ඉන්දුනීසියාවේ සංචාරක ස්ථාන

ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ ගිණිකොන දිග ආසියාවේ පැසිපික් සාගරය අවට කලාපයේය. ඉන්දුනීසියාවට දූපත් 17508 ක් අයත් වේ. මිලියන 230 ක ජනතාවක් වාසය කරනු ලබන ඉන්දුනීසියාව ලෝකයේ ජනගහනය අධික රටවල් අතර සිව්වන ස්ථානයේ පසුවේ. එමෙන්ම ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහනයක් ජීවත් වන රට ලෙස වාර්තා වන්නේද ඉන්දුනීසියාවය.