ඇමරිකානු ඉංග්‍රීසි

ඇමරිකානු ඉංග්‍රීසි යනු බොහෝවිට එක්සත් ජනපදයෙහි භාවිතා වන්නාවූ ඉංග්‍රීසි භාෂාවෙහි උපභාෂා කට්ටලයකි. දේශිය කථනය සඳහා ඉංග්‍රීසි භාවිතා කරන ලොව ජනයා අතුරින් තුනෙන්-දෙකක් වෙසෙන්නේ එක්සත් ජනපදයෙහිය. [1]

මෙමලිපියෙහි IPA වාග්විෂයක සංකේත අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, යුනිකේත අක්ෂර වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය.
එක්සත් ජනපදයෙහි ඉංග්‍රීසි භාෂාවෙහි ව්‍යාප්තිය. තද නිල් පැහැයෙන් දැක්වෙන්නේ අදාළ ප්‍රාන්තයන්හී අධික සංකේන්ද්‍රණයකින් ඉංග්‍රීසි බස කථා කරනුවන් සිටින බවයි.

එක්සත් ජනපදයෙහි වඩාත් පොදු භාවිත භාෂාව ඉංග්‍රීසි වෙයි. එ.ජ. ෆෙඩරල් රජය සතුව නිල භාෂාවක් නොමැති වුවද, ෆෙඩරල් රජය විසින් භාවිතා කෙරෙන පොදු භාෂාව ඉංග්‍රීසි වන අතර එහි පුළුල් භාවිතය නිසාම එය එක්සත් ජනපදයෙහි තත්වාකාර භාෂාව ලෙසින් සැලකෙයි. [2] [3]

එක්සත් ජනපදයෙහි ඉංග්‍රීසි භාෂා භාවිතය බ්‍රිතාන්‍ය ජනපදීකරණයෙහි ප්‍රතිඵලයකි. ඉංග්‍රීසි-කථක පදිංචිකරුවන්ගේ පළමු රැල්ල උතුරු ඇමරිකාව වෙත පැමිණියේ 17වන සියවසෙහිදී වන අතර 18වන හා 19වන සියවස්හිදී තවද සංක්‍රමණ සිදු විය. එතැන් පටන්, බටහිර අප්‍රිකාවෙහි, දේශීය ඇමරිකානු ජනගහනයෙහි, අයර්ලන්ත, ස්පාඤ්ඤ, සහ සංක්‍රමණිකයන්ගේ භාෂාවන් වෙතින් ඇමරිකානු ඉංග්‍රීසි භාෂෘව ආභාෂය ලැබීය.

ශබ්ද විද්‍යාව සංස්කරණය

මෙයද බලන්න: උකුරු ඇමරිකානු ඉංග්‍රීසි ප්‍රාදේශීය ශබ්ද විද්‍යාව

එංගලන්තයේ කථා කරන ආකාරයට ඉංග්‍රීසි භාෂාව හා සමගින් සසඳන කල, උතුරු ඇමරිකානු ඉංග්‍රීසි භාෂාව [4] වඩාත් සමජාතීය වෙයි.

සටහන් සංස්කරණය

  1. ක්‍රිස්ටල්, ඩේවිඩ් (1997). ඉංග්ලිෂ් ඈස් අ ග්ලෝබ්ල් ලැන්වේජ්. කේම්බ්‍රිජ්: කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. ISBN 0-521-53032-6.
  2. ක්‍රැෆර්ඩ්, ජේම්ස්. "ලැන්වේජ් ලෙජිස්ලේෂන් ඉන් ද යූ.එස්.ඒ.". languagepolicy.net. 2008-06-24. සම්ප්‍රවේශනය 2011-10-03.
  3. "ස්ටේට්ස් විත් ඔෆීෂියල් ඉංග්ලිෂ් ලෝස්". us-english.org. සම්ප්‍රවේශනය 2011-10-03.
  4. උතුරු ඇමරිකානු ඉංග්‍රීසි (ට්‍රජිල්, පි. 2) යනු එක්සත් ජනපදයෙහි සහ කැනඩාවෙහි කථනය සඳහා භාවිතා වන ඉංග්‍රීසි භාෂා ප්‍රභේද සඳහා භාවිතා වන සමූහ පදයකි.
"https://si.wikipedia.org/w/index.php?title=ඇමරිකානු_ඉංග්‍රීසි&oldid=265291" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි