ඊශ්‍රායෙලයෙහි කාන්තාවෝ

ඊශ්‍රායෙලයෙහි කාන්තාවෝ යනු, 1948 වසරෙහිදී සංස්ථාපනය කරනු ලැබූ ඊශ්‍රායෙල රාජ්‍යයෙහි වෙසෙන හෝ එහි උපන් හෝ කාන්තාවෝ වෙති. ඊශ්‍රායෙලය වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොමැති මුත්, ඊශ්‍රායෙල නිදහස් ප්‍රකාශනය දක්වා සිටින්නේ: “ඊශ්‍රායෙල රාජ්‍යය විසින් (…) ආගම, ජාතිය හෝ ස්ත්‍රී-පුරුෂ භාවය නොසලකමින් එහි සියළු වැසියනට සම්පූර්ණයෙන් සමාන සමාජීය සහ දේශපාලන අයිතිවාසිකම් ලැබීම පිළිබඳ සහතික වෙයි” යනුවෙනි.

ඊශ්‍රායෙලයෙහි කාන්තාවෝ
ලිංගික අසමානතා දර්ශකය
අගය0.144 (2012)
අනුස්ථිතිය25වන
මාතෘ මර්ත්‍යතාව (100,000 ට)7 (2008)
පාර්ලිමේන්තුවේ කාන්තාවෝ26.7% (2016)
ද්වීතියික අධ්‍යාපනය ලැබූ වයස 25 ට වැඩි කාන්තාවෝ82.7% (2010)
කම්කරු සේවයේ කාන්තාවෝ64.2%, සේවා නියුක්ති අනුපාතිකය, 2014, ඕඊසීඩී වෙතින් ලද දත්ත[1]
ගෝලීය ලිංග පරතර දර්ශකය[2]
අගය0.7032 (2013)
අනුස්ථිතිය136 අතුරින් 53වන

සේවා නියුක්තිය සහ වැටුප් අරභයා ස්ත්‍රී-පුරුෂ භාවය පදනම් කර ගනිමින් වෙනස්කම් කිරීම ඊශ්‍රායෙල නීතිය අනුව තහනම් වන අතර, පන්ති ක්‍රියාමාර්ග නඩු පැවරීමට අවස්ථා සලසා දෙයි; මෙසේවුවද, පුරුෂයන් සහ කාන්තාවන් අතර සැලකිය යුතු වැටුප් විෂමතා පවතින බවට දෝෂාරෝපණ පවතියි. [3] සේවාස්ථානයෙහි කාන්තාවන්ගේ සහභාගිත්වය අනුව සැලකීමේදී සංවර්ධිත ජාතීන් 59 ක් අතුරින් එකොළොස්වන අනුස්ථිතිය ලැබුමට 2012 වසරෙහිදී ඊශ්‍රායෙලය සමත් විය. එම සමීක්ෂණය තුලදීම, කාන්තාවන් විසින් විධායක තනතුරු දැරීමෙහි අනුපාතිකය සැලකිල්ලට ගැනීමේදී 24වන අනුස්ථිතිය ලැබුමට ඊශ්‍රායෙලය සමත් විය.[4]

කාන්තා අයිතිවාසිකම් සංස්කරණය

 
ඊශ්‍රායෙල ගුවන් හමුදා පියාසැරි පාඨමාලාව හැදෑරූ උපාධිධාරිනියෝ

ඊශ්‍රායෙල රාජ්‍යය තැනීමට පෙරදී පවා, පසුව ඊශ්‍රායෙලය බවට පත්වූ භූමියෙහි කාන්තාවෝ කාන්තා අයිතිවාසිකම් සඳහා අරගල කල අතර නව යිෂූෆ් හී කාන්තාවන් මෙයට නිදසුනක් වශයෙන් දැක්විය හැක. යිෂූෆ් යන පදයෙන් අදහස් වන්නේ ඊශ්‍රායෙල රාජ්‍යය සංස්ථාපනය කිරීමට පෙරදී පලස්තීනයෙහි ජීවත්වූ යුදෙවු වැසියන් වන අතර, නව යිෂූෆ් යන්නෙන් අදහස් වන්නේ 1860 ගණන් වලදී පැරණි නගරයෙහි ජෙරුසලෙම ප්‍රාකාරයට පිටතින් නිවෙස් තැනීම ඇරඹූ අයවළුන් වෙති. 1919 වසරෙහිදී, නව යිෂූෆ් හී පළමු දේශව්‍යාප්ත කාන්තා පක්ෂය (සමාන අයිතිවාසිකම් සඳහා එරෙට්ස් ඊශ්‍රායෙලයෙහි හෙබ්‍රෙව් කාන්තාවන්ගේ සංගමය) සංස්ථාපනය කෙරුණු අතර, එම වසරෙහිදී එය වෙතට සංක්‍රමණය වූ රෝසා වෙල්ට්-ස්ට්‍රවුස් එහි නායිකාව වශයෙන් පත් කෙරුණු ලදුව ඇයගේ මරණය දක්වා එම තනතුර දැරුවාය.[5][6][7][8] 1926 වසරෙහිදී ජනමත විමසුමකට මුහුණදීමෙහි හැකියාවට මගහැරීම රිසිවූ හරෙදිම් සමූහය විසින්, යිෂූෆ් හී නියෝජිත මන්ත්‍රණ සභාවෙන් ඉවත්ව ගිය අතර, එම වසරෙහිදීම නිල ප්‍රකාශයක් නිකුත් කෙරුණේ (1927 වසරෙහිදී අනුගම්‍ය රජය විසින් අපරානුමත කෙරුණේ) " යිෂූෆ් හී දිවි පෙවෙතෙහි සමස්ත ආකාරයෙහිදී කාන්තාවන් සඳහා සමාන අයිතිවාසිකම් - සිවිල්, දේශපාලන සහ, ආර්ථික" සහතික කෙරෙන බවය.[9]

ගෝල්ඩා මෙයර් යටතෙහි කාන්තා අග්‍රාමාත්‍යවරියකගේ නායකත්වය යටතට පත්වූ තෙවන රට බවට ඊශ්‍රායෙලය පත්වූ අතර, 2010 වසර වන විට, ඊශ්‍රායෙලයෙහි පාර්ලිමේන්තු නියෝජනයෙහි කාන්තා සහභාගිත්වය සියයට 18 ක් වෙමින්, අරාබි ලෝකයෙහි සාමාන්‍ය අගය වූ සියයට 6 ඉක්මවූ අතර එ.ජ. කොංග්‍රස් මණ්ඩලයෙහි අගය සම කළේය. එනමුදු, එය ස්කැන්ඩිනේවියානු රටවල සාමාන්‍ය අගය වන සියයට 40 ට බෙහෙවින් පහළ පැවතිණි.

ද නෙසට් නමැති ඊශ්‍රායෙල පාර්ලිමේන්තුව විසින්, “කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳ කමිටුව” පිහිටුවන ලද්දේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සලකා බැලීම සඳහාය. මෙම කමිටුවෙහි ගෙන හැර දක්වන ලද පරමාර්ථ වූයේ වෙනස්කම් කිරීම හා කාන්තාවන්ට එරෙහි ප්‍රහාරාත්මක ප්‍රචණ්ඩතාව වැලැක්වීම සහ දේශපාලනයෙහිදී, ජීවිතචක්‍ර සිද්ධීන් තුලදී සහ අධ්‍යාපනයෙහිදී සමානත්මතාවය සඳහා අනුබල දීම විය. 1998 වසරෙහිදී, නෙසට් සභාව විසින් "ලිංගික වද හිංසාව වැලැක්වීම" සඳහා පණතක් සම්මත කරන ලදි.

2013 වසරෙහිදී, ආගමික කටයුතු අමාත්‍යවරයා සහ ප්‍රධාන රබීවරු විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ එම කාන්තාවන් විසින් එසේ කිරීම ඉල්ලා සිටියොත් පමණක් චාරිත්‍රමය ස්නාන උපස්ථායකවරුන් විසින් කාන්තාවන් පරික්ෂා කළ යුතු බවට වන අතර, මික්වේ ස්නානයන්හිදී බලහාත්කාරයෙන් කාන්තාවන් පරීක්ෂා කිරීම මෙයින් නිම කෙරිණි.[10]

ආශ්‍රිත සංස්කරණය

  1. http://stats.oecd.org/Index.aspx?DatasetCode=LFS_SEXAGE_I_R#
  2. "ද ග්ලෝබල් ජෙන්ඩර් ගැප් රිපෝට් 2013" (PDF). ලෝක ආර්ථික සංසදය. pp. 12–13.
  3. 2010 හියුමන් රයිට්ස් රිපෝට්: ඊශ්‍රායෙල් ඇන්ඩ් දි ඔකියුපයිඩ් ටෙරිටරීස්. එ.ජ. රාජ්‍ය දෙපාර්තමේන්තුව. මෙම ලිපිය තුල මෙම මූලාශ්‍රය වෙතින් ලබා ගත් පොදු වසම කරුණු අඩංගු වෙයි.
  4. ලිවොෆ්, ගැඩ් (7 මාර්තු 2012). "ඊශ්‍රායෙල් රෑන්ක්ස් 24ත් ඉන් නම්බර් ඔෆ් විමෙන් එක්සකටිව්ස්". වයිනෙට්නිවුස්. http://www.ynetnews.com/articles/0,7340,L-4199179,00.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 9 මාර්තු 2012. 
  5. "වෙල්ට්-ස්ට්‍රවුස්, රෝසා | ජුවිෂ් විමෙන්ස් ආකයිව්". Jwa.org. සම්ප්‍රවේශය 2015-11-21.
  6. "ජුවිෂ් විමෙන් ඉන් ප්‍රී-ස්ටේට් ඊශ්‍රායෙල්: ලයිෆ් හිස්ට්‍රි, පොලිටික්ස් ඇන්ඩ්, කල්චර්". Books.google.com. 2009-03-15. සම්ප්‍රවේශය 2015-11-21.
  7. "සර්චිං ෆො ද බැනර් ඔෆ් ද හෙබ්‍රෙව් වුමන් - වීක්ස් එන්ඩ් - ඊශ්‍රායෙල් නිවුස් - හැපරෙට්ස් ඊශ්‍රායෙලි නිවුස් සෝර්ස්". Haaretz.com. 2013-04-19. සම්ප්‍රවේශය 2015-11-21.
  8. "සෙකන්ඩ් ආලියා: විමෙන්ස් එක්ස්පීරියන්ස් ඇන්ඩ් දෙයාර් රෝල් ඉන් ද යිෂූෆ් | ජුවිෂ් විමෙන්ස් ආකයිව්". Jwa.org. සම්ප්‍රවේශය 2015-11-21.
  9. "පයනියර්ස් ඇන්ඩ් හෝම්මේකර්ස්: ජුවිෂ් විමෙන් ඉන් ප්‍රී-ස්ටේට් ඊශ්‍රායෙල්". Books.google.com. p. 272. සම්ප්‍රවේශය 2015-11-21.
  10. "එන්ඩ් ටු ෆෝර්ස්ඩ් ඉන්ස්පෙක්ෂන්ස් ෆො විමෙන් ඇන් මික්වේ - ඉන්සයිඩ් ඊශ්‍රායෙල් - නිවුස් - අරුට්ස් ෂෙවා". Israelnationalnews.com. 2013-11-26. සම්ප්‍රවේශය 2015-11-21.