ඇස්පර්ජර් සහලක්ෂණය

ස්නායු වර්ධනය සම්බන්ධ ආබාධ තත්ත්වය

ඇස්පර්ජර් සහලක්ෂණය යනු අනන්‍යය ව පැවතිය හැකි දුලබ චර්යා රටාවන් සහ රුචිකත්වයන් සමග පවතින සමාජ සබදතා පැවැත්වීමේ සහ අවාචික සන්නිවේදනයේ කැපීපෙනෙන දුෂ්කරතාවන් හේතුවෙන් හදුනාගත හැකි සංවර්ධන දුර්වලතාවයකි. [4]එය ඔටිසම් රෝග පොකුරට ඇතුළත් වන අතර සාපේක්ෂ ව භාෂා භාවිතයේ දුර්වලතාවයක් නොවීමත් බුද්ධිහීනත්වයක් නොවීමත් විසින් එකී ගණයට අයත් අනෙකුත් රෝග තත්ත්වයන්ගෙන් වෙනස් වෙයි. [7]රෝග තත්ත්වය නිශ්චය කිරීමේ දී නිර්ණායක වශයෙන් යොදා නොගැණුන ද ශාරීරික ව ආකර්ෂණීය නොවීම සහ අසාමාන්‍ය භාෂා භාවිතය ද පොදුවේ දැකිය හැකි වෙයි. [8][9]රෝග ලක්ෂණ වයස අවුරුදු දෙක සිට සාමාන්‍යයෙන් දැකිය හැකි අතර පුද්ගලයකුගේ සමස්ත ජීවිතය පුරා ම පැවතිය හැකි ය.[4]

ඇස්පර්ජර් සහලක්ෂණය
වෙනත් නම්Asperger's syndrome, Asperger disorder (AD), Asperger's, schizoid disorder of childhood[1], autistic psychopathy[1]
රසායනික බන්ධනවල හැඩතල සමග ක්‍රීඩා කරන ඇස්පර්ජර් සහලක්ෂිත දරුවෙක්
Restricted interests or repetitive behaviors, such as this boy's interest in playing with a toy model of molecules, may be features of Asperger's.
උච්චාරණය
විශේෂතාවPsychiatry
රෝග ලක්‍ෂණProblems with social interactions, restricted and repetitive behavior[4]
Usual onsetBefore two years old[4]
කාලපරාසයLong term[4]
හේතුUnknown[4]
ප්‍රතිකාරSocial skills training, cognitive behavioral therapy, physical therapy, speech therapy, parent training[5]
ඖෂධFor associated conditions[5]
සංඛ්‍යාතය37.2 million (2015)[6]

මේ තත්ත්වය ඇතිවීමට බලපාන හේතුව තව ම නිශ්චිත ව නිගමනය කර නැත. [4]ජානමය සාධකවල බලපෑමක් හේතුවෙන් සිදුවන බව හදුනාගෙන ඇතත් බලපාන ජාන සංයුතිය තවමත් අවසන් ලෙස නිගමනය කර නැත. [8][10] පාරිසරික සාධක ද බල පෑ හැකි බව පැවසේ. [4]ස්නායු ප්‍රතිබිම්බනය (Brain imaging) තුළින් ද නිශ්චිත හේතුසාධකයක් හදුනාගෙන නොමැත. [8]Diagnostic and Statistical Manual of Mental Disorders (DSM-5) හි 13වැනි සංස්කරණයේ දී එහි ඇතුළත් මානසික ආබාධ වෙතින් ඇස්පර්ජර් සහලක්ෂණය බැහැර කෙරුණු අතර මෙම රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් මේ වනවිට ඔටිසම් රෝග පවුල යටතේ ඇති ඔටිසම් සහ පෙර සදහන් නොකෙරුණු බහුවිධ සංවර්ධන ආබාධය (pervasive developmental disorder not othervise specified) වැනි රෝග තත්ත්වයන් ගණයට ඇතුළත් කර ඇත. [4][11]2015 දී පළවුණු අන්තර්ජාතික රෝගාබාධ වර්ගීකරණයේ 10වැනි සංස්කරණය (International Classification of Diseases - ICD-10)තුළ එය තවමත් අන්තර්ගත වෙයි. [7]

මේ සදහා නිශ්චිත එක් ප්‍රතිකාරයක් නොමැති අතර යොදාගැනෙන විවිධ ප්‍රවේශයන්හි සාර්ථකත්වය සනාථ කරවන සාක්ෂි ද පවතින්නේ මද වශයෙනි.[8] දුර්වල සන්නිවේදන හැකියාව වැඩිදියුණු කිරීම, obsessive or repetitive routines, and physical clumsiness වැනි අරමුණු කෙරෙහි ප්‍රතිකාර තුළ අවධානය යොමු වෙයි.[5] සමාජීය හැකියාවන් පුහුණු කිරීම, cognitive behavioral therapy, භෞත චිකිත්සාව, කථන චිකිත්සාව, මාපියභාවය පුහුණු කිරීම සහ විෂාදය සහ කාංසාව වැනි මේ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි වෙනත් රෝග තත්ත්වයන්ට සුදුසු ඖෂධයන් ද ප්‍රතිකාර තුළ දැකගත හැකි වෙයි. [5]බොහෝ දරුවෝ ඔවුන් වැඩෙත් ම සිය දුර්වලතා මගහරවා ගැනීමට සමත් වෙති. එසේ වුවත් සමාජ සහ සන්නිවේදන දුබලතා තවදුරටත් පැවතීමට ඉඩ ඇත. [12]ඔටිස්ටික රෝග තත්ත්වයන් සුවකරනු ලැබිය යුතු හෝ ප්‍රතිකාර කරනු ලැබිය යුතු තත්ත්වයන් වශයෙන් නොව හුදු පුද්ගල ස්වභාවයක් ලෙස පමණක් වටහාගනු පිණිස සමාජ ආකල්පයන් වෙනස් කළ යුතු බවට ඇතැම් පර්යේෂකයන් සහ ඔටිස්ටික තත්ත්වයන් සහිත පුද්ගලයන් ද විසින් කතිකාවක් ඇති කර ඇත. [13][14]

ආශ්‍රිත නාමාවලිය

සංස්කරණය
  1. ^ a b World Health Organisation (2016). "International Statistical Classification of Diseases and Related Health Problems 10th Revision (ICD-10): F84.5 Asperger syndrome". සම්ප්‍රවේශය 2 November 2018.
  2. ^ "Asperger syndrome definition and meaning | Collins English Dictionary". www.collinsdictionary.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 16 May 2018.
  3. ^ "Asperger's syndrome". Oxford Dictionaries. සම්ප්‍රවේශය 16 May 2018.
  4. ^ a b c d e f g h i "Autism Spectrum Disorder". National Institute of Mental Health. September 2015. 12 March 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 March 2016.
  5. ^ a b c d National Institute of Neurological Disorders and Stroke (NINDS) (31 July 2007). "Asperger syndrome fact sheet". 21 August 2007 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 August 2007. NIH Publication No. 05-5624.
  6. ^ Vos T, Allen C, Arora M, Barber RM, Bhutta ZA, Brown A, et al. (GBD 2015 Disease and Injury Incidence and Prevalence Collaborators) (October 2016). "Global, regional, and national incidence, prevalence, and years lived with disability for 310 diseases and injuries, 1990-2015: a systematic analysis for the Global Burden of Disease Study 2015". Lancet. 388 (10053): 1545–602. doi:10.1016/S0140-6736(16)31678-6. PMC 5055577. PMID 27733282.
  7. ^ a b "F84.5 Asperger syndrome". World Health Organization. 2015. 2 November 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 March 2016.
  8. ^ a b c d McPartland J, Klin A (October 2006). "Asperger's syndrome". Adolescent Medicine Clinics. 17 (3): 771–88, abstract xiii. doi:10.1016/j.admecli.2006.06.010 (inactive 2018-10-25). PMID 17030291.{{cite journal}}: CS1 maint: DOI inactive as of ඔක්තෝබර් 2018 (link)
  9. ^ Baskin JH, Sperber M, Price BH (2006). "Asperger syndrome revisited". Reviews in Neurological Diseases. 3 (1): 1–7. PMID 16596080.
  10. ^ Klauck SM (June 2006). "Genetics of autism spectrum disorder". European Journal of Human Genetics. 14 (6): 714–20. doi:10.1038/sj.ejhg.5201610. PMID 16721407.
  11. ^ "Autism Spectrum Disorder". National Institute of Mental Health. 9 March 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 March 2016.
  12. ^ Woodbury-Smith MR, Volkmar FR (January 2009). "Asperger syndrome". European Child & Adolescent Psychiatry (Submitted manuscript). 18 (1): 2–11. doi:10.1007/s00787-008-0701-0. PMID 18563474.
  13. ^ Clarke J, van Amerom G (2007). "'Surplus suffering': differences between organizational understandings of Asperger's syndrome and those people who claim the 'disorder'". Disability & Society. 22 (7): 761–76. doi:10.1080/09687590701659618.
  14. ^ Baron-Cohen S (2002). "Is Asperger syndrome necessarily viewed as a disability?". Focus Autism Other Dev Disabl. 17 (3): 186–91. doi:10.1177/10883576020170030801. A preliminary, freely readable draft, with slightly different wording in the quoted text, is in: Baron-Cohen S (2002). "Is Asperger's syndrome necessarily a disability?" (PDF). Cambridge: Autism Research Centre. 17 December 2008 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 December 2008.
"https://si.wikipedia.org/w/index.php?title=ඇස්පර්ජර්_සහලක්ෂණය&oldid=722612" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි