ඇබකසය
ඇබකසයේ ඉතිහාසය
සංස්කරණයපරිගණක යන්ත්‍රයේ මුල්ම නිමැවුම "ඇබකසය"යි. මේකෙ මුල්ම නිමැවුම කවදා වුණාදැයි හරියටම කියන්න බැරි වුණත් ක්‍රි.පූ. 3000 දී පමණ මැද පෙරදිග හි (දැන් ඉරාකය ආශ්‍රිතව) ඇබකසය පාවිච්චි කලා කියලා සාක්ෂි ලැබිලා තියනවා. අරාබියේ සිට පෙරදිග රට වලට වෙළදාමේ ආව වෙළෙන්දන්ගෙන් මේක ලැබුණ කියලයි සළකන්නේ.
ක්‍රි.ව. 1000 දී පමණ දෙවන සිල්වෙස්ටර් පාප්තුමා යුරෝපා රට වලට ඇබකසය යළි හදුන්වා දීලා තියෙනවා. ඒත් අරාබි ඉලක්කම්
ක්‍රමය ජනප්‍රිය වීමත් සමග ඇබකසයට ලැබුණු ජනප්‍රියත්වය අඩු වෙලා. මුලින්ම ඇබකසය කියලා පාවිච්චි කරලා තියෙන්නේ සියුම් වැලි අතුරපු පුවරුවක්. ඒ වැලි මත අදින ලද සටහන් මකා දමලා නැවත නැවතත් සටහන් කරමින් තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ. පස්සේ පැමිණි ඇබකසයේ ලී රාමුවකට තිරස්ව සවිකරපු සිහින් කූරු හෝ තන්තුද ඒ මත ලේසියෙන් එහා මෙහා කරන්න පුළුවන් පබළු වලාන් තමයි හදලා තියෙන්නේ. ඒකේ පබළු තීරු 13ක් තිබිල තියෙනවා. මේ තීරු වලින් 1, 10, 100, 1000, 10 000, යන ස්ථින නියෝජනය වෙන්නේ.
මේ ඇබකසයෙන් ඉතා වේගයෙන් එකතු කිරීම්, අඩු කිරීමේ හැකියාව තියෙනවා. හොදින් පුහුණු වුන පරිශීලකයෙක්ට නම් ගුණ කිරීම්, බෙදීම් වගේම වර්ග මූලය සෙවීමද මේ ඇබකසයෙන් කරන්න පුළුවන්.
වර්ෂ 1946 දී පමණ ජපානයේ ටෝකියෝ නගරයේදී එවකට පාවිච්චි කල හොදම හා දියුණුම කැල්කියුලේටරයත් ජපන් ඇබකසයත් අතර තරගයක් තියල තියෙනවා. පුදුමයකට ඒකෙන් ජය අරන් තියෙන්නේ ඇබකසයයි. වර්ථමානයේ ගණක යන්ත්‍ර, පරිගණක හා සසදද්දී මේ ඇබකසය ඉතා ප්‍රාථමික උපකරණයක් විදිහට පෙනුනත් චීනයේ,රුසියාවේ,ජපානයේ කඩ සාප්පු වල ගණනය කිරීම් වලට ඇබකසය පාවිච්චි කරනවා. කොච්චර පරණ තාක්ෂණයක් වුනත් තවමත් මේ ඇබකසයට ඉහළ වටිනාකමක් තියෙන බව කියන්න ඕන....