ඉන්දියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං සහ නවසීලන්තයේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන කණ්ඩායම් 5ට නායකත්වය ලබා දෙන ක්‍රීඩකයින්, ඊයේ (04) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී පැවති දකුණු ආසියාවේ නව යොවුන් වියේ පසුවන්නන්ගේ අනාගතය සකස් කිරීම උදෙසා ක්‍රීඩාවෙන් ලැබිය හැකි දායකත්වය පිළිබඳ වැඩසටහනකට සහභාගී විය. මෙම වැඩසටහන ‘UNICEF’ ආයතනය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එක්ව සංවිධානය කරනු ලැබීය. යුවරාජ් සිං 2011 වසරේ දී ලෝක කුසලානය දිනාගත් ඉන්දියානු කණ්ඩායමේ තරගාවලියේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ අතර 2000 වසරේ දී පැවති වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ද ඔහු යෞවනයෙක් ලෙස එහි තරගාවලියේ වීරයාට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබීය. වසර 10කට පසු ශ්‍රී ලංකාව සුවිශේෂී තරග සංචාරයක වසර 10ක පමණ කාල පරාසයකින් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජූනි.. මෙම වැඩසටහන සඳහා එක්වූ ‘UNICEF’


ආයතනයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජීන් ගෞ මහත්මිය ප්‍රකාශ කර සිටියේ; “දකුණු ආසියාව තුළ නව යොවුන් වියේ පසුවන අය මිලියන 340ක් පමණ සිටිනවා. මට මේ අවස්ථාවට එද්දී ලොකු ශක්තියක් දැනුණා වගේම ලොකු බලාපොරොත්තුවකුත් ඇති වුනා. මේ දකුණු ආසියානු කලාපය තුළ අභියෝග රැසකට මුහුණ දෙන්න වුනත් මගේ බලාපොරොත්තුව ඒවගේ ශක්තිය දකුණු ආසියාව තුළ සිටින යෞවනයන්ගේ හෙට දවස යහපත් කරන්න යොදා ගන්න පුළුවන් වෙයි කියන එක.” “ඒ වගේම ලෝකයේ අනිත් කිසිම කලාපයකට වඩා නව යොවුන් වියේ පසුවන අය දකුණු ආසියාව තුළ සිටිනවා. දකුණු ආසියාව තුළ තරුණියන් දෙදෙනෙක් ගත්තොත් ආසන්න වශයෙන් ඉන් එක් කෙනෙක් වගේ වයස අවුරුදු 18 වෙන්න කලින් විවාහ වෙනවා.


තවත් 05 දෙනෙක්ගෙන් එක් කෙනෙක් වගේ වයස අවුරුදු 18 වෙන්න කලින් දැරූ ප්‍රසූතියක් සිදු කරනවා. ඒ වගේම දකුණු ආසියාව තුළ නව යොවුන් වියේ පසුවන තරුණියන් 10 දෙනෙක්ගෙන් 04 දෙනෙකුට වඩා අඩු ශරීර බර මට්ටමක් තියෙන අය. ඒ නිසා දකුණු ආසියානු රටවල් නව යොවුන් වියේ පසුවන අයගේ ජීවන මට්ටම ඉහළ නංවන වැඩසටහන් සඳහා ආයෝජනය කළ යුතුයි වගේම ඒ සඳහා ප්‍රතිපත්ති සකස් කළ යුතුයි.” ඇය වැඩිදුරටත් පවසා සිටියා ය. චන්දිමාල් සහ මැතිව්ස් කෝලිගේ දඩයම පමා කරයි ඉන්දීය කණ්ඩායමේ සියලු සැලසුම් ව්‍යර්ථ කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තෙවැනි..

"https://si.wikipedia.org/w/index.php?title=ඉන්දි&oldid=469194" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි