ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රදීපාගාරය

ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාහි ෆාරොස් දූපතේ පිහිටා ඇති මෙම ප්‍රදීපාගාරය ඉදි කරන ලද්දේ වරාය හදුනා ගැනීමේ මං සලකුණක් ලෙසිනි.

ගොනුව:PHAROS2006.jpg
ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රදීපාගාරය වර්තමානය.

විවිධාකාරයෙන් මනිනු ලැබූ මෙහි උස මීටර් 115-150 අතර වේ. එය සියවස් ගණනාවකට පෙර මිනිසා විසින් මිහිපිට තැනූ උසම ගොඩනැගිලි අතරින් එකක් ලෙස පැවතුණි. සයිඩනයේ ඇන්ටිපේටර් විසින් මෙය පුදුම හතෙන් එකක් ලෙසද නම් කරන ලදී.

එකල එය උසින් දෙවෙනි වූයේ කුෆු හා කෆ්‍රා හි පිහිටි පිරීමඩ දෙකට පමණි. සමහර උගතුන්ට අනුව මෙය මීටර් 180 ක් උස වන අතර එය 14 වැනි සියවස දක්වා ලොව උසම ගොඩනැගිල්ල ලෙස පැවතුණි.

ගොඩනැගීම හා පරිහානියට පත්වීම

සංස්කරණය
 
4 වැනි ශතවර්ෂයේදි විචිත්‍ර පෞරාණික ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රදීපාගාරය,ඔල්බියා, ලිබියාව

මෙම ප්‍රදීපාගාරය ඉදිකරන ලද්දේ ක්‍රි. පූ තුන්වැනි සියවසේදීය. මෙහි ආරම්භක කටයුතු සිදු වූයේ සැට්‍රැප් ආණ්ඩුකාරයා අතින් සහ පළමුවන ටොලමි සෝටර් නම් වූ ඊජිප්තුවේ පළමු හෙලනිස්තික පාලකයා හා ඇලෙක්සැන්ඩ්‍රියාවේ අධිරාජ්‍යාගේ ජෙනරාල්වරයෙකු විසිනි. වයස අවුරුදු 33 දී ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යාගේ අනපේක්ෂිත මරණයෙන් පසු ක්‍රි.පු.305 ටොලමි සොටර් (රොඩියස් හි වැසියන් විසින් ගැලවුම් කාරය ලෙස හඳුන්වනු ලැබු ) පත්විය.ඉන්පසු කෙටි කාලයක් තුළ ඔහු විසින් ෆෙරොස් හි ප්‍රදීපාගාරය ගොඩ නැංවීමට අණ කරන ලදී. ඔහුගේ පුත් ටොලමි ෆිඩෙලිෆෙරොස්ගේ රාජ්‍ය කාලය තුළදි එහි ඉදිකිරීම් කටයුතු නිම කරන ලදී.

මිත්‍යා ප්‍රවාදයන් නිසා ටොලමි විසින් ඔහුගේ ඉදි කිරීමට සොස්ට්‍රටස්ගේ නම යෙදීම වළක්වන ලදි. නමුත් එහි නිර්මාණ ශිල්පියා පහත ශිලා ලිපිය එහි බිත්තියේ කොටා තබන ලදී.ඩෙක්සිෆෙන්ස්ගේ පුත්‍රයා වු සොස්ට්‍රැටස්, ගැලවුම්කාර දෙවියා සඳහා මෙය ඉදි කරන ලදී. (මුහුදෙ යාත්‍රාකරන්නවුන් වෙනුවෙන් )මෙම සෙල්ලිපිය සඟවා තිබුණේ ප්ලාස්ටර් තට්ටුවකට යටින්ය.එහි මතුපිට මෙම ප්‍රදීපාගාරයේ නිර්මාතෘ ටොලමි රජු බව සදහන් වන රජුට ගෞරවයෙන් ලියු සෙල්ලිපියත් කොට තිබුණි. සියවස් ගණනාවකට පසු ප්ලාස්ටර් මැටි තට්ටුව ගැලවී සොස්ට්‍රස්ගේ නාමය ලොවට ප්‍රදර්ශනය විය.