ඉන්දියානු නර්තනය - ගොනිපුආ නර්තනය

වර්ථමානයේ බොහෝ ගුරුවරුන් ගොනිපුආ නර්තන ශිල්පීන් වු අතර ඔවුන්ගේ ශෛලියන් නර්තන ශිල්පීන්ට හා ගුරුවරුන්ට පැවත එන්නක් විය. ගමේ පුජනිය ස්ථානයෙන් පැවත එන මෙය නගරයේ වේදිකාව දක්වා විහිදී ඇත. ඔඩිසි නර්තනය මෙය සාර්ථක කර ඇත. මහාරිස් හා ගොමිපුආස් අදටත් සිහිකරන අතර අද වනවිට එම පෙලපතින් පැවත ‍එන ගුරුන් විසින් ඔඩිසි සම්පුදාය ඉදිරියට ගෙන යයි ‍මොවුන් දක්ෂ නර්තන පරම්පරාවක් ඇති කර තිබෙන අතර එහි පැවැත්ම තහවුරු කර ඇත. මෙහි අන්තර්ගතය හා පැවැත්ම පවතින්නේ නර්තන ශිල්පීන්ගේ හා ගුරුවරුන් අතය. 50 වන වර්ෂවලදී ලෝකයා මෙම ඔඩිසි පිළිබද උනන්දුවක් දක්වන්නට විය. ප්‍රියන්බඩා මොහන්ටි විසින් මෙම ඔරිසා සම්භාව්‍ය නර්තන ය විශ්වවිද්‍යාල ප්‍රදර්ශනය කොට තිබේ. දොස්තර චාල්ස් ෆැබ්රි විසින් මෙම නර්තනය අගය කොට ඇති අතර ඔහු ඉන්ද්‍රානි හෙමන් හට මෙම නර්තන ශෛලිය ඉගෙනිමට උදව් කොට ඇති අතර විදේශ අවධානයට මෙය ගෙන ඒමේ ගෞරවය ඇය‍ට හිමි වේ. ගුරු ප්‍රභූන් වන පද්මවිභූෂන් නෙලුචරන් මොහපුත්‍ර, පන්නාජ් චරන් දාස්, ඩෙබි ප්‍රසාද් ‍ඩාස්, මායාදාර් රබුට් සහ නර්තන ශිල්පීන් වන සන්ජුකූට පනිග්‍රාහි, කුට් කුම් මොහන්ට් සොනාල් වංසින්, මාඨීවි වමුද්ගල් හා‍ ග්‍රොරීමා මෙම නර්තනයේ පැවැත්මට දායක වී ඇත.