හොදමුණි ඉයන් ඇලෝසියස් ද සොයිසා ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි.[1]

1952 දෙවන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ද සොයිසා අම්බලන්ගොඩ - බලපිටිය ආසනයේ නියෝජිතයන් දෙදෙනාගෙන් කෙනෙකු ලෙස තේරී පත් විය.[2] ඔහු නැවතත් 1956 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අතර, මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ නමුත් ඔහුගේ ආසනය රඳවා ගැනීමට නොහැකි විය.[3]

පසුව අම්බලන්ගොඩ-බලපිටිය මැතිවරණ කොට්ඨාශය කේවල ආසන දෙකකට බෙදී 1960 මාර්තු මස පැවති 4 වැනි පාර්ලිමේන්තු මැතිවරණයේදී ද සොයිසා අලුතින් නිර්මාණය කරන ලද බලපිටිය ආසනයට නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් විය. ඔහු තේරී පත් වීමට අසමත් වූ අතර ලබා ගත්තේ 24.2% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.[4]

යොමු කිරීම් සංස්කරණය

  1. "Hon. de Zoysa, Hondamuni Ian Aloysious, M.P." Directory of Past Members. Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 24 May 2017.
  2. "Result of Parliamentary General Election 1952" (PDF). Department of Elections, Sri Lanka. සම්ප්‍රවේශය 24 May 2017.[භින්න වූ සබැඳිය]
  3. "Result of Parliamentary General Election 1956" (PDF). Department of Elections, Sri Lanka. සම්ප්‍රවේශය 24 May 2017.[භින්න වූ සබැඳිය]
  4. "Result of Parliamentary General Election 19 March 1960" (PDF). Department of Elections, Sri Lanka. සම්ප්‍රවේශය 24 May 2017.[භින්න වූ සබැඳිය]
"https://si.wikipedia.org/w/index.php?title=ඉයන්_ද_සොයිසා&oldid=548642" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි