ඉන්දියාවේ දේශපාලනය

ඉන්දියාව යනු, ඉන්දියාවේ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වන්නාවූද ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා රජයේ ප්‍රධානියා වන්නාවූද ෆෙඩරල් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් වන බැවින්, ඉන්දියාවේ දේශපාලනය (හින්දි:भारतीय राजनीति) සිදුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරවය. ඉන්දියාව විසින් ද්විත්ව ආණ්ඩුක්‍රමයක්, එනම් මධ්‍යයේ සංගමයක්ද පර්යන්තයේ ප්‍රාන්තද අඩංගු ද්විත්ව රජයක් පවත්වාගෙන යයි. මධ්‍යම සහ ප්‍රාන්ත රජයන් යන ද්වයෙහිම, සංවිධානය, බලතල සහ සීමාවන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් අර්ථ දක්වා ඇති අතර, එය ලිඛිත, දෘඩ සහ උත්තරීතර යැයි සැලකෙයි, එනම් ජාතියෙහි නීති එය පරිදී විය යුතුයි. ඉන්දියානු ෆෙඩරේෂනයෙහි ප්‍රාන්තයන් නිරූපනය කරන උත්තර මන්ත්‍රී මණ්ඩලයක්ද, එනම් රාජ්‍ය සභා, සමස්තයක් වශයෙන් ඉන්දියාවේ ජනතාව නිරූපණය කරන පහළ මන්ත්‍රී මණ්ඩලයක්ද, එනම් ලෝක් සභාව, වෙතින් සමන්විත ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායකයක් සඳහා අවකාශයක් සපයා ඇත. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් ස්වාධීන අදිකරණයක් සපයන අතර එහි අග්‍රස්ථය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. මෙම අධිකරණය වෙත පැවරී ඇති විධි නියෝගය වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකගැනුම, මධ්‍යම රජය සහ ප්‍රාන්ත අතර හා ප්‍රාන්ත-අතර ඇතිවන ආරාවුල් සමථයට පත් කිරීම සහ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන කිසියම් මධ්‍යම හෝ ප්‍රාන්ත නීති ශුන්‍ය කිරීම වෙයි. [1]


ආශ්‍රිත සංස්කරණය

  1. එම්.ලක්ෂ්මිකාන්ත්. පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේෂන් (9වන ed.). ටාටා මැක්ග්‍රෝ හිල්. pp. 389–390. ISBN 0071074821.
"https://si.wikipedia.org/w/index.php?title=ඉන්දියාවේ_දේශපාලනය&oldid=577090" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි