ඉස්ලාමීය ආර්ථික නීති සංග්‍රහ

ඉස්ලාමී නීතිය අනුගමනය කරන්නා වූ ආර්ථික ක්‍රමයන් මෙලෙස හැඳින්විය හැකිය. ඉස්ලාම් නීතිය පවතින හෝ නොපවතින ප්‍රදේශයක ඉස්ලාමීය නීතිය ආර්ථිකමය කටයුතු වලට සම්බන්ධ කිරීම ඉස්ලාමීය ආර්ථිකයක් ලෙස දැක්වීමට ප්‍රමාණවත් වන අතර එය ඉස්ලාමීය ආර්ථිකයක් නිර්මාණය කිරීමකට හෝ ඉස්ලාම් නීතිය අනුව යමින් වියදම් කිරීම ආයෝජනය, පුණ්‍යාධාර දීම වැනි කටයුතු වලට මඟ පෙන්වීමකට හේතු විය හැකිය. බොහෝ විට මෙය ඉස්ලාමීය නීතිය පිළිපදින රාජ්‍යයක් නොවීමට ඉඩ ඇත.


මහ්මඩ් ටෙලකානි සහ මොහොමඩ් බාකීර් අල් සාඩර් වැනි ශියා වියතුන් විසින් පැරණි ක්‍රියාමාර්ගයන් දියුණු කර ඇත. සකට්, ජිස්යා, නිසාබ්, කුම්ස්, ර්බා, රක්ෂණය සහ ප්‍රවේණිය වැනි සිද්ධි සඳහා පමණක් ඉස්ලාමීය රෙගුලාසි බලපැවැත්වීම සිදු නොවන අතර එය පුළුල් ඉස්ලාමීය ජන සමාජයේ පැවතිය යුතු ආර්ථිකමය අභිමථාර්ත සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවීමට රුකුලක් වෙයි. වරප්‍රසාදය නොලත් ජන කොටස් ඔසවා තබන ආර්ථිකයක් මෙයින් විමසා බැලේ. ප්‍රධාන කාර්යයන් වශයෙන් සමාන ලෙස ධනය බෙදී යාම, වෙළදපොලවලින් භාණ්ඩ මිලදී ගන්නන් උපද්‍ර හෝ වගකීම් වලට ආවරණය වීම අවම කිරීම දැක්විය යුතුය. ඉස්ලාමීය සංවිධාන සහ විවිධ කතෘවරුන් මෙය සමාජවාදි සහ ධනවාදි නොවූ ආර්ථික ක්‍රමයක් ලෙස අර්ථකථනයට පෙළඹෙන මුත් මෙය එම ක්‍රම දෙකහිම අවාසි මඟ නොහැරුනු ආර්ථික ක්‍රමයකි.


පසුව සඳහන් කළ ක්‍රියාපිළිවෙත අනුගමනය කිරීමේ අවශ්‍යතාවය සීමා කර ඇති අතර වැඩි ප්‍රමාණ‍යක් ඉස්ලාමීය ප්‍රතිපදාව මත සිදු වේ. උදාහරණයක් ලෙස විශ්වාස කරන්නන් විසින් "සකට්" ගෙවීම. පොළියක් නොමැතිව ණයට ගැනිම හෝ ණයට‍දීම (ර්බා) සහ සමාජ වගකීමක් ලෙස ආයෝජනය දැක්විය හැකිය. වෙනත් ආගම් වල පවතින ආර්ථික පිළිබඳ දෘෂ්ඨිය වෙනස්වන්නේ පොළි රහිත වීමයි. ඊට හේතුව බොහෝ ආගම් පිනට දීම සහ සමාජ වගකීමක් ලෙස ආයෝජනය අගය කිරීමයි. පොලි රහිතව ආයෝජනය වල යෙදීම තහනම් කිරීම ඉස්ලාමීය සමාජවල අනිවාර්යෙන්ම පැතිරී පවතින නමුත් සමහර මධ්‍යස්ථ මතධාරී ඉස්ලාමීය ව්‍යාපාර මෙම අදහස ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ ඉස්ලාම් ධර්මය සාමාන්‍යයෙන් නූතන ලෞකික ආශා හා නීති සමඟ ගැළපෙන බවයි.


Islamic_economics