උඩුගහපත්තුව
මෙම ලිපිය කිසිදු මූලාශ්රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "උඩුගහපත්තුව" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
රයිගම් උඩුගහ පත්තුව රයිගම් කෝරළයේ පත්තු හයෙන් එකකි. වත්මන් ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රෙද්ශය අයත්වේ. මෙම අතීතපාලන ඒකකයට මෙම නම හිමිව ඇත්තේ අතීතයේ රයිගම් කෝරළය පාලනය කළා යැයි සැළකෙන සූරිය ගුප්ථ හා මයුරවතී දෙවිය විසින් වාර්ෂිකව පවත්වන ලද අං කෙලියක් නිසා යැයි කියවේ. එවකට උඩුපිල නියෝජනය කළ පිරිස් රැස්වූ නුග ගස උඩු ගහ ලෙස හැදින්විය පසුව ඒ ගසින් උඩහා පලාත උඩුගහ පත්තුව විය. යටි පිලේ පිරිස් රැස්වූ කුඹක් ගස පැවති පත්තුව කුඹකේ පත්තුව වූ බව ජනශ්‍රැතියේ එයි.
අතීත සිංහලේ දේශය පරිපාලන අතින් පලාත් හතරකට බෙදී පැවතිනි. ඒ රුහුණු, මායා, පිහිටි, මළය ලෙසිනි. මායා රටට අයත් කෝරළ අතර රයිගම් කෝරළය ප්‍රමුඛ තැනක් ගනී. අප රයිගම් කෝරළයට පත්තු 6කි.
1. රයිගම් උඩුගහ පත්තුව
2. රයිගම් කුඹුක පත්තුව
3. රයිගම් අධිකාරී පත්තුව
4. රයිගම් තල්පිටිබද්ද පත්තුව
5. පානදුර තොරමුණ පත්තුව
6. මුන්වත්තේ බාගේ පත්තුව
මේ අතරින් රයිගම් උඩගහ පත්තුව වනාහී උතුරෙන් හේවාගම් කෝරළයටත්, නැගෙනහිරෙන් සබරගොමුවටත්, දකුණෙන් කාල නදිය හා පස්ටදුන්ත් කොරළයටත්, බස්නාහිරෙන් රයිගම් කුඹුකේ පත්තුවටත් මායිම්ව පවතිනවා.
වර්තමාන බෙදීම් අනුව රයිගම් උඩුගහ පත්තුව වනාහී ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට බෙහෙයින්ම සමානවේ.
උඩුගහපත්තුවේ වත්මන් ප්‍රධාන නගරය ඉංගිරිය නගරයයි. අතීතයේ නම්බපාන, ඇදුරාගල, හඳපාන්ගොඩ, කුරණ, පැල්පිටිගොඩ ප්‍රදේශවල දියුණු ජනාවාස පැවති බවට ජනශ්‍රැති තොරතුරු ලැබේ.
මූලාශ්‍ර- ත්‍රි සංහලේ කඩයිම් පොත, ආරියරත්න ජේ.ටී - අසිරිමත් රයිගම, ආරියරත්න ජේ.ටී උඩුගහ පත්තු විත්ති