උදයගිරි රජ මහා විහාරය

උදයගිරි රජ මහා විහාරය ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රදේශයේ පිහිටි පැරණි රජ මහා විහාරයක් වේ. එය අම්පාර-මහඔය මාර්ගයේ, අම්පාර සිට කිලෝ මීටර 13ක් පමණ දුරින් පිහිටා ඇත. විහාරය අදින් වසර 1000කට පමණ පෙර ඉදිකරන ලද විහාරයක් සේ සැළකේ.[1]

උදයගිරි රජ මහා විහාරය
විහාරයේ වූ ස්ථූපය
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
ද්වාරය:බුද්ධාගම

ඉතිහාසමය සාධක සංස්කරණය

 
පැරණි ශිලා ස්ථම්භය
 
විහාර නටඹුන්

විහාරයට ප්‍රවිශ්ඨ වන ඇතුල් දොරටුව අසල ක්‍රිස්තු වර්ෂ දසවන සයවසට අයත් පැරණි ශිලා ස්ථම්භයක් දැකගත හැකිවේ. ක්‍රිස්තු වර්ෂ 903 - 914 සමයේ රජකම් කල පළමුවන උදය රජුගේ අණපරිදි, උදය, අභය යන සේනාධිපතීන් විසින් මෙම විහාරය සතු ඉඩම් වෙළෙට්ඨ (ධාන්‍ය) බද්දෙන් නිදහස් කරනු ලැබූ බව එම ශිලා ස්ථම්භයෙහි දක්වා තිබේ. කෙසේ නමුදු විහාරයේ දැකගත හැකි පෞරාණික නටඹුන් අනූව මෙම විහාරය ක්‍රිස්තු පූර්ව යුගයේ නිමවන ලද්දක් බව පුරාවිද්‍යාඥ මතය වී තිබේ.

එසේම පළමුවන පරාක්‍රමබාහු රජු හා සුගලා දේවිය අතර සටන සිදුවූ ස්ථානය ලෙසද මෙම විහාර පරිශ්‍රය සැළකේ.


මූලාශ්‍ර සංස්කරණය

  1. "අම්පාර උදයගිරි රජමහා විහාරය". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 2015 සැප්තැම්බර් 10. {{cite news}}: Check date values in: |accessdate= (help)
"https://si.wikipedia.org/w/index.php?title=උදයගිරි_රජ_මහා_විහාරය&oldid=399539" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි