ඇමෙරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යපාරය-හුදෙකලා වූ ආර්ථික ජීවිතය සහ අධ්‍යාපනය

හුදෙකලා වූ ආර්ථික ජීවිතය සහ අධ්‍යාපනය


සාමාන්‍ය ජීවිතයේ බොහෝ අංශයන් තුලින් සමාන සහභාගීත්වයෙන් කළු ජාතිකයන් ඉවත් කිරිමට අමතරව සුදු ජාතිකයන් විසින් ආර්ථික කටයුතුවලදී කළු ජාතිකයන් ඉතා පහත් තත්වයක තබා ගන්නා ලදී. වසංගත වලින් විශාල විනාශයක් සිදු වීමෙන් පසු සහ 19 වෙනි ශත වර්ෂයේ අග භාගයේ ඇතිවූ මූල්‍ය දුෂ්කරතාවයන් හේතුවෙන් කළු ජාතික ගොවීන් කුලී වැඩකාරයන් ලෙස හෝ හවුල් අස්වැන්න එකතු කරන්නන් ලෙස දාසයන් සේ දකුණු ප්‍රදේශයන්හි වැඩ කළහ. රැකියාවල යොදවන්නන් සහ කම්කරු සංගම් සාමාන්‍ය වශයෙන් අප්‍රිකානු අමෙරිකන්වරු අඩු වැටුප් ගෙවන රැකියාවල හෝ ප්‍රියමනාප නොවන රැකියාවල යෙදවීම සීමා කළහ. හොඳ වැටුප් ගෙවන රැකියාවල හිඟය නිසා දුම්රිය නිදන මැදිරි වල සහ හෝටල්වල දොරටුපාල වැනි නොවැදගත් තනතුරු කළු ප්‍රජාව අතර නම්බුකාර රැකියාවල් විය.

ආර්ථික සමාජයේ බොහෝ ක්ෂේත්‍රවලින් අප්‍රිකා-අමෙරිකානුන් ඉවත් කළ ජිම් ක්‍රෝ ක්‍රමයෙහි ප්‍රතිඵලයක් වූයේ එසේ වෙනසකට භාජනය කළ කොටස් අතර ප්‍රබල, ශක්තිමත් ආර්ථික සමාජයක් නිර්මාණය වීමයි. උතුර පුරාම කළු ජාතික පුවත් පත් ආරම්භ විය. මේ අතර රක්ෂණ ක්ෂේත්‍රයේ සහ අවමංගල්‍ය කටයුතු කෙරෙන ආයතන වල කලු ජාතික හිමි කරුවෝ ප්‍රමාණයටත් වඩා විශාල බලයක් ආර්ථික හා දේශපාලන නායකයින් වශයෙන් හිමි කර ගත්හ.

අධ්‍යාපනය, තම ජාතිය සම්බන්ධයෙන් ඉතා වැදගත් සහ දියුණුවේ ප්‍රධාන මාවතක් ලෙස සළකා බොහෝ දක්ෂතා ඇති කලු ජාතිකයින් ගරු කටයුතු රැකියාවක් ලෙස ඉහලින් සැළකුණු ගුරු වෘත්තියට ඇතුළත් වූහ. කලු ජාතිකයින් සඳහා දකුණේ වෙන් වූ පාසැල් වලට ප්‍රතිපාදන ලැබුනේ අඩුවෙනි. එමෙන්ම ගම්බද ප්‍රදේශවල පාසැල් ක්‍රියාත්මක වූයේ කෙටි කරන ලද කාල සීමාවන් තුලයි. වොෂින්ටනයේ මෙම වෙන් කිරිම පැවතියේ වුවද ඊට වෙනස් ව ෆෙඩරල් රජයේ සේවකයන් ලෙසට සුදු සහ කලු ජාතික ගුරුවරු දෙපාර්ශවයටම එකම වැටුප් තලයක් ගෙවන ලදි. උතුරේ විශිෂ්ඨ කලු ජාතික ගුරුවරු උසස් උපාධි ලබා ගෙන අනාගත නායකයින් පුහුණු කල චිකාගෝ, වොෂින්ටන් සහ නිව්යොර්ක් වැනි නගරවල විශිෂ්ට යයි සම්මත වූ විදුහල්වල ගුරු වෘත්තියෙහි යෙදුනාහ.

ඇත්ත වශයෙන්ම 19 වෙනි ශත වර්ෂයේදි කළු ජාතිකයන් ලබා ගත් ප්‍රධාන විජයග්‍රහණයන්ගෙන් එකක් වූයේ අධ්‍යාපනයයි. ප්‍රතිසංස්කරණ රජයන්හි කළු ජාතිකයින් දකුණේ සෑම ජනපදයකම අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාමේදි සහයෝගය දී තිබුනි. දුෂ්කරතාවයන් තිබුනේ වුවද අධ්‍යාපන නිදහස සඳහා අති විශාල උනන්දුවක් සහ කැපවීමක් තිබුණු බැවින් 1900 පමණ වන විට අප්‍රිකා අමෙරිකන් ප්‍රජාව විසින් අප්‍රිකා අමෙරිකානු ගුරුවරු 30000 ක් පුහුණු කර දකුණේ සේවයට යොදවන ලදී. ඊට අමතරව කලු ජාතික ජනගහණයෙන් වැඩි ප්‍රමාණයක් සාක්ෂරතාවය ලබා ගත්හ. සියලුම ගුරුවරුන්ට සම්පූර්ණ අවුරුදු 4 ක උසස් අධ්‍යාපන ආයතන උපාධි ඒ කාලයේ නොතිබුනි. එහෙත් උතුරේ සහ දකුණේ මුලු ප්‍රදේශයේම නව ප්‍රජාවට සේවය කිරීමට සාමාන්‍ය පාසැල්වල තිබුණු කෙටි කාල සීමාවන් ගුරුවරුන් පුහුණු කිරීමේ ක්‍රමයේ කොටස් විය. ළමයින් සහ වැඩිහිටියන් බොහෝ ප්‍රමාණයක් මෙම අප්‍රිකා-අමෙරිකානු ගුරුවරුන් විසින් අධ්‍යාපන කටයුතු සඳහා යොමු කරවීම ආරම්භ කර තිබුණි.

අප්‍රිකානු - අමෙරිකන් ගුරුවරුන්ට ඉගැන්වීමට මෙන්ම වෙනත් වෘත්තිමය පන්ති නිර්මාණය කිරීමට උතුරු සන්ධානයන් සාමාන්‍ය පාසැල් වලට සහ උසස් අධ්‍යාපන ආයතන වලට මුදල් ප්‍රතිපාදන සපයමින් උදව් කර තිබුණි. අප්‍රිකන්-අමෙරිකානුන් අධ්‍යාපන කටයුතු සඳහා මෙම ඓතිහාසික කළු උසස් අධ්‍යාපන ආයතන හා විශ්ව විද්‍යාල කරා පැමිණියහ. ශත වර්ෂය ආරම්භ වීමෙන් පසු කළු මිනිසුන් සහ ගැහැණුන් ඔවුන්ගේම අභිවෘද්ධිය පිණිස සමාන අදහස් වලින් යුක්ත සමාජයක් සහ ස්ත්‍රී පක්ෂයේ යහපත සඳහා කැපවුණු සමාජයක් ආරම්භ කිරීමට කටයුතු යෙදුවේ ජීවිතාන්තය දක්වා සේවයක් සහ සහයෝගිතාවය සඳහා වැඩ පිළිවෙලවල් ජාලයක් නිර්මාණය කිරීමේ අදහසිනි.


References සංස්කරණය

http://en.wikipedia.org/wiki/American_Civil_Rights_Movement_%281896-1954%29#Segregated_economic_life_and_education