ඊලාම් යුද්ධයේදී සිවිල් ජනතාව ඝාතනය කිරීම

පසුබිම සංස්කරණය

බ්‍රිතාන්‍ය යටත් විජිතවාදි පාලකයින් විසින් ශ්‍රි ලංකාවේ පාලන කටයුතුවලදී මෙන්ම අධ්‍යාපනික, ආර්ථික පාලනය වැනි කටයුතුවලදී ද දෙමළ ජනතාවට වැඩි සැලකිල්ලක් දැක්වූහ. මෙසේ කිරිමට බ්‍රිතාන්‍යයන්ගේ බෙදා වෙන් කොට පාලනය කිරිමේ ප්‍රතිපත්තිය මුල් විය. දෙමළ සුළු ජනතාව සහ සිංහල මහ ජාතිය අතර ප්‍රචණ්ඩකාරි අර්බුදයක් ඉක්මණින් ඇති වීමට හේතු වුයේ එයයි. 1956 දි ඉදිරිපත් කරන ලද සිංහල පමණයි පනත මගින් ඉංග්‍රිසි සහ දෙමළ භාෂාව පාවිච්චි කිරිමේ සාධාරණ අයිතියට සීමාවන් පන වන ලදි. මෙම ක්‍රියාවලියට එරෙහිව දෙමළ ජනතාව දැක්වූ විරෝධතාවලට ප්‍රචණ්ඩකාරි පිරිස්වලින් පහර ඵල්ල විය. මෙවැනි සිද්ධීන් ක්‍රම ක්‍රමයෙන් වැඩි වී 1958 දී ඇති වූ කැරැල්ලක් දක්වා එම තත්ත්වය වර්ධනය විය.

1960 දශකය පුරා පැවති විරෝධතා ව්‍යාපාර සහ ඒවා වැළැක්විමට රජය ගත් ක්‍රියා මාර්ගද දෙපාර්ශවය අතර ද්වේශය වර්ධනය වීමට හේතු විය. 1971 දි දෙමළ සිසුන් ඉලක්ක කර ගත් ප්‍රමිතිකරණ ප්‍රතිපත්තිය සහ වෙනත් සීමාකිරිම් හඳුන්වා දෙන ලදි. එයින් වඩාත් තහවුරු කරන ලද්දේ සිංහල සහ මුස්ලිම් සිසුන්ට පමණක් ඉඩදෙන ක්‍රියා පිළිවෙලකි. මෙහි ප්‍රතිඵලය වූයේ දෙමළ සිසුන් වැඩි පිරිසක් සන්නද්ධ කණ්ඩායම් කරා යොමු විමයි. මෙම නැගී ගෙන එන අංකුර තත්ත්වයන් සම්බන්ධයෙන් පොලීසිය ගත් ක්‍රියාමාර්ගයන්හි ප්‍රතිඵලය වූයේ දෙමළ ජනතාව සහ රජය අතර විරසකය තව තවත් වැඩි වීමයි.

ඉන්පසුව 1977 දී එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණිමෙන් පසු "1977 කැරලි" යන නමින් හැඳින්වෙන කැරළි කීපයක් ඇති වුනි. 1981 දි ප්‍රචණ්ඩකාරි පිරිසක් විසින් ඉතා ප්‍රසිද්ධියක් ඉසිලු යාපනය පුස්තකාලය ගිනි තබන ලදි. 1983 දක්වා ඒ හා සමාන කුඩා පරිමාණයේ ප්‍රචණ්ඩකාරි ක්‍රියාවන් රජයත් හතු පිපෙන්නාක් මෙන් බිහිවු දෙමළ සන්නද්ධ කණ්ඩායම් අතරත් ඇතිවුණි. සැළකිය යුතු සංඛ්‍යාවක් වූ මිනිමැරුම්, පැහැරගෙන යාම්, හිරිහැර කිරිම්, අතුරුදන් කිරිම් පිළිබඳව එම දෙපාර්ශවයට චෝදනා ඵල්ල විය.


කළු ජුලියේ සිදුවීම් සංස්කරණය

කළු ජුලිය ආරම්භ වුයේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් 1982 ජුලි 23 වන දින උතුරේදී හමුදා රථ පෙළකට සැඟවී කරන ලද පහරදීම මුල් කරගෙනය. මෙය දෙමළ කැරලිකරුවන් විසින් පොලිස් නිලධාරීන් හට කරන ලද පහරදීම් පෙළක එක් පහරදීමක් පමණක් විය. මුලින්ම රථ පෙලේ ඉදිරියෙන් ගමන් කරන ලද ජීප් රිය ඉලක්ක කරගෙන බිම් බෝම්බයක් පුපුරවන ලද අතර එයින් අඩුම වශයෙන් සොල්දාදුවන් දෙදෙනෙක් තුවාල ලබන්නට ඇතැයි විශ්වාස කෙරේ. ජීප් රියට පසු පසින් පැමිණි ට්‍රක් රථයේ සිටි සෙබළුන් ජීප් රිය තුළ සිටි පිරිසට ආධාර පිණිස එළියට පැමිණි විගස ඔවුන්ට ස්වයංක්‍රීය ගිනි අවි හා ග්‍රෙනේඩ්වලින් පහර දෙන ලදී. මෙහිදී එක් නිලධාරියෙක් හා සෙසු නිල 12 ක් මරණයට පත් වූ අතර , තවත් දෙදෙනෙක් බරපතල ලෙස තුවාල ලදහ. මුළු මරණ ගණන 15 ක් වූ අතර , එල්.ටී.ටී.ඊ ප්‍රාදේශීය නායකයෙක් වූ කිට්ටු විසින් සැගවී සිට කරන ලද මෙම පහරදීම සංවිධානය කිරීම හා ක්‍රියාත්මක කිරීමේ වගකීම භාර ගන්නා ලදී.


සටහන් සංස්කරණය

Eelam_War_I Civilian_killings