ඉන්දුනීසියාවෙහි මද්‍යසාරය
ඉන්දුනීසියාවෙහි මද්‍යසාරය යනුවෙන් අදහස් වන්නේ, ඉන්දුනීසියාව යන අග්නිදිග ආසියානු රටෙහි, මද්‍යසාර කර්මාන්තය, මද්‍යසාර පරිභෝජනය සහ මද්‍යසාර ආශ්‍රිත නීති යනාදිය පිළිබඳව කරුණු වෙයි. ඉන්දුනීසියාව යනු මුස්ලිම් බහුතර රටක් වුවද, එය බහුත්වචර්යා, ප්‍රජාතන්ත්‍රවාදී සහ අගාරික දේශයක්ද වෙයි.[1] මෙම සාමාජීය සහ ජනවිකාශ තත්ත්වය නිසා, මද්‍යසාර පරිභෝජනය සහ වෙළෙඳාම සීමා කරන ලෙසට ඉස්ලාමීය-පීඩන කණ්ඩායම් විසින් රජය වෙත බලපෑම් එල්ල කලද, මද්‍යසාර පරිභෝජනය සඳහා මුස්ලිම්-නොවන්නන්ගේ සහ සහමතිය දෙන්නාවූ පොදු වැඩිහිටියෙකුගේ අයිතිවාසිකම් පිළිබඳව සැලකිල්ලෙන් විමසමින් සහ, කිසියම් ආකාරයක මද්‍යසාර තහනමක් විසින් ඉන්දුනීසියානු සංචාරක ව්‍යාපාරයට සහ ආර්ථිකයට ඇතිකරන බලපෑම් ඇස්තමේන්තු කරමින් පවතින ස්ථාවරයක රජය සිටියි.
මද්‍යසාරය පිළිබඳ සම්පූර්ණ තහනමක්ද සහිතව ෂරියා නීති ක්‍රියාත්මක වන දැඩි ඉස්ලාමීය ස්වයංපාලන පළාතක් වන අචේ ප්‍රාන්තය හැරුණු විට, ඉන්දුනීසියාවෙහි දේශය පුරා බලපවත්වන මද්‍යසාර තහනමක් වර්තමානයෙහි නොපවතියි.
ආශ්‍රිත
සංස්කරණය- ^ කොච්රේන්, ජෝ (7 ඔක්තොම්බර් 2009). "වයි ඉන්දුනීසියා ඊස් නොට් අ මුස්ලිම් ඩිමොක්‍රසි". නිවුස්වීක්. http://www.newsweek.com/why-indonesia-not-muslim-democracy-81951. සම්ප්‍රවේශය කෙරුණු දිනය 5 නොවැම්බර් 2015.