ඇන්ටන් විකී (アントン・ウィッキー) (ඇන්ටන් විකී අම්බලවණර්) (උපත 1936 සැප්තැම්බර් 26) ජපානයේ ජනප්‍රිය අධ්‍යාපනඥයෙකි. ලංකාවේ දී උපත ලැබූ මොහු 1961 දී මොම්බුෂෝ (Mombusho) ශිෂ්‍යත්වය යටයේ ජපානයට ගියේ ය​. 1969 දී ඔහු තෝකියෝ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා ගත්තේ ය​. ඔහු (Ohu) සහ රෙයිතකු (Reitaku) විශ්ව විද්‍යාලවල ඔහු උගැන්වීම් කටයුතු සිදු කර ඇත​.

1979 දී ඔහු නිප්පොන් රූපවාහිනියේ Wicky-san's One-point English Conversation නම් වැඩසටහන ආරම්භ කළේ ය​. වසර පහළොවක් පුරාවට එම වැඩසටහන විකාශය විය​. නැවත 2007 දී ඔහු සිය රූපවාහිනි වැඩසටහන ආරම්භ කළේ ය​.

මෝටර් රථවාහන සැපයුම් සිල්ලර වෙළඳ ජාලයක් වන යෙලෝ හැට් හි වෙළඳ දැන්වීම්වල ඔහු 2006 සිට පෙනී සිටී.

මූලාශ්‍ර​ සංස්කරණය

Kobayashi Ginko: Minutes with our man on the street - Sri Lankan appeared on TV spot with unsuspecting Japanese. The Daily Yomiuri (Tokyo), October 13, 1994, p. 9.

බාහිර අඩවි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ඇන්ටන්_විකී&oldid=591386" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි