෆර් කුලය ) , ත‍්‍රිපුෂ්ප ඝනිය (කුකුර්බිටේසි කුලය) , මල්ලිකාඝනිය (ඇපොසිනාසේ කුලය) හා කුර්කපුෂ්පඝනිය (ඇස්ටෙරාසේ කුලය) ලෙස බෙදනු ලැබීය.

ක‍්‍රි පූ 300 පමන ලියැවුනු යුරෝපයේ පැරණිතම උද්භිද විද්‍යාත්මක කෘති අතර තියෝප‍්‍රැස්ටස් විසින් රචිත විශාල නිබන්ධන දෙකක් විය. ඒවා නම් ශාක ඉතිහාසය පිළිබඳව හා ශාක නිදාන පිළිබඳව යි. මෙම කෘති දෙක අඳුරු යුගයේ හා මධ්‍යතන යුගයට පැමිණෙන තුරුම උද්භිද විද්‍යාව සඳහා පෘථුල දායකත්වයක් සැපයී ය. රෝමානු වෛද්‍ය ග‍්‍රන්ථ රචක ඩයොස්කොරිඞ්ස් ඖෂධ පැලෑටි සඳහා වූ ග‍්‍රීක හා රෝම දැනුම පිළිබඳ වැදගත් සාධක සපයයි.

අතීත චීනයේ විවිධ ශාක හා ඖෂධ වට්ටෝරු පිළිබඳ ඉතිහාසය අවම වශයෙන් ක‍්‍රි පූ 481 - ක‍්‍රි පූ 221 අතර වූ යුධ ප‍්‍රාන්ත දක්වා දිවෙයි. සියවස් ගණනාවක් පුරා බොහෝ චීන කතුවරු ශාක ඖෂධ පිළිබඳ ලිඛිත දැනුම පුළුල් කිරීම සඳහා දායකත්වය සැපයීය. හන් රාජ වංශයේ (ක‍්‍රි පූ 202 - ක‍්‍රි ව 220) හුඑන්ග්ඩි නෙයිජිං විසින් රචිත කෘති හා දෙවන සියවසේ සුප‍්‍රක‍්‍රට ඖෂධවේදී සැන්ග‘ සොන්ජින්ග් මේ අතර ප‍්‍රකට වෙයි. 11වන ශතවර්ෂයේ විද්‍යාඥ හා රාජ තාන්ත‍්‍රික සු සොන්ග් හා ෂෙන් කු ඕ ශාක ඖෂධ හා ඛනිජ විද්‍යාවේ භාවිත පිළිබඳ නිබන්ධන සකස් කළෝය.

මධ්‍යතන යුගයේ දී ශාක කායකර්මය පිළිබඳ ලියැවුනු වැදගත් කෘතීන් අතර උදායන ගේ පෘත්විනිරපාර්යම්, ධර්මෝත්තර ගේ න්‍යායවින්ධුථික, ගුණරත්න ගේ සද්ධර්ශණ සමුච්චය හා සංකාරමිශ‍්‍ර ගේ උපස්කාර විශේෂ වෙයි.

1665 දී මුල් කාලීන අන්වීක්ෂයක් භාවිතයෙන් රොබට් හුක් විසින් පොරොප්පයක හා කෙටි කාලයකට පසු සජීවී ශාක පටකයක ෙසෙල සොයා ගන්නා ලදී. ජර්මානු ජාතික ලියොනාට් ෆුක්ස් ස්විස් ජාතික කොනාර්ඩි වොන් ගෙස්නර් සහ බි‍්‍රතාන්‍ය ජාතික කතුවරු වන නිකොලස් කල්පෙපර් හා ජෝන් ගෙරාඞ් ශාක වල ඖෂධමය වැදගත්කම් පිළිබඳ තොරතුරු පළ කළෝ ය.

1775 දී කාර්ල් වොන් ලිනේ (කාල් ලිනේයස්) ශාක රාජධානිය වර්ග 25 කට වෙන් කළේය.