ඉස්ලාම් - ජන විකාශණය

2007 වසරේ වාර්තා වූ පරිදි අනුමාන වශයෙන් මුස්ලිම් ජනගහනය බිලියන 1 සිට 1.8 දක්වා වෙනස් වේ. ඒයින් 85%ක් සුන්නි මුස්ලිම්වරු වන අතර 15% ෂිආ මුස්ලිම්වරු වේ. මුස්ලිම් ප්රජාව බහුතරය වන රටවල් 30-40ක පමණ වන අතර ලොව පුරා අරාබික ප්රජාව 20%ක් පමණ වේ. දකුණු ආසියාවේ සහ ගිණිකොනදිග ආසියාවේ සුප්රසිද්ධ මුස්ලිම් රටවල් ගහණය. ඉන්දුනීසියාව, පකිස්ථානය, ඉන්දියාව හා බංගලාදේශය මින් ප්රධානය.එක්සත් ජනපද රාජ්ය දත්ත අනුව 2006 වසරේ මිලියන 20ක මුස්ලිම් ප්රජාවක් චීනයේ සිටින ලදී. තුර්කිය සහ ඉරානය වැඩිම මුස්ලිම් ප්රජාවක් වෙසෙන මැද පෙරදිග අරාබීය නොවන රටවල් වන අතර, ඊජිප්තුව සහ නයිජීරියාව වඩාත් ප්රසිද්ධ මුස්ලිම් ප්රජාවන් වෙසෙන අප්රිකානු රටවල් වේ. බොහෝ යුරෝපීය රටවල ක්රිස්තියානි ආගමට පසුව දෙවන බහුතරයක් අදහනුයේ ඉස්ලාම් දහමයි.

"https://si.wikipedia.org/w/index.php?title=ඉස්ලාම්_-_ජන_විකාශණය&oldid=104008" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි