ඉස්ලාම් යනු
ඉස්ලාම් (අරාබි : الإسلام; අල්-ඉස්ලාම්) යනු මුහම්මද් නැමති හත් වන සියවසේ, අරාබීය සහ ආගමික චරිත්යක් වූ ඉස්ලාමීය ශාස්තෘවරයාගේ ඉගැන්වීම් පදනම් කොට ඇරඹි ඒකදේවවදී අබ්රහාමීය ධර්මයකි. ඉස්ලාම් යන වචනයේ අරුත වන්නේ "අවනතිය" නොහොත් මුළුමනින්ම දෙවියන් (අරාබි: الله ; අල්ලාහ්) ට යටත් වීමයි. ඉස්ලාමයේ අනුගාමිකයෙකු, මුස්ලිම්වරයෙකු "අවනත වන්නා (දෙවියන්ට )" ලෙස හඳුන්වයි. මුස්ලිම්වරු බිලියනයක සිට බිලියන 1.8ක් පමණ සිටින අතර, ඉස්ලාමය ක්රිස්තියානු ධර්මයට පසු ලොව විශාලතම ආගම වේ.
මුස්ලිම්වරු විශ්වාස කරනුයේ දෙවියන් අල්-කුරානය දෙවියන්ගේ අවසන් මාර්ගෝපදේශකයා වන මුහම්මද් ට ලබා දුන් බවත්, අල්-කුරානය සහ සුන්නහ්ව (මුහම්මද්ගේ වචන සහ ක්රියා) ඉස්ලාමයේ මූලධර්ම මූලාශ්ර වන බවයි. ඔවුන් මුහම්මද්ව නව ආගමන ආරම්භ කරුවෙකු ලෙස නොසලකන නමුඳු, අබ්රහාම්, මෝසස්, යෙසුස් සහ අනෙක් ඒක දේව වාදී ශාස්තෘවරුන්ගේ මුල් ආගමික දර්ශනය ප්රකෘතිමත් කල පුද්ගලයෙකු ලෙස සලකයි. ඉස්ලාමිය සම්ප්රදායට අනුව, යුදෙව්වරුන් සහ ක්රිස්තියානිවරුන්, දෙවියන් විසින් මෙම ශාස්තෘවරුන්ට ලබා දුන් දේව වැකි, වැකි වෙනස් කිරීමෙන් හෝ වැරදි අර්ථ දැක්වීමකින් හෝ මෙම ආකාර දෙකින්ම විකෘති කර ඇති බව ව්ශ්වාස කෙරේ.
ඉස්ලාමය තුළ නොයෙක් ආගමික වතාවත් පවත්වයි. අනුගාමිකයන් සමන්ය වශයෙන් ඉස්ලාමයේ "කුළුණු පහ", හෙවත් මුස්ලිම්වරු ප්රජාවක් වශයෙන් එක්සේසත් කරන යුතුකම් පහ පිළිපඳිය යුතුය. මෙම "කුළුණු පහ"ට අමතරව, ඉස්ලාමීය නීතිය (ශරියාව ) ජීවිතයේ සහ සමාජයේ සකලාංගවලට අදාළව තීරණ සම්ප්රදායක්ද ගොඩ නඟා ඇත. මෙම සම්ප්රදාය තුළ ආහාර පිලිබඳ නීති සහ බංකු ක්රමයේ සිට යුධෝපක්රම සහ ශුභ සාධනය සහ විවිධ ප්රායෝගික කරුණු සලකා බැලෙයි.
සියලුම මුස්ලිම්වරුන් වාගේ ප්රධාන නිකායන් දෙකක් වන, සුන්නි (85%) සහ ෂිආ (15%) වලින් එකකට අයත් වේ. මෙම නිකාය භේදය ඇති වීමට හේතු පාදක වූයේ හත් වන සියවසේ අග භාගයේ මුස්ලිම් ප්රජාවෙහි දේශපාලනික සහ ආගමික නායකත්වය තුළ ඇති වූ මත භේදයකි. ඉස්ලාමය මද පෙරදිග මෙන්ම අප්රිකාවේ සහ ආසියවේ සමහර පෙදෙස්වල ප්රමුඛ ආගම වේ. චීනය, පෙරදිග යුරෝපයේ බෝල්කන් අර්ධද්වීපයේ සහ රුසියාවේ ද, විශාල මුස්ලිම් ප්රජාවක් දක ගත හැක. තවද, බටහිර යුරෝපය වැනි ලොව අනෙක් කොටස් වලද විශාල වශයෙන් සංක්රමණික මුස්ලිම් ප්රජාවක් දක්නට ලැබේ. මුස්ලිම්වරු 20% පමණ අරාබි රටවලද, 30%ක් ඉන්දීය අර්ධද්වීපයේද, 15.6% ලොව විශාලතම මුස්ලිම් ජනගහනය සිටින ඉන්දුනීසියාවේද ජීවත් වේ.