උජමා යනු, 1961දී බ්‍රිතාන්‍යය වෙතින් එය නිදහස දිනා ගැනුමෙන් පසුව ටැන්සානියාවේ ක්‍රියාත්මක වූ ජූලියස් නියරේරෙගේ සමාජ සහ ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සඳහා පදනම සැපයූ සංකල්පයයි. අප්‍රිකානු-ඇමරිකානු ක්වාන්සා උත්සවයෙහි මූලධර්ම හතෙන් එකක් ලෙසින්ද එය භාවිතා වීමට පටන්ගෙන ඇත. "එකමුතුව", "ඒකතාව", "එක් විතත පවුලක් ලෙසින් ඔබගේ රටවැසියන් හා සමග එකමුතුවීම " යන අර්ථ එයට ඇත.

ජූලියස් නියරේරෙ

ඉතිහාසය සංස්කරණය

1967දී, ජනාධිපති නියරේරෙ විසින්, අරූෂා ප්‍රකාශනය නම්වූ, ඔහුගේ සංවර්ධන සැලසුම් පිටපත ප්‍රකාශයට පත් කළ අතර, එය තුලින් නියරේරෙ විසින් අප්‍රිකානු සංවර්ධන ආකෘතියක අවශ්‍යතාවය පෙන්වා දෙමින්, අප්‍රිකානු සමාජවාදයට අඩිතාලම දැමිණි.

"https://si.wikipedia.org/w/index.php?title=උජමා&oldid=305592" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි