ඇඩ්වාන්ස්ඩ් මයික්‍රෝ ඩිවයිසර්ස් ඉන්කෝපරේෂන්

(ඇඩ්වාන්ස් මයික්‍රො ඩිවයිසස්, සමාගම වෙතින් යළි-යොමු කරන ලදි)

ඇඩ්වාන්ස් මයික්‍රෝ ඩිවයිසස් සමාගම (AMD) බහු ජාතික ඇමරිකානු අර්ධ සන්නායක නිපදවන සමාගමක් වන අතර එය කැලිෆෝනියාවේ, සනීවැලේ හි පිහිටා ඇත. මෙම සමාගමින් පාරිභෝගික වෙළඳ පොළට පරිගණක සකසන සහ ඒ ආශ්‍රිත තාක්ෂණයන් වැඩි දියුණු කර එලි දක්වයි. එහි නිෂ්පාදිත ප්‍රධාන නිෂ්පාදන ලෙස මයික්‍රොප්‍රොසෙසර, මවු පුවරු චිප් පද්ධති, එබුණු සකසන සර්වර් හා පෞද්ගලික පරිගණකවලට අවශ්‍ය ග්‍රැෆික් සකසන සහ අතේ රැගෙන යා හැකි උපාංග, ඩිජිටල් රූපවාහිනී සහ ඩිජිටල් ක්‍රීඩා උපාංග සඳහා අවශ්‍ය වන සකසන (Processor) තාක්ෂණයන් දැක්වේ. AMD සමාගම x86 නිර්මාණ ශිල්පය යටතේ මයික්‍රොප්‍රොසෙසර නිපදවන ලොව දෙවන විශාලතම සැපයුම්කරු වන අතර ඔවුන් දෙවැනි වනනේ Intel සමාගමට පමණි. එසේම ග්‍රැෆික් සැකසුම් පද්ධති සපයන ලොව තෙවන විශාලතම සමාගම ලෙස AMD සමාගම හැඳින්වේ. එමෙන්ම ඉක්මනින් වෙනස් නොවන ක්ෂණික මතක සපයන්නෙකු ලෙස AMD සමාගම 21% ක කොටසක් හිමිකර ගෙන සිටී. 2007 දී අර්ධ සන්නායක නිපැයුම්කරුවන් අතරේ 11 වන ස්ථානයට AMD සමාගම පත්විය.

ඇන්වාන්ස්ඩ් මයික්‍රෝ ඩවියිසර්ස්, සංස්ථාපිත.
වර්ගයPublic company
S&P 500 Component
ස්ථාපිතය1969
ප්‍රාරම්භකJerry Sanders
Edwin Turney
Additional co-founders
මූලස්ථානයOne AMD Place,[1]
Sunnyvale, California, U.S.
සේවා සරියWorldwide
ප්‍රධාන පුද්ගලයන්Bruce Claflin
(Executive Chairman)

Rory Read (CEO)
කර්මාන්තයSemiconductors
නිෂ්පාදිතයන්Microprocessors
මවු පුවරු chipsets
Graphics processors
ආදායම US$ 6.494 billion (2010)
මෙහෙයුම් ආදායම US$ 824 million (2010)
ශුද්ධ ආදායම US$ 471 million (2010)
මුළු වත්කම් US$ 4.964 billion (2010)
මුළු සමකොටස US$ 1.013 billion (2010)
සේවකයන්11,100 (2010)[2]
වෙබ්අඩවියAMD.com
විකුණනු ලබන්නේNYSEAMD

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ AMD Headquarters. Retrieved September 24, 2011.
  2. ^ "AMD 10k sec filing". AMD. February 19, 2010.