ඇපොලෝ බෙල්වඩියර් (හෙවත් බෙල්වඩියර් ඇපොලෝ, බෙල්වඩියර් හී ඇපොලෝ, හී පිතියානු ඇපොලෝ)[1] ‍යනුවෙන් හැඳින්වෙන්නේ සම්භාව්‍ය ඓතිහාසික යුගයට අයත්, සුප්‍රකට කිරිගරුඩ ප්‍රතිමාවකි.

ඇපොලෝ බෙල්වඩියර්
ශිල්පියාලියෝකාරීස් අනුව යමින්
වර්ෂයක්‍රි.ව. 120-140 පමණ
වර්ගයසුදු කිරිගරුඩ
මාන224 cm (88 in)
පිහිටීමවතිකානු කෞතුකාගාරය, වතිකානු නගරය

මෙම ඇපොලෝ ප්‍රතිමාව හේඩ්‍රියනික යුගයට (ක්‍රි.ව. 120–140) අයත් මුල් රෝම ප්‍රතිනිර්මාණයක් ලෙස වර්තමානයේ පිළිගැනේ. මෙහි ඇති සුවිශේෂී රෝම පාවහන් හේතුවෙන් එය මුල් ග්‍රීක ප්‍රතිමාවක පිටපතක් නොවේ යැයි විද්වත්හු පවසති.[2] පසුකාලීන 15වන සියවසේ ඉතාලි පුනරුද යුගයේ මධ්‍යම ඉතාලියෙන් සොයාගැනුණු මෙම ප්‍රතිමාව 1511 දී වතිකානු මාලිගය තුළ අර්ධ-මහජන ප්‍රදර්ශනයට තබන ලදී. වර්තමානයේ මෙය වතිකානු කෞතුකාගාර සංකීර්ණයේ පියෝ-ක්ලෙමන්ටයින් කෞතුකාගාරය තුළ Cortile del Belvedere හි ප්‍රදර්ශනයට තබා ඇත.

ආශ්‍රේයයන් සංස්කරණය

උද්ධෘත සංස්කරණය

  1. Réveil, Etienne Achille and Jean Duchesne (1828), Museum of Painting and Sculpture, or Collection of the Principal Pictures, Statues and Bas-Reliefs, in the Public and Private Galleries of Europe, London: Bossanage, Bartes and Lowell, Vol 11, p. 126. ("The Pythian Apollo, called the Belvedere Apollo")
  2. "Apollo Belvedere". Wilcox Classical Museum (ඉංග්‍රීසි බසින්). 2016-02-16. සම්ප්‍රවේශය 2019-08-13.

වෙනත් මූලාශ්‍ර සංස්කරණය

  • Francis Haskell and Nicholas Penny, 1981. Taste and the Antique (Yale University Press) Cat. no. 8. Critical history of the Apollo Belvedere.

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:Rome landmarks

"https://si.wikipedia.org/w/index.php?title=ඇපොලෝ_බෙල්වඩියර්&oldid=504493" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි