ඉන්ද්‍රජිත් වෑවලගේ

ඉන්ද්‍රජිත් වෑවලගේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයෙන් ලලිත කලාවේදී උපාධි ලත් විද්‍යාර්ථියෙකි. 1995, 1996 යන අවුරුදු වල එම විශ්ව විද්‍යාලය කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආයතනයක් හැටියට එනම් සෞන්දර්ය අධ්‍යයන ආයතනය හැටියට පවතින කාලයේ එම ආයතනය වෙනුවෙන් ගොඩනැගිලි, නේවාසිකාගාර හා අධ්‍යයන පහසුකම් ඉල්ලා ගෙන ගිය ශිෂ්‍ය අරගලයට නායකත්වය දුන් එවක ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ය. ඔහු ශ්‍රී ලංකා ගුරු සේවයේ ගුරුවරයකු හැටියට කඩුවෙල බෝමිරිය ජාතික පාසලේ කෙටි කාලයක් හා රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ සේවය කොට ඉන් ඉවත් වී ඇති ඇත. මීට අමතරව දෘෂ්‍ය කලාව අරබයා ලිපි කිහිපයක් පුවත්පත් සදහා ද ඔහු සම්පාදනය කොට ඇත. ඒ වගේ ම 1997 දී කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත් වූ යුද්ධයට එරෙහි සිත්තරු ප්‍රදර්ශනයට ද ඔහු සහභාගි විය.

"https://si.wikipedia.org/w/index.php?title=ඉන්ද්‍රජිත්_වෑවලගේ&oldid=469192" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි