හොට් චොකලට් (පානය)

(උණුසුම් චොකලට් වෙතින් යළි-යොමු කරන ලදි)

උණුසුම් චොකලට් (උණුසුම් කොකෝවා හෝ කොකෝවා චොකලට් කිරි හෝ ප්‍රංශ බසින් කැෆියු චොකලා ලෙසත් හදුන්වයි) යනු නියමානුකූලව ගාන ලද චොකලට්, උනු කරන ලද චොකලට් හෝ කොකෝවා කුඩු, රත්කල කිරි හෝ ජලය සහ සීනි අඩංගු වන උණුසුම් කළ පානයකි. පානීය චොකලට් උණුසුම් චොකලට්වලට සමාන වුවත් එය සාදනු ලබන්නේ උණු කළ, ගාන ලද චොකලට් හෝ චොකලට් මිශ්‍රණයකින්ය. එසේම සාමාන්‍යයෙන් එය ජලයේ දියවන කුඩුකළ මිශ්‍රණය තරම් රසවත් නැත.

විප්ඩ් ක්‍රීම්,කොකෝවා කුඩු, සහ මාශ්මෙලෝස් සහිත උණුසුම් චොකලට් කෝප්පයක්

පලමු චොකලට් පානය මායාවරුන් විසින් වසර දෙදහසකට පමණ පෙර නිර්මාණය කළ බවත්, කොකෝවා පානයක් 1400 දී පමණ Aztec සංස්කෘතිය තුල අත්‍යවශ්‍ය අංගයක් වූ බවත් විශ්වාස කෙරෙනවා. නව ලොව, මෙක්සිකෝවෙන් හදුන්වා දීමෙන් පසුව පානය යුරෝපය තුල ජනප්‍රිය වූ අතර එතැන් පටන් වෙනස්කම් සමූහයක් සිදු විය. 19 වන සියවස දක්වා උණුසුම් චොකලට් උදර රෝග සදහා ‍ඖෂධයක් ලෙස පවා භාවිත කරන ලදී. අද වන විට උණුසුම් චොකලට් ලොව පුරා භාවිත කෙරෙන අතර, ඉතාලියේ භාවිත වන ඉතා ඝන cioccolata densa ඇමරිකාවේ සාමාන්‍යයෙන් භාවිත වන තරමක් මෘදු වූ උණුසුම් කොකෝවා ඇතුලුව විවි‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ධ වෙනස්කම්වලින් පැමිනේ.

ඉතිහාසය සංස්කරණය

ග්වාතමාලාහි, රියෝ අසුල් කැනීම් බිමේ ඇති ක්‍රි.ව. 460-480 යන වකවානුවට අයත් ඉපැරණි මායා සොහොන් බිමක තිබී කොකෝවා යන වචනයට අදාල මායා අක්ෂර සදහන් කල චොක්ලට් පානයක අවශේෂ කෝප්ප හමුවිය. සිසිල්ව පිළිගන්වන ලද චොකලට් පානය සැකසීම සදහා මායාවරුන් කොකෝවා ඇට තලපයක් ලෙස කුඩු කර ජලය, ඉරිගු පිටි, චිලී පෙපර් සහ අනෙකුත් අමුද්‍රව්‍ය සමග මිශ්‍ර කරන ලදි.ඉන් පසු ඔවුන් පානය ඝන පෙණ දමන තුරු කෝප්පයකින් සැලියකට නැවත නැවතත් වත්කරන ලදි.

 
රිදී චොකලට් පෝච්චියක්, ප්‍රංශය,1779,වික්ටෝරියා සහ ඇල්බර්ට් කෞතුකාගාරය, ලන්ඩන්

ධනවතුන් විසිතුරු ලෙස සරසන ලද කෝප්ප වල චොකලට් පනය කලද, මායා වරුන්ගේ සෑම සමාජ පන්තියකටම චොකලට් ලබාගත හැකි විය. පසුව ස්පාඤ්ඤ ජාතිකයන් විසින් චොකලට් ප්‍රධාන ද්‍රව්‍ය වූ වැනිලා සහ අනෙකුත් කුලු බඩු වලින් රසකල සිසිල්ව සැකසූ පානයක් ලෙස chocolatl නම්කරන ලදි. ජනප්‍රවාද වලට අනුව මොන්ටෙසුමාගේ රාජ සභාව xocolatl කෝප්ප 2000ක් දිනකට පානය කල අතර ඉන් 50ක්ම මොන්ටෙසුමා විසින් පානය කරන ලදි. ඇමරිකානු රටවල ඒ වනවිටත් සීනි නොතිබූ බැවින් xocolatl අමුතු රසවිදනයක් ලෙස සලකන ලදි. නූතන නියම පැනිරසැති උණුසුම් චොකලට් පානය මෙන් නොව, එම පානය සැර හා තිත්ත රසයෙන් යුක්ත විය. xocolatl පලමුවම උණුසුම්ව සැකසීම සම්බන්ධ මූලාශ්‍ර කවදා, කා විසින්ද යන්න පිලිබන්ඩව සපයන තොරතුරු අවුල් සහගතය.

කෙසේ වුවත් 16 වන ශතවර්ෂයේ අගභාගයේදීල පලමුව පේරු රටේද පසුව මෙක්සිකෝවේද ජීවත් වූ ස්පාඤ්ඤ ජේසුට් ධර්ම දූතයකු වූ ජෝස් ද අකොස්තා විසින් xocolatl පහත පරිදි හදුන්වන ලදි. අප්‍රසන්න රසයක් සහිත යොදයක් හෝ පෙන සහිත එහි නුපුරුදු පිලිකුල් සහගත බවක් ඇත. තම රට හරහා යන වංශවත් මිනිසුන් පිනවීමට එම පානය යොදාගන්නා ඉන්දියානුවන් අතර තවමත් එය උතුම් පානයකි. රටටම හුරු වූ ස්පාඤ්ඤ ජාතික පිරිමි සහ ගැහැණු යන දෙපාර්ශවයම මෙම චොකලට් වලට මහත් ගිජු කමක් දක්වයි. සමහරක් උණු, සමහරක් සිසිල්, සමහරක් මධ්‍යස්ථ සහ ඒ අනුව මිරිස් යොදා විවිධ වර්ග සාදන බව ඔවුන් පවසයි, එලෙසින් ඔවුන් උදරයට සහ පීනස් රෝගයට ගුණ මිශ්‍රනය සාදනු ලබනව.

යුරෝපානු අනුවර්තනය සංස්කරණය

 
18වන සියවසේ Chantilly Pocelain චොකලට් කෝප්පයක්

මොන්ටෙසුමාගේ රණශූරයන් පැරදවීම සහ ... වංශවතුන් බාරදුන් වස්තුව ලබාගැනීමෙන් පසු 1528 දී කොකෝවා ඇට සහ චොකලට් සාදන උපකරණ රැගෙන ... නැවත ස්පාඤ්ඤයට පැමිණියේය. මෙම අවස්ථාව වන විට, තවමත් මායාවරුන් සොයාගත් තිත්ත රසැති පානය ලෙස පමණක් චොකලට් පැවතින. ඒ වනවිටත් පැණි රසැති උණුසුම් චොකලට් සහ චොකලට් බාර් සොයාගැනීමට ආසන්නව පැවතින. යුරෝපයට හදුන්වා දීමෙන් පසුව එම පානය ක්‍රමයෙන් එහි ප්‍රසිද්ධිය අත්පත් කර ගන්නා ලදි. පස්වන චාර්ල්ස් රජුගේ රාජ සභාව විසින් පානය සම්මත කර එතැන් පටන් චොකලට් ලෙස නම් කරන ලද අතර පානය ස්පාඤ්ඤ ඉහල පන්ති තුල ප්‍රසිද්ධ විලාසිතාගත පානයක් බවට පත් විය. ඊට අමතරව ස්පාඤ්ඤ රජ පවුලේ සාමාජිකයන් වෙනත් යුරෝපා වංශවතුන් සමග විවාහ වන විට කොකෝවා දෑවැද්දක් ලෙස පිරිනමන ලදි. දකුණු ඇමරිකාව තුල පමණක් කොකෝවා ඇට වැඩුන බැවින් ඒ වන විට යුරෝපය තුල චොකලට් ඉතා මිළ අධික විය. 17 වන ශත වර්ෂයේ සිට චොකලට් යුරෝපානු වංශවත් බවේ සුඛෝපබෝගී අංගයක් බවට පත් කරමින් පැණි රසැති උණුසුම් චොකලට් සාදන ලදි.1657 දී, පළමු චොකලට් නිවස විවෘත කලත්, ඒ වන විටත් චොකලට් පැන්ස 50 සිට 75 (ආසන්න වශයෙන් සිලිං 10-15 අතර ) ඉතා මිල අධික විය.

භෞත චිකිත්සකවරුන්ගේ රාජකීය විද්‍යාලයේ සභාපති හෑන්ස් ස්ලෝන් පසුගිය 17 වන ශතවර්ෂයේදී ජැමෙයිකාවට ගියේය. එහිදී ඔහු චොකලට් කෑමට උත්සහ කල අතර එය පිළිකුල් සහගත ලෙස සිතූ නමුත් එය කිරි සමග මිශ්රකළ විට ඉතා රසවත් බව සොයා ගත්තේය.ඔහු නැවත එංගලන්තයට යන විට කිරි චොකලට් යුරෝපයට හදුන්වාදීම සදහා වට්ටෝරුව රැගෙන ගියේය.

1828 දී පළමු කොකෝවා කුඩු උත්පාදනය කිරීමේ යන්ත්රකය කොන්රාඩ් ජොහැන්ස් වෑන් හෝටන් විසින් නෙදර්ලන්තයේදී වැඩිදියුණු කරන ලදී. පීඩනය යෙදීමෙන් කොකෝවා ඇට මගින් කොකෝවා බටර් වෙන්කර ගන්නා අතර ඉතා පිරිසිදු සාරවත් කොකෝවා කුඩු ඉතිරි වේ.මෙම කුඩු බොහෝ සෙයින් අද භාවිතාවන ක්ෂණික කොකෝවා කුඩුවලට සමානවන අතර පහයුවෙන් කිරි හා වතුරේ දිය කළ හැක.එමෙන් ම ඉතා වැදගත් සොයා ගැනීමක් වන ඝන චොකලට් සදහා ද මග පෙන්වීය.ඉන්පසු කොකෝවා කුඩු හා කොකෝවා බටර් සුඵ

පාරිභාෂික ශබ්ද මාලාව සංස්කරණය

ඇමරිකාණුවන් උණුසුම් චොකලට් සහ උණුසුම් කොකෝවා යන වචන මාරුවෙන් මාරුවට භාවිත කරති. අනෙකුත් තැන් වල, අඹරන ලද කොකෝවා ඇට වලින් කොකෝවා බටර් ඉවත් කර ලබාගන්නා කුඩු වලින් සාදන උණුසුම් කොකෝවා සහ කෙලින් ම කොකෝවා, සීනි සහ කොකෝවා බටර් අඩංගු චොකලට් බාර් වලින් සාදන උණුසුම් චොකලට් අතර වෙනස් කම් ඇති බව සලකයි. එලෙසින් දෙක අතර ප්‍රධාන වෙනස වන්නේ චොකලට් තුල හමුවන ඔක්සිහාරක එලෙසින් ම රැක ගන්නා අතරම උණුසුම් කොකෝවා බටර් නොමැති වීමෙන් උණුසුම් චොකලට් වලට වඩා මේදය පැහැදිලිවම අඩු වීමයි. උණුසුම් චොකලට්, කළු චොකලට් හෝ අර්ධ පැණිරස චොකලට් හෝ තිත්ත/ පැණිරස මිශ්‍ර චොකලට් කෑලි වලට කපා, සීනි මිශ්‍ර කිරි වල කැලතීමෙන් සදාගත හැකිය. කිරි පිටි සහ අනෙකුත් කිරි ආශ්‍රිත නිෂ්පාදන වල ඇමරිකාන කෘත්‍රිම උණුසුම් කොකෝවා කුඩු අන්තර් ගත වන බැවින් එය කිරි භාවිතයට නොගෙන ම සාදාගත හැකිය. බ්‍රිතාන්‍යයේ උණුසුම් චොකලට් යනු උණුසුම් කිරි හෝ ජලය, චොකලට් මිශ්‍ර කුඩු, සීනි සහ කිරි පිටි යොදා සාදන පැණි රසැති පානයකි. සාමාන්‍යයෙන් කොකෝවා යන්නෙන් ඇඟවෙන්නේ උණු කිරි සහ කොකෝවා කුඩු වලින් සදා පසු සීනි යොදා රසකරන පානයකට සමාන දෙයකි.

භාවිතය සංස්කරණය

අද දිනවල පානීය චොකලට් හෝ කොකෝවා ආකාරයෙන් පවතින උණුසුම් චොකලට් පහසු ආහාරයන් ලෙස සලකන අතර ලොව බොහෝ කොටස් වල බහුලව භාවිත වේ.

උතුරු ඇමරිකාව සංස්කරණය

ඇමරිකා එක්සත් ජනපදය තුල මෙම පානය ප්‍රධාන වශයෙන් කොකෝවා කුඩු, සීනි සහ වියලි කිරිපිටි සහිත පැකට්ටුවක් උණු ජලයට හෝ කිරිවලට යොදා සාදන කෘත්‍රිමක ක්‍රමයට ප්‍රකටය. මෙය ප්‍රධාන වෙනස්කම් දෙක අතරින් තුනී/උකුබවින් අඩු ආකාරයයි. මෙය ඉතා රසවත් වන අතර උඩින් මාශ්මෙලෝස්, විප්ඩ් ක්‍රීම් හෝ චොකලට් පෙති කැබැල්ලක් යොදා ඇත. උණුසුම් චොකලට් ප්‍රථමයෙන් උතුරු ඇමරිකාවට ලන්දේසීන් විසින් 17 වන සියවසේ මෑත, ඈත, මධ්‍ය භාගයේදී ගෙන එනු ලැබූවද, මුල් වරට අධිරාජ්‍යවාදීන් විසින් උණුසුම් චොකලට් ප්‍රථම වරට විකිණීම ආරම්භ කරනු ලැබුවේ 1755 කාල වකවානුවේදීය. සාම්ප්‍රදායිකව ඇමරිකා එක්සත් ජනපදය තුල උණුසුම් චොකලට් සිසිල් කාලගුණය, ශීත ඍතුව සහ අතුරුපස සමඟ සම්බන්ධ වුවත් දැන් එය ආහාර වේල් සමඟ පානය කරන්නේ කලාතුරකිනි. මෙක්සිකෝව තුල, උණුසුම් චොකලට් ප්‍රසිද්ධ ජාතික පානයක් ලෙස සලකයි. ඒ හැරුනු විට කෘතිම කුඩු ආකාරයෙන් පවතින මෙක්සිකානු උණුසුම් චොකොලට් අර්ධ පැණි රසැති චොකලට්, කුරුඳු, සීනි සහ වැනිලා වලින් සමන්විතය.

යුරෝපය සංස්කරණය

ඝන කිරීමේ සාධකයක් ලෙස තිරිඟු පිටි වැනි දේ භාවිතා කිරීම හේතුවෙන් යුරෝපා මහා භූමි ප්රය‍‍දේශය තුල (ප්‍රීමධාන වශයෙන් ස්පාඤ්ඤයේ සහ යුරෝපයේ) උණුසුම් චොකලට් සමහර අවස්ථා වලදී පිළිගන්වනු ලබන්නේ ඉතා ඝන ලෙසය. යුරෝපයේ පිළිගන්වනු ලබන විවිධාකාර ඝන උණුසුම් චොකලට් අතර ඉතාලියානු සියෝකෝලාටා චෙන්සා ද වේ.ජර්මානු ප්රිබේද ඉතා ඝන සහ බර ලෙස සලකනු ලැබේ. ස්පාඤ්ඤයේ සාම්ප්රදායික වැඩකරන මිනිසුන්ගේ උදෑසන ආහාරය වන්නේ උණුසුම් චොකලට් සහ churros ය.මේ ආකාරයේ උණුසුම් චොකලට් අතිශයින්ම ඝන විය හැකි අතර ඒවා බොහෝ විට සාන්ද්‍රණය වැඩි උණුසුම් චොකලට් පුඩින් තුල තිබේ. චොකලේඩ්මෙල්ක් ලෙස හදුන්වන උණුසුම් චොකලට් නෙදර්ලන්තයේ නිවෙස්වල හා තේපැන්හල්වල පිළිගන්වනු ලබන ජනප්රිය පානයකි.ප්රංශයේ උණුසුම් චොකලට් උදෑසන ආහාරය වේලාවේදී පිළිගන්වනු ලබන අතර සමහර අවස්ථා වලදී බටර්,ජෑම්,මී පැණි හෝ Nutella අතුරන ලද පෙති කැපූ ප්රංශ පාන් හෝ පියන්රෝල් උණුසුම් චොකලට් තුල පොගවනු ලැබේ.එමෙන්ම විශේෂයෙන් සකස් කරන ලද බනානියා වැනි උණුසුම් චොකලට් වර්ග ඇත. තවදුරටත් විවිධ ප්‍රභේද ඇත.බෙල්ජියමේ හා යුරෝපයේ අනෙකුත් ප්ර්දේශවල ඇතැම් තේපැන්හල්වල "වෝම් චොකලේට්" හෝ " චොකලට් චවුට්" ඇනවුම් කරන පුද්ගලයෙකුට දුම් දමන සුදු කිරි කෝප්පයක් හා කිරි බදුන තුල දියකර හැරීමට මිශ්රාස්වාදය ඇති චොකලට් කැබලි ලැබේ.බොහෝ විට අනර්ඝ උණුසුම් චොකලට් demitasse කෝප්ප වල පිළිගන්වනු ලැබේ.


සෞඛ්‍යය සංස්කරණය

සාමාන්‍යයෙන් උනුසුම් චොකලට් සතුට සදහා භාවිත කළද උණුසුම් චොකලට් පානය හා බැදුනු සෞඛ්‍යය ප්‍රතිලාභ කිහිපයක් පවතී.2003 දී කෝර්නෙල් විශ්ව විද්‍යාලය මගින් කරනලද අධ්‍යයනයකින් කොකෝවා තුල පිලිකා වැලැක්විය හැකි ඔක්සිහාරක විශාල ප්‍රමාණයක් අඩංගු වන බව සොයා ගන්නා ලදි.එලෙසම කොකෝවා ඇට ආහාර ජීරනයට උපකාර වනබව සාක්ෂි සහිතව පෙන්වා ඇත.16 සිට 19 දක්වා ශතවර්ශ වලදී උණුසුම් චොකලට් පානයක් ලෙස මෙන්ම ඖෂධයක් ලෙසද වටිනා කමකින් යුක්ත විය. ගවේශක ෆ්‍රැන්සිස්කෝ හර්නන්ඩස්, චොකලට් ආහාර උණට සහ අක්මාවේ රෝන් සුවකිරීමට උපකාර වන බව ලියා ඇත. තවද ගවේශකයකු වන සැන්ටියාගෝ වැල්වර්ඩෙ ටුරිසස්, විශාල ප්‍රමාණ වලින් උණුසුම් චොකලට් භාවිත කිරීම පපුවේ ආබාධ සුව කිරීමට උපකාර වන නමුත් සුලු ප්‍රමාණයකින් භාවිත කිරීම උදරාබාධ සුවකිරීමට උපකාර වන බව විශ්වාස කරන ලදි.17 වන ශතවර්ශයේදී චොකලට් ප්‍රංශයට හදුන්වා දුන් විට, එය දැඩි කෝපය හා අප්‍රසන්න මනෝභවයන්ට එරෙහිව සටන් කිරීමට වාර්තාගත ලෙස භාවිත කරන ලද අතර, එය චොකලට්වලට phenylethylamine අන්තර්ගතය නිසා උරුම වූ දෙයක් වියහැක. වර්තමානයේ උණුසුම් චොකලට් අවුශධයක් ලෙසට වඩා සතුට සදහා භාවිත කලද නව සමීක්ෂණ සදහන් කරනුයේ එය හා බැදුනු ප්‍රතිලාභ තිබියහැකි බව‍ය. අනෙක් අතට බලන විට උණුසුම් චොකලට් පානයේ අහිතකර බලපෑම් කිහිපයක්ද පැවතිය හැකිය. උණුසුම් චොකලට් වල සීනි ඉහළ ප්‍රමාණයක් පවතී.

ප්‍රතිලාභ සංස්කරණය

උණුසුම් චොකලට් භාවිතය යමකුගේ සෞඛ්‍යයට හිතකර වීමට ඉඩ ඇතිබව සමීක්‍ෂණ මගින් පෙන්වා ඇත. උණුසුම් චොකලට් තුල වයින් හා තේ වලට වඩා ඔක්සිහාරක අඩන්ගු වන බැවින් එය හදවත් රෝග ඇතිවීමේ අවදානම අඩු කරන බව කෝනල් විශ්ව විද්‍යාලය මගින් සිදුකරන ලද පරීක්ෂණයකින් පෙන්වා දී ඇත. රතු වයින් තුළ ඇති GAE මිලිග්‍රෑම් 340 සහ ECE මිලිග්‍රෑම් 163 ද ග්‍රීන් ටී තුල ඇති GAE මිලිග්‍රෑම් 165 සහ ECE මිලිග්‍රෑම් 47 සමග සසදන විට එක් කොකෝවා පරිභෝජනයක GAE වලට සමාන ගැලික් අම්ලය මිලිග්‍රෑම් 614 සහ ECE වලට සමාන ඇපිකැටචින් මිලිග්‍රෑම් 564 ක් අඩංගු වන බව පර්යේෂකයන් විසින් සොයාගන්නා ලදි. පානය රත්කර ඇති විට ඔක්සිහාරක විශාල ප්‍රමාණයක් නිකුත් කරන බව කෝනල් හි පරියේෂක, මහාචාර්ය චෑන් යොන් ලී අනාවරනය කරන ලදි. උණුසුම් චොකලට් සෑදීමට ගන්න කොකෝවා තුල හමුවන ෆ්ලේවනොයිඩ ධමනි සම්බන්ධ සෞඛ්‍යයට යහපත් බලපෑම්ද ඇතිකරයි. ෆ්ලේවනෝල බහුල චොකලට් පානයක් ගැනීමෙන් පසුව රුධිර සන්සරණයේ ඉහල වර්ධනයක් ඇතිවන බව සෞඛ්‍ය ආධාර ජාතික ආයතනය සහ මාර්ස් සිදුකරන ලද අඬ්‍යයනයකින් පෙන්වා ඇත.එම අඬ්‍යනයේදී පර්යේෂණයට ලක්වූවන් (වයස 18 සිට 72 දක්වා වූ පුද්ගලයින් 27 දෙනෙක්) ෆ්ලේවනෝල මිලිග්‍රෑම් 900 ක් අඩංගු කොකෝවා පානය සෑම දිනකම පානය කළ අතර එය ඔවුන්ගේ රුධිර සංසරණය හා රුධිර නාල අභ්‍යන්තර සෛල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට හේතු විය. ෆ්ලෙවනෝල රුධිර නාල පළල් වීමට හා පට්ටිකා රුධිර නාල බිත්ති වල කැටිගෙසීම වැලැක්වීමට උපකාර විය හැකි බව, බ්‍රිඟ්හැම් සහ කාන්තා රෝහලේ සහ හාවර්ඩ් වෛද්‍ය පාසලේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය, වෛද්‍ය නෝර්මන් කේ. හොලන්බර්ග් විසින් සොයාගන්නා ලදි. උණුසුම් චොකලට් වල හමුවන ෆ්ලෙවනෝල ප්‍රධාන වශයෙන්ම රුධිර නාලිකා බිත්ති ආරක්ෂා කරන බැවින් ඒවා සෞඛ්‍යයට හිතකරය. ෆ්ලෙවනෝල කන්තුක වාහිනී සෞඛ්‍යයට උපකාර වන ලෙස රුධිර පට්ටිකා ස්ථාපනය වැලැක්වීමට සහ ඊකොසොනොයිඩ නැමති සන්යෝග මට්ටම පාලනයට උපකාර වන බව විශ්වාස කෙරේ.

අවදානම සංස්කරණය

උණුසුම් චොකලට් පානයට අහිතකර බලපෑම් කිහිපයක්ද බැදී තිබිය හැක. අවදානමේ ස්වභාවය හා දරුණුබව විවිධ උණුසුම් චොකලට් වර්ග අතර වෙනස් වේ. කිරිවලින් සාදන උණුසුම් චොකලට් තුළත් ස්වභාවයෙන් හමුවන සීනි වර්ග පවතී. සකසන ලද කොකෝවා කුඩු තුල අමතර සීනි වර්ග පවතී. සමහරක් වර්ග වලත් හයිඩ්‍රජනීකෘත තෙල් හා මේද අඩංගු වන අතර බොහෝමයක් පොල් සෑදූ ඒවාය. වර්ගය අනුව අවුන්ස 8 ක කෝපි කෝප්පයක කැෆේන් මිලිග්‍රෑම් 133ක් අඩංගු වන අතර අවුන්ස 8ක උණුසුම් චොකලට් කෝප්පයක කැෆේන් මිලිග්‍රෑම් 9 ක් අඩංඟු වන බැවින් කොකෝවා වල කැෆේන් ඉතා කුඩා ප්‍රමාණයක් හමුවීම සැලකිල්ලට ගැනීමට හැකිය. එසේ බලන විට කැෆේන් උණුසුම් චොකලට් හා බැදුනු එතරම් ප්‍රධාන ගැටලුවක් නොවේ.

"https://si.wikipedia.org/w/index.php?title=හොට්_චොකලට්_(පානය)&oldid=214926" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි