ඉන්ද්‍රනාත තේනුවර

උපුල් ඉන්ද්‍රනාත තේනුවර ලාංකීක ඡයාරූපශිල්පියෙකි. ඔහු මුලින් ම කැමරාවක් අයිති කොට ගෙන ඡායාරෑපකරණය ආරම්භ කළේ 1977 වසරේ දී ය. ප්‍රාථමික අධ්‍යාපනය ලබන සමයේ දී ඔහු වඩා දක්ෂ වූයේ රචනා කරණයට ය. වරක් ජනරජ දින සාහිත්‍ය තරගයේ දී ද, තවත් වරක් සමස්ත ලංකා සාහිත්‍ය තරගයක දී ද රචනා අංශයෙන් අම්පාර දිස්ත්‍රක්කයේ දක්ෂතම රචකයා වීම එහි තේනුවරයන් දැක්වූ අනුපමේය දස්කම් වලට නිදසුන්වේ.


තර්ස්ටන් විද්‍යාලයයේ අධ්‍යාපනය ලබමින් සිටියදී ම 1979 වසරේ ඔක්තෝබර් 04 දින ඔහු ගුරුවරයකු ලෙස කොළඹ කොටහේනේ ශාන්ත ලුසියා මහා විද්‍යාලයට පත්වීමක් ලබයි. ඊට පෙර ලේක් හවුසියේ යොවුන් ජනතා පුවත්පතේ නිදහස් චිත්‍ර සහ අක්ෂර නිර්මාණ ශිල්පියකු ලෙස සේවය කර ඇත. ඈඩවර්ටයිසින් ආයතනයක ප්‍රධාන සැලසුම් ශිල්පියකු ලෙස ද, ජාතික තලයේ පුවත්පත් ගණනාවක රූ රටා සංස්කාරක සහ ප්‍රධාන ඡායාරූප ශිල්පී ලෙස ද, සිල්ක්ස්ක්‍රීන් මුද්‍රණ ක්ෂේත්‍රයේ විප්ලවකාරයකු ලෙස ද, පරිගණකාශ්‍රිත ප්‍රතිරූප සංස්කරණ ශිල්පයේ සිවිල් වැසියකු ලෙස ද ආදී රැකියාවන් ගණනාවක් ම පසු කොට කොට තිබෙන ඉන්ද්‍රනාත තේනුවර අද නවකයන් පුහුණූ මධ්‍යස්ථානයක් පවත්වාගෙනයයි.

ඉන්ද්‍රනාථ තේනුවර | මල්ලියෙ කොහේ කොතැනක නුඔ 1992 |කැමරාව - පෙන්ටැක්ස් කේ 1000
"https://si.wikipedia.org/w/index.php?title=ඉන්ද්‍රනාත_තේනුවර&oldid=469193" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි