ඉන්දිය ඉතිහාසය හැඩගැසීමෙහිලා භූගෝලීය විෂමතාවන්ගේ ස්වභාවය බලපෑ ආකාරය.
ඉන්දිය ඉතිහාසය හැඩගැබ භූගෝලීය විෂමතාවන්ගේ ස්වභාවය බලපෑ ආකාරය. (ක්‍රි.ව. 6 සියවසේ සිට 320 දක්වා) හැදින්වීම÷ පකටා
ඉන්දියාව වූ කලී දකුණු ආසියානු රටකි. භූමි ප්‍රමාණය අතින් ලොව සත්වන තැන ඉන්දියාවට හිමිවෙයි. නූතනයේදී බිලියන 1.18ක ජනගහණයක් සහිත මෙම රට ලොව චීනයට පසුව වැඩිම ජනතාවක් වෙසෙන රට වන අතර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතරින් වැඩිම ජනගහණය සහිත රට ද වෙයි. දකුණෙන් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් අරාබි මුහුදින් ද, නැගෙනහිරින් බෙංගාල බොක්කෙන් ද වටවී ඇති ඉන්දියාව බටහිරින් පකිස්තානයෙන් ද, උතුරින් චීනය, නේපාලය සහ භූතානය යන රටවලින් ද, නැගෙනහිරින් බංගලාදේශයෙන් සහ බුරුමයෙන් ද මායිම් වී ඇත. ඉන්දියන් සාගරයේ පිහිටි ශ්‍රී ලංකාව සහ මාලදිවයින ද ඉන්දියාවට ආසන්න ව පිහිටයි. ඉන්දියාවට අයිති අන්දමන් සහ නිකොබාර් දූපත් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ආසන්නව පිහිටා ඇත. ඉන්දියාව සතුව කිලෝමීටර් 7,517ක මුහුදු තීරයක් පවතියි. අතීතයේ සිටම වෙළෙඳ සහ සංස්කෘතික අතින් දියුණු ප්‍රදේශයක් වූ ඉන්දියානු උප මහාද්වීපය ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, අධිරාජ්‍ය සහ වෙළඳ මාර්ග ගණනාවකට නිජභූමිය විය. හින්දු ආගම, ජෛනාගම, බුද්ධාගම සහ සික දහම යන ප්‍රධාන ආගම් හතරක් ඉන්දියාවේ බිහිවුණ අතර ශරතුස්ත්රෙවාදය, යුදෙව්, ක්රිමස්තියානි සහ ඉස්ලාම් වැනි ආගම් ද බොහෝ කලක සිට පැවතීම මෙහි සංස්කෘතික විවිධත්වය ඇති කිරීමට හේතුවිය. දහඅට වැනි සියවස මුල් භාගයේ දී බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා සමාගම මගින් එක්සත් රාජධානියට අයත් කොලනියක් ලෙස ඈඳා ගන්නා ලද ඉන්දියාව අවිහිංසාවාදී අරගලයකින් පසු 1947 දී නිදහස් රාජ්‍යයක් බවට පත්විය.
අතීත ඉන්දියාව "උතතරං යත් සමුද්රීස්‍ය - හිමාද්රෙජශෛවව දක්ෂිණම්, වෂිං තද් භාරතනනාම - භාරතී යත්ර4 සනනතී" - විෂ්ණු පුරාණ, II-3-1 'මුහුදින් උතුරු දෙසට හිමාලය කඳු වැටියෙන් දකුණු දිගට අයත් දේශය "භාරත" නම් වේ; එහි භරත ගේ පරම්පරාගතයෝ වාසය කරති' ලෙස විෂ්ණු පුරාණයේ සඳහන් වෙතැයි පණ්ඩිත පරවාහැර පඤඤානන්ද ස්වාමීන් වහන්සේ හා ඩී. ඒ. වෙදගේ මහතා විසින් පරිවර්ථනය කරන ලද ඉන්දියා ඉතිහාසය කෘතියේ සඳහන්ය. ඉන්දියා ඉතිහාසය හැදෑරිමෙහිලා ප්‍රධාන වශයෙන් ඉන්දියානු ඉතිහාසය හැඩගැසීම කෙරේ භූගෝලීය බලපෑම පිළිබඳ විවිධ කෘති විවිධ අදහස් පල කරනු ලබයි. එසේම ලංකාවේ ඉතිහාසය හැඩගැසීමටද ඉන්දියාවේ පිහිටීම බලපාන ලද බව ලංකා ඉතිහාසය අධ්‍යයනයේදී පැහැදිලි වන කරුණකි. එසේම ඉන්දියා ඉතිහාසය ගත් කල ආර්යයන්ගෙන් ආරම්භ වූවා යැයි සැලකෙන තැන පටන් එකී අදහස විවාදයට තුඩු දුන් අවස්ථාව දක්වා භූගෝලීය සාධක ඉන්දීය ඉතිහාසය හැඩගැසීමට විශාල බලපෑමක් සිදු කරන ලද බව පෙනී යයි. එසේම ආර්යාගමනයටද මෙකී භූ විෂමතාවන් හේතු වී ඇත. කෙසේ නමුත් විවිධ කෘති අධ්‍යයනයෙන් මෙකී ඉන්දීය ඉතිහාසය හැඩගැසීමෙහිලා භූ භෞතික සාධක හා විෂමතාවන් විවිධාකාරයෙන් බලපා ඇති බව පැහැදිලි වේ. අතීත ඉන්දියාවේ භූ සැකැස්ම ඉන්දියාව හා එය වටකොට ගෙන ඇති අවට රටවල් තුල ඇත්තා වූ සංස්කෘතිය හා සංස්කෘතික අංගයන්හි බොහෝ දුරට සමාන හෙයින් එකී ජාතීන් ඇතැම් විට ඉන්දීය උපමහද්වීපය ලෙස හඳුන්වනු ලබයි. අද ඉන්දීය භූගෝලයට වඩා අතීත ඉන්දියානු භූගෝලය තරමක් වෙනස්ය. ඉන්දියාවෙන් උතුරෙහි හිමාලයා කඳුවැටිය පිහිටා තිබූ අතර වයඹ දිගින් හින්දු කූශ් නැගී සිටින ලදී. ඉන්දියාවෙහි දකුණ සම්පූර්ණ මුහුදු තුනකින් වට වී ඇත. එනම්, නිරිත දෙසින් අරාබි මුහුදත්, දකුණින් ඉන්දියානු සාගරයත්, ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙත් සමගිනි. පුරාණ කාලවලදී ඉන්දියාව තවත් වයඹ දිගට හා බටහිරට ව්‍යාප්ත වී තිබුනි. එනම් නූතන ඇෆ්ගනිස්ථානය හා පකිස්ථානයෙන්ද සමන්විත විය. නූතනය මෙන්ම හිමාලය උතුරු ප්‍රදේශ යටත් කරගෙන සිටියේය. එසේම නූතනය වඩා ගංඟාවන්ද රාශියක් ඉන්දියාවෙහි විය. එයින් වඩා වැදගත්ම ගංඟාව වූයේ නූතනය වන විට සිඳී ගොස් සොයා ගැනීමට නොහැකි සරස්වතී ගංඟාවයි. ඉන්දියානු භූ වීශමතාව වූ කලී සියල්ලෙන් සමන්විත වූවකි. කාන්තාර, කඳු, කැලෑ හා වනාන්තර ආදී සියල්ලෙන් ම එය පිරිපුන්ය. මේ හේතුවෙන් නිශ්චිත කාලයකින් තොරව නියඟ, වැස්ස සහ හදිසි ගංවතුරෙන් ද පීඩා විඳීමට සිදුවෙයි. කෙසේ හෝ මෙවැනි ආන්තික භූ විද්‍ය ලක්ෂණ දැරිය යුතු වුවත් මෙකී අපහසු වූ කොන්දේසින් විශිෂ්ඨ, ශක්තිමත් මුල් ශිෂ්ඨාචාරයකට පාදම සපයන ලදී. ඒ කෙසේද යත්, හිමාලය ඇතුළු කඳු පංතිය සංචරණ හා ආක්‍රමණ වලින් ආරක්ෂාව සැපයූ අතර ඉන්දු නිම්නයේ වූ ජල මාර්ග වාණිජ කටයුතු හා කෘෂි වගාව සඳහා නොනිමි දායකත්වය සපයන ලදී. ඉන්දීය ඉතිහාසය පිළිබඳ භූගෝලීය පසුබිම ගත් කල ඉන්දියානු උප මහාද්වීපය රටවල් හයකින් සමන්විත විය. එනම් ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, නේපාලය, ඉන්දියාව, භූතානය, සහ බංගලාදේශය යන රටවල්ය. මුළු උප මහාද්වීපය පුරාණ කාලයේ "භාරතවර්ශ" හෝ "හින්දුස්ථාන්" ලෙස හඳුන්වන ලදී. 'හින්දුස්ථාන්' යන වචනය සින්දු ගංඟාව නිසා ඇති වන්නට ඇතැයි සැලකෙන අතර මෙම වචනය බටහිර පිරිස් විසින් 'හින්දු' හෝ 'ඉන්දු' ලෙස උච්චාරණය කරන්නට ඇතැයි සැලකේ. ඉන්දියානු ව්‍යවස්ථාව තුල 'ඉන්දියා' යන පදය 'භාරත' ලෙස හැදින්වේ.
භූගෝලීය අංශය පෙර සඳහන් වූ ආකාරයට ඉන්දියාව තුල නිශ්චිත වූ භූගෝලීය සීමාවන් පවතියි. ඒ පිළිබඳව විවිධ මූලාශ්‍ර වල විවිධාකාරයෙන් සඳහන් වේ. අන්තර්ජාලයේ ටියුටෝරියල් පොයින්ට්ස් (www.tutorialspoint.com) වෙබ් පිටුවට අනුව, ඉන්දියාවේ සීමාවන් වූ කලී, උතුරේ හිමාලයත්, පමීර් සානුව හා සුලෛමාන් බටහිරින් හා වයඹ දිගින්ද, නැගෙනහිරින් බෙංගාල බොක්ක හා බටහිර අරාබි මුහුදත්, දකුණින් ඉන්දියානු සාගරයත් විය. මෙකී උපමහද්වීපයේ භූරූපනය ගත් කලී කොටස් තුනක් යටතේ අධ්‍යයනයනය කල හැක. එනම්; හිමාලය, ඉන්දු-ගංඟා-බ්‍රහ්මපුත්‍ර තැනිතලාව හා ඩෙකෑන් සානුව යි. හිමාලය කිලෝමීටර් 2,400 පමණ දිගු (නැගෙනහිර සිට බටහිර දෙසට) වන අතර කිලෝමීටර් 250 සිට 320ක් දක්වා පුළුල් වේ.(උතුරේ සිට දකුණට). හිමාලය නැගෙනහිර මියන්මාරයෙන් පටන් ගෙන බටහිර ඇෆ්ගනිස්ථානය ස්පර්ශ කරයි. හිමාලය තුල උසම කඳු වැටි කිහිපයක් ඇත. ගෞරි ශංකර් හෝ එවරස්ට් නම් කන්ද ලොව උසම කන්දයි. ඉන්දියා ඉතිහාසය හැඩගැසීමෙහිලා හිමාලය ඉතා විශාල බලපෑමක් සිදුකොට ඇත. කෙසේද යත් හිමාලය විසින් උතුරේ සිට විදේශ ආක්‍රමණ වලට එරෙහි බාදකයක් සාදයි. එයින් ඉන්දියාව ආරක්ශිත වන නමුදු ඛයිබර් දුර්ගය හා බෝලන් දුර්ගය පුරාණයේ සිට "ඉන්දියාවට දොරටුව" ලෙස ප්‍රකට විය. ආරක්ශක හිමාලය බිත්තිය ආදිතම කාලයේ සිට අපේ කාලය තෙක් ඉන්දීය සභ්‍යත්වයත් සාමාජික ගොඩනැගිල්ලත් නො කැඩී පැවතීමට ඉවහල් වූ නමුදු, උතුරේ, වයඹ දිග හා ඊශාන දිග පිහිටි විශාල කඳු වැටි වෙනත් රටවල දේශපාලනමය හා සංස්කෘතීය බලපෑම ඉන්දියාවට ගලා ඒම වැලැක්වීමට කිසි කලෙක පිහිටක් නොවීය. ඛයිබර්, බෝලන් හා ගෝමාල් දුර්ග මාර්ගයන්හි බොහෝ ස්වභාවික දුෂ්කරතා ඇති නමුදු ආර්යායන් පටන් අහමද් ෂා අබ්දලි තෙක් කලින් කල ඉන්දියාව ආක්‍රමණය කලවුන්ට පාරක් ඇති කලේය. සංස්කෘතික වූත් ආගමික වූත් සාමකාමී ධර්ම දූතයන් පමණක් නොව යුධ භටයන් ද දිගු කලක් සිට ගමන් කල පාරවල් උතුරේ ටිබෙටයේ සිට නේපාලය දක්වා වැටී ඇත. ඊසානයේ ඇති බුරුමයත්, ඇසෑමයත් අතර මායිම්ව පවත්නා කඳුවැටිය දිගේ ඇති දොරටු කීපයක් මගින් තිබ්බතීය-බර්මානුහුද, අහොමුන් හා බුරුමයෝද, ඇසෑමයට ඇතුළු වූහ. මෙලෙස මෙකී කඳු පංතිය ඉන්දියාව ආරක්ෂා කලා විනා ඉන් මිදීමට මඟක් නොවිය. කෙසේ නමුත් මෙකී කඳු පංතිය හේතුවෙන් ඉන්දියාව අවශේෂ ලෝකයාගෙන් මිදී තනි වූ ප්‍රතිපත්තියකට වඩා ඉන්දියාව ලෝකයා හා ගැටීමට ඇතිකල මඟක් ලෙසද දැක්විය හැක. මෙකී භූගෝලීය විෂමතාව ඉන්දීය ඉතිහාසය හැඩගැසීමෙහිලා සැලකිය යුතු කාර්යයක් ඉටු කරන ලද බව පැහැදිලි වේ. ඉන්දු-ගංඟා-බ්‍රහ්මපුත්‍ර තැනිතලාව හිමාලයට දකුණින් පිහිටා ඇති හෙක්ටයාර් මිලියන 225කට වඩා වැඩි සාරවත් භූමි ප්‍රදේශයක් ආවරණය කරන තැනිතලාවකි. මෙම මහා තැනිතලාව හිමාලයෙන් ජනනය වන ගංඟා වලින් සමන්විතය. මෙහි ප්‍රධාන ගංඟා තුන වන්නේ ඉන්දු, ගංඟා හා බ්‍රහ්මපුත්‍ර යන ගංඟාවන්ය. පුරාණ ගංඟාවක් වූ සරස්වතිය හා එහි අතු ගංඟාවන් තැනිතලා භූමියේ උතුරින් ගලා බසින ලදී. සරස්වතියේ අතු ගංඟාවක් හර්යානා, සන්ජාබ් හා රාජස්ථාන් යන ප්‍රාන්ත හරහා ගලා බසින ලදී. සින්ඳු ගංඟාවේ අතු ගංඟාවන් පහක් ඇත. එනම්, සතුද්රිා, බියස් (විපාසා), රවී (පරුශ්නි), චෙනාබ් (අසික්නි) සහ ජෙළුම් (විතෙස්තා)ය. බ්‍රහ්මපුත්‍ර ඉන්දියාවට ඇතුල් වූ තැන පටන් බ්ර්හ්මපුත්ර ය වූ අතර එය ඇසෑම් හා බෙංගාලය පසු කරමින් නැගෙනහිර ගංඟා මුවදොරට සම්බන්ද විය. ගංඟා නම් ගඟ ගංගෝත්රී හිම කන්දෙන් ජනනය වන අතර ඉන්දියාව හා බංගලාදේශය හරහා ගලා ගොස් බෙංගාල බොක්කෙන් සමුද්‍රන හමුවේ. එසේම මෙකී ගංඟා නම් ගඟ ඉන්දියාවේ අති පූජනීයම ගංඟාවද වේ. ඩෙකෑන් සානුව ඉන්දියානු උප මහද්වීපයේ දකුණු ප්‍රදේශයේ පිහිටා ඇති අතර එය බටහිර සිට නැගෙනහිරට ඇලව ඇත. ‘ඩෙකෑන් සානුව සාමාන්‍ය ආරෝහනය අඩි 2,000 වන නමුත් නැගෙනහිර හා බටහිර ඝාට් කඳු වැටි කරා පැමිණෙන විට උස තවත් වැඩි වී කඳුකරය රට ස්වභාවයක් ගනී. මේ සානුවේ දකුණු කෙළවර වන ඝාට් කඳු වැටි දෙකම එකට සම්භන්ධ වන නිල් ගිරි කඳු ප්‍රදේශය එහි ඉතාම උස් ස්ථානය වේ. එහෙයින් මයිසූර්, සානුවේ සාමාන්යහ ආරෝහනය, ඩෙකෑනයේ අනෙක් ප්ර දේශ වලට වඩා වැඩි වේ.’ ඉන්දියානු අර්ධද්වීපයේ වැදගත් ගංඟාවන් වන ගෝදාවරී, ක්රිිෂ්ණ හා කාවේරි යන ගංඟා ගලා බසින ආකාරය අනූව පෙනී යන්නේ මෙකී සානුවේ බෑවුම ගිනිකොන දිශාවට වැටී ඇති බවකි. සානුව මතුපිට සමතාවය බටහිර ඝාට් වැටියෙන් වූ නේරුම් කිහිපයකින් හා වෙනත් කඳුකර ලක්ෂණ වලින් බිඳී යයි. එයින් විශේෂ වූ කාරණා දෙකකි. එනම්, ‘ගෝදාවරිය හා භූමි නදිය අතර දිය බෙත්ම වන, ආමඩිනගරය පිහිටා ඇති ත්රිවකෝනාකාර සානුව වටකර ගෙන ඇති කඳු වැටි දෙකත්, භීම හා ක්රි්ෂ්ණා යන ගංඟා අතර දිය බෙත්ම සෑදීමට උපකාර වන මසාදේවෝ වැටියත් ය.’ භූ විශමතාව හා ජනාවාසකරණය කෙරේ වූ වැදගත්කම ක්රිිෂ්ණා නදී තීරයේ සිට පෙන්නාර් නිම්නය දක්වා උතුරේ සිට දකුණට වැටී ඇති නල්ලමලයි කඳුවැටිය, චුඩප්පා තිරුවාණ පාෂාණය උඩින් චුඩප්පා පතුරු පාෂාණයෙන් සෑදී තිබේ. එහි සාමාන්ය උස අඩි 2,000 ට අඩු වන නමුත් ඉතාම උස් ආරෝහණය අඩි 3,000ටත් වැඩි වේ. මේ වැටියෙහි සානු කිහිපයක්ම ඇති නමුත් ජලය හිඟ වීම නිසා මේවා ජනාවාස කීරීමට දරන ලද ප්ර්යත්න ව්යා්ර්ථ වී තිබේ. ශ්රී ශෛලමය ජනාවාසව, සමෘද්ධිමත් නගරයක් ව තිබූ බව එහි නෂ්ටාවශේෂ වී ඇති පැරණි නගර, බලකොටු සිද්ධස්ථාන, ජලාශ හා ළිං ආදියෙන් පැහැදිලි වෙයි. නූතනයේ එහි වාසය කරනුයේ චෙන්චු ජාතිකයෝ පමණි. ඩෙකෑන් සානුවේ ගිනිකොන දිග පෙදෙස අනිත් කොටසට වඩා වෙනස් විය. අවට කළුගල් තැන්නෙන් කෙලින්ම නැගී සිටින මේ වටකුරු කඳු ගැට වල ඇති වටිනා කම අදුනාගත් රජවරු යුදෝපක්ර ම සඳහා මෙකී ස්ථාන භාවිතා කරන ලදී. වින්ධ්යා කඳුවැටිය දකුණින් පිහිටි 'ප්රා.දේශික කොට්ඨාස' දෙක එහි භූගෝලීය පිහිටීම නිසා තරමක් තනි වූ සේය. මේ දෙකොටස වින්ධ්යාර කඳුවැටිය නිසා උතුරු ඉන්දියාවෙන් වෙන් කෙරුනි. එහෙත් බොහෝ ඈත අතීතයේ ඉන්දියාවට පැමිණි ආර්යයෝ මේ විශාල උස් වූ කඳුපෙළ නැගිය නොහැකි තරම් උස් වූ බාධකයක් නොවන බව සනාථ කලහ. යම් යම් ප්ර කට හේතුන් නිසා දෙකෑනය තැනිතලාවත් ඈත දක්ෂිණයත් පිළිබඳ ඉතිහාස කථාව ඉන්දියා ඉතිහාසයේ අප්රපධාන ස්ථානයක් ගනී. පළමු කොට වින්ධ්යාෂ යෙන් දකුණට පිහිටි ඉන්දියාව පිළිබඳ ඈත ඉතිහාසය මූලික වශයෙන් ද්රුවිඩයන්ගේ ඉතිහාසය වේ. එහෙත් මේ පිළිබන්ද තොරතුරු සඳහන් මූලාශ්ර බොහෝ නොමැත. දෙවැන්න නම් ස්මිත් පෙන්වා දෙන පරිදි "දක්ෂිණයේ බලයට පත් කිසිවෙක් උතුර නතුකර ගැන්මට කවර කලකවත් උත්සහ දැරිය නොහොත්, එහෙත් ආර්යවර්තය හෙවත් හින්දුස්ථානයේ දික් විජයාභිලාෂීපාලකයෝ නොයෙක් වාරයන්හි නර්මදා මායිමෙන් බොහෝ එ පිටට තමන්ගේ ආධිපත්යලය පතුරුවා ලූ හ." තමන් ලියන්නට යන විශාල රට ගැන ව්යාවකූල වූ කථාවේ යම් විධියෙක එකඟ බවක් ඇති කරනු වස් ඉන්දියා ඉතිහාසඥයාසිය සැලකිල්ල විශාල රාජ්යටයන් හා අධිරාජ්යඑයන් කෙරෙහිම යොමුකල යුතු වේ. එබැවින් ප්රාජදේශික ප්ර මුඛත්වයට වැඩි උසස් බවක් නොලැබු රාජ්යයනට දිය හැක්කේ දෙවෙනි තැනක් පමණි. අරාබි මුහුදින් හමන නිරිත දිග මෝසම් සුළං මාර්ගය හරහා බටහිර ඝාට් කඳුවැටිය පිහිටා තිබීම නිසා එය දෙපස ඇති ප්රිදේශයන්හි වර්ෂාපතනය කෙරේ ලොකු වෙනසක් ඇති කරයි. බටහිරට වර්ෂාපතනය අඟල් 80 පමණ වන විට නැගෙනහිරට වර්ෂාපතනය අඟල් 40ටත් වඩා අඩු වේ. වර්ෂාපතනයෙහි මෙකී වෙනස් වීම වෘක්ෂලතාවන්ට බලපෑම ස්වභාවික කාරණයකි. මෙහියින්, වෙරළබඩ තැන්නට හා ඝාට් වැටියෙහි සුළං මූනතට ලැබෙන විශාල වර්ෂාපතනය හෙයින් විශාල ප්රළමාණයෙන් වටිනා ගස් බොහෝමයක් ඇත. උණ ශාඛය ඉතා සුලභ වන අතර ඊට අමතරව තේක්ක, රෝස්වුඩ්, නා ආදී දැව වර්ග දක්නට ලැබේ. වෙරළබඩ පොල්ගසින් වැසී ඇති අතර පුවක් හා තල් ද ඇත. කුරුඳු හා කරදමුංගු කැලෑවල සශ්රීනකව වැඩේ. මේ ප්ර්දේශයේ හැම තැනකම හොදින් වර්ෂාපතනය ලැබෙන ස්ථාන වල තේක්ක දක්නට ලැබුනද, වියදම අඩුකොට වගාවක් ලෙස එය වවනු ලබන්නේ සුළුතරයක් පමණි.
ඉන්දීය ඉතිහාස සභ්යථත්වය හා දේශ සීමා භූගෝලීය සාධක අතින් ඓරාන මහ කඳු තැන්නට අයත් කොටස් වන ඇෆ්ගනිස්ථානය, බලුකිස්ථානය ඓතිහාසික වූත් දේශපාලනමය වූත් කරුණු දක්වන පරිදි, ශත වර්ශ කීපයකම සිටි ඉන්දියාව හා ළඟින් ආශ්රවය කොට ඇත්තේය. මේ දෙරටේ ඇතැම් පෙදෙස් මෞරීය අග රජුන්ගේ පාලනයට යටත් විය. බැක්ට්රීතය යවනයෝ ද, පාර්තීයයෝ ද, ශාක්යනයෝ ද, කුශානයෝ ද, වරින් වර වයඹ දිග ඉන්දියාවේ ඇතැම් කොටස් ඇෆ්ගනිස්ථානයේ විශාල ප්ර දේශයනට යා කර ගත් හ. මහමුද් සුල්තාන් ගේත්, මුහම්මුද් ඝුරීන්ගේත් මෝගලුන් ගේත් පාලනයට යටත් ව පැවතිය දී ඉන්දියාව යලිත් ඇෆ්ගනිස්ථානය හා ආඅසන්න දේශපාලන සම්බන්ධතාවයකට පැමිණියේය. මෝගලුනට යටත් ව පැවතියේදී ඇෆ්ගනිස්ථානය ඉන්දීය අධිරාජ්යමයට අයත් කොටසක් විය. නූතනයේද ඉන්දියාවේ නියමිත භූගෝලීය මායිමෙන් පිටත පිහිටි බලුකිස්ථානයේ ඇතැම් කොටස් ඓරාන කඳු තැන්නට අයත් අඛණ්ඩ කොටසක් වන නමුදු පකිස්ථාන අණසක පවත්නා දේශ සීමාව ඇතුළත වෙයි. ඉන්දියන් සාගරය හා නාවුක කටයුතු සැතපුම් 300 කට අධික වූ ඉතා දීර්ඝ සමුද්රථ තීරයක් ඉන්දියාව සතු වේ. එහෙත් ඉන්දීය වෙරළෙහි ස්වභාවික වරායන් ඇත්තේ ස්වල්පයකි. ඉන්දියවේ පිහිටීම වැදගත් වරායක් ඇති වීමට බාධා විය. ඉන්දියාවේ මිනිසුන් මුහුද හා බැදුනු ජාතියක් නොවූ අතර ඔවුන් භූමිය පදනම් කරගන්න ලද භූමි වාසින් විය. එහෙත් ඔවුන් මුහුද හා පුරාණයේ සිටි ගනුදෙනු කරන ලදී. "ඓතිහාසික යුගයට පෙර වූ ද්රසවිඩයෝ වෙළද ව්යාඑපාරයන් සඳහා මුහුදු යාත්රාි කලහ" යන්නෙන් එය පිළිබිඹු වේ. 'පෙරිප්ලස් ඔෆ් එරිත්රිළයන්සි' ග්රුන්ථය තුළ ඉන්දියාවේ මුහුදු බඩ වෙළදාමත්, ඉන්දියාවේ වූ නැව් තොටු බොහෝ ගණනක් පිළිබඳවත් එහි සඳහන් වන බව ඉන්දියා ඉතිහාසය කෘතිය දක්වයි. වෙළඳ ව්යා පාර හා වීර චාරිකා යෑමට පෙළඹවීම් ඉන්දියාවේ දහස් ගණන් වැසියනට පෙරදිග මුහුදින් එතෙර වූ බුරුමය, මලයා අර්ධ්-වීපය, සුමාත්රාරව, ජාවා හා අවට දූපත් කරා යාමට මඟ පෙන්වීය. තාමුලිප්තය සමෘධිමත් නැව් තොටක් විය. මෙහිදී ප්රිකට වන චීන දේශ සංචාරකයෙකු වී පාහියන් පෙරලා චීනයට යන ගමනේදී නැව් නැගීන කල චෝළයෝ 'මුහුදේ පැරණි දූපත්' රැසකම තම අණසක පතුරුවා ගෙන සිටියෝය. 7, 8 සියවස් හි, මහාරාෂ්ට්රියෝ සැලකිය යුතු තරම් ප්රුබල නෞකා ප්රපමාණයක් පාලනය කරන ලදී. එහෙත් ඉන්දියාවේ මුස්ලිම් පාලකයෝ භූමියේ සැලකිය යුතු බලයක් ඇති කරගෙන සිටි හෙයින් හෙතම මුහුද කෙරේ අවදානයක් යොමු නොකලහ. මෝගල් අධිරාජ්යක බිඳ වැටීමට හේතුව දක්වන වින්සන්ට් ස්මිත් පවසන්නේ ඔවුන් මුහුදු බලය නොසලකා හැරීම බවයි. ඉන් පෙනී යන්නේ ඉන්දීය ඉතිහාසය හැඩගැසීම කෙරේ ඉන්දියන් සාගරයද බලපා ඇති බවයි.
භූ ගෝලය හා ඉන්දියානු සාහිත්යපය ඉන්දියානු භූගෝල විෂමතාව ඉන්දියානු ඉතිහාසය හැඩගැසීමෙහිලා වැදගත් භූමිකාවක් රඟපාන බවට ඉන්දියානු සාහිත්යදය තුල ප්රැබල ලෙස විග්රමහ කරනු ලබයි. 'ඉන්දියා' යන පදය මුලින් ම භාවිතා කරන ලද්දේ ආකිමිනිඩ් පර්සියානුවන් විසින් සින්ඳු ගංඟාවේ වතුර උතුරා ගලා යන කලාපයටය. ඉන්දියා යන නම පළමු කොට ඉන්දියානුවන් පර්සියානුවන්ගෙන් ලබා ගත්තකි. සප්ත- සින්දු ප්ර දේශ ලෙස අදහස් කරන ලද්දේ සරස්වති ගංඟාවේ කොටස් හතය. සෙන්ඩ්-ඇවස්ටා නම් පර්සිස් ගෝත්ර-යේ පූජනීය ග්රදන්ථය තුල සප්ත-සින්දු නම් නාමය භාවිතා කර ඇත්තේ ඉන්දියාව හැදින්වීම සඳහාය. ග්රීීකයන් විසින් සින්දු නදිය 'ඉන්ඩොස්' ලෙස හැදින් වූ අතර ඔවුන් එය පර්සියානුවන්ගෙන් උපුටා ගත් බවක් පෙනේ. හෙරඩෝටස් වැනි ප්රනසිද්ධ ග්රීඩක ඉතිහාසඥ්ඥයන් විසින් 'ඉන්ඩොස්' යන නාමය පර්සියානු අධිරාජ්යැයේ වැඇදගත් නගරයක් හැදින්වීම සඳහාද භාවිතා කරන ලදී. ක්රටමයෙන් මෙකී ග්රීික හා රෝමානු ලේඛකයෝ මෙකී වදන මුළු රටම හැදින්වීම සඳහා භාවිතා කරන ලදී. චීන ජාතිකයන් තිඑන්-චු හෝ චෞ-ආටු ලෙස 1 වන සියවස තුළ භාවිතා විය. හිවුන්-සන් ඉන්දියාව යින්-ටු ලෙස හැදින්වීමට හදුන්වා දෙන ලදී. පහත ආකාර වලට එක් එක් ජාතීන් ඉන්දියාව හදුන්වා දෙන ලදී. 1. පර්සියානුවන් හින්දු 2. ග්රීිකයන් ඉන්ඩොස් 3. හීබෲ හොඩ්ඩු 4. ලතින් ඉන්දු සහ 5. චීන තිඑන්-චු ආදී වශයෙනි. චීන විශාරදයෙක් වන අයි-ට්සින් විසින් අදහස් දක්වන්නේ, " හින්දු යන නාමය භාවිතා කරනුයේ උතුරු ගෝත්රඅ වල පමණක් බව ඉන්දියාවේ මිනිසුන් දන්නේ නැහැ". ඔහු තවදුරටත් ආර්යඑ- දේශ සහ බ්රරහ්මශාස්ත්රල යන නාම ඉන්දියාව හැදින්වීම සඳහා යොදා ගෙන ඇත. ක්රිස.පු.6 වන සියවසේ දී ප්රවථම වතාවට පණීනි විසින් 'භාරත' පදය ජනපද 22 අතුරින් එක් ජාතියක් විශේෂයෙන්ම කාම්බෝජයේ සිට උතුරු ඉන්දියාවේ මගධය දක්වා) හැදින්වීම සඳහා භාවිතා කරන ලදී. බෞද්ධ සාහිත්යේයේ භාරතයේ ප්රාහන්ත හතක් පිළිබඳව කථා කරන අතර ඒවා සප්ත සින්දු නදීන්ට අනුරූප බව දක්වයි. ඉන්දීය ඉතිහාසයට භූගෝලය කරන ලද බලපෑම පැරණි ඉන්දියාව ජාතියක් වශයෙන් හැදින්වීම වැරදි සහගතය. "ඉන්ටු හී ජනයා ප්ර්දේශ අනූව ස්වකීය රට විවිධ නම් වලින් හඳුන්වතැයි" හියුං-සෑං කීය. සංස්කෘතියෙන් ආර්යාවර්ථ යන නමද, මෑත භාෂා වලින් හින්දුස්ථාන් හෙවත් හින්ද් යන වචනයද යෙදී ඇත්තේ ගංඟා නදී නිම්නයටය. භූමියේ වන්නා වූ ලක්ෂණ එක එක ආකාරයන්ගෙන් ජාතියකගේ අභිවෘධියට, මානව ක්රියයාකාරකම් වලට, ඔවුන්ගේ පරිසරය හා වූ අන්තර්සබඳතාවයට හා අනෙක් කණඩායම් වෙත බලපාන ලදී. කදු,ගංඟා හා මුහුදු වැන්න එවැනි ස්වභාවධර්මයා විසින් පනවන ලද මායිම්ය. පුද්ගලයෙකු තම ජීවන පුරුදු සහ ඔහුගේ වටපිටාව අනුව හිතන මාදිලිය වර්ධනය වේ. ඉන්දියානු උප මහද්වීපය විශාල භූගෝලීය ප්රඔදේශයක් වන අතර එය ස්වභාවික බාදක එනම් උතුරේ හිමාලයා සහ අනෙක් අංශ තුනෙහි වෙරළ තීරයන්ගෙන්ද වැන්නෙන් සමන්විතය. වන්දනාගමන් හා වන්දනා කරනු ලබන ස්ථාන රට පුරාම විසිරී පැවතුනි. සංස්කෘතික බැඳීම් සියලු ඉන්දියානුවන් අතර සමගිය සහ ජාතිකත්වය පිළිබඳ හැඟීමක් ලබා දෙන ලදී. ප්රාදදේශීය බලය හා සංස්කෘතික ගති ලක්ෂණ පිළිබඳ පැහැදිලි හැඟීමක් ඇති ප්රදදේශ කිහිපයක් පවතී. විශාල රාජ්යකයන් සහ අධිරාජ්යයන් මෙම ඒකක වලින්ම නැගීසිට, තවත් රාජ්යාවල වර්ධනයට අනුපාතව ඇතැම් විට පහල බසින ලදි. 'චක්රයවර්තී' සංකල්පය තුල සිට මෙම රාජ්යයයන් තම බලය වර්ධනය කරගනිමින් මුළු රටම පාලනයටද උත්සහා ගන්නා ලද බව ද පෙනී යයි. වයඹ දිගින් පැමිනි පිරිස් හෙවත් ඉන්දු-ග්රීනක, පල්ලව,කුෂාණයන් ආදී පිරිස් තම රාජ්යයයන් හා අධිරාජ්යපයන් ඉන්දියාවේ බටහිරට වන්නට පිහිටුවා ගත් නමුත් ඉන්දියානු සමාජයේ වූ ප්රනධාන ධාරාවේ වූ රාජ්යනකරණයට කැමැත්ත හා ඉන්දීය ආණ්ඩුක්රගම අදහස් අනුගමනය කිරීමට වූ කැමැත්ත ස්වීකරණය කිරීමට මොවුන් පෙළබුනි. කෝසල, මගධ, ඝෞඩ, අංග, අවන්ති, ලත්, සහ සෞරශ්ට්රව යන රාජ්ය උතුරේද; කාලිංග, ආන්ද්රාු, මහාරාෂ්ට්රග, කමටක, චේර, චෝල, හා පාණ්ඩ්යය වැනි දකුණු ප්රරදේශ රාජධානි මානව ඉතිහාසයේ බොහෝ කලක් රාජ්යක කරන ලද රාජ්යන විය.