ඇංග්ලෝ-සැක්සානු එංගලන්තයෙහි ඉතිහාසය
ඇංග්ලෝ-සැක්සානු එංගලන්තය යනු, රෝමානු බ්‍රිතාන්‍යය අවසානයෙහි සිට වසර 1066 දී වූ නෝර්මන් ආක්‍රමණය දක්වා, 5වන සිට 11වන සියවස් දක්වා පැවති මධ්‍යතන එංගලන්තයෙහි මුල් අවදිය වෙයි. එත්ල්ස්ටන් රජ (පා. 927–939) යටතෙහි වසර 927 දී එංගලන්ත රාජධානිය ලෙසින් එක්සත් කරණු ලැබීමට පෙර විවිධ ඇංග්ලෝ-සැක්සානු රාජධානි වලින් එය සමන්විත විය. 11වන සියවසෙහි එංගලන්තය, ඩෙන්මාර්කය සහ නෝර්වේ අතර පැවති පෞද්ගලික සංගමයක් වූ කෙටි කලක් පැවති මහා කනූට් රජුගේ උතුරු මුහුදු අධිරාජ්‍යයෙහි කොටසක් බවට එය පත් විය.
ඇංග්ලෝ-සැක්සානුවරු යනු ජර්මැනික් භාෂා-කතා කරණ කණ්ඩායම්හී සාමාජිකයන් වන අතර, අසල පිහිටි වයඹදිග යුරෝපයෙහි සිට මහා බ්‍රිතාන්‍යය දිවයිනෙහි දකුණුදිග අර්ධය දක්වා සංක්‍රමණය වී ඇත. . මෙනයින් ඇංග්ලෝ-සැක්සානු ඉතිහාසය ආරම්භ වන්නේ රෝමානු පාලනය අවසානයෙහිදී උප-රෝමානු බ්‍රිතාන්‍යය කාල පරිච්ඡේදයෙහි වන අතර, 5වන සහ 6වන සියවස් තුලදී ඇංග්ලෝ-සැක්සානු රාජධානි බිහිවීම එහිදී සිදු වන අතර ( ප්‍රධාන රාජධානි සත ලෙසින් සාම්ප්‍රදායිකව හඳුන්වන: නොතම්බ්‍රියා, මර්සියා, ඊස්ට් ඇංග්ලියා, එසෙක්ස්, කෙන්ට්, සසෙක්ස්, සහ වෙසෙක්ස්), 7වන සියවසෙහිදී ඒවා ක්‍රිස්තියානි බවට පත්වීම, වයිකිං ආක්‍රමණිකයන්ගේ සහ ඩෙන්මාර්ක පදිංචිකරුවන්ගේ තර්ජනය, 9වන සහ 10වන සියවස්හිදී වෙසෙක්ස් ආධිපත්‍යය යටතේ ක්‍රමයෙන් එක්සත් එංගලන්තය බිහිවීම, සහ 1066 වසරෙහිදී අවසානයෙහිදී විලියම් ද කොන්කරර් විසින් එංගලන්තයෙහි නෝර්මන් ආක්‍රමණය සිදුවිය.