ප්රන්ස බසින් 'ආ සූස දෙ'හ්ජො' (ප්රන්ස: Anse Source d'Argent; ඉංගිරිසි ඌරුවට: //අන්ස් සූස් ඩ'ජොන් //; අරුත: Cove source of silver(?)) යනු සෙචිලිස් (සීෂෙල්ස්) කොදිව් පෙළේ 'ලා දීගේ' (ප්රන්ස: La Digue; ඉංගිරිසි ඌරුවට: //ලා ඩීග්//) දූපතෙහි පිහිටා ඇති වෙරළෙකි. "Guide du routard" [1] ට අනුවැ එය ලොවැ පසිඳුතම වෙරළ තීරයෙකි.

'ලා දීගේ'හි 'ආ සූස දෙ'හ්ජො' වෙරළ තීරය.

බිම කොසුව සංස්කරණය

කිලෝ මීටර දෙකක් දිගු, 'ආ සූස දෙ'හ්ජො' පිහිටා ඇත්තේ 'ලා දීගේ' දිවයිනෙහි නිරිත දෙසිනි. එය ට පිවිසිය හැක්කේ සෙචිලිස්හි යෝධ කැස්බෑවන් සිටුනා පැරැණි යටත් විජිත නිවසක් වන "ද යුනියන් එස්ටේට් ෆාම්" (ප්රන්ස බසින්: l'Union Estate Farm, //ලූනියෝ එස්ටෙයිට් ෆාහ්ම් //) හරහා පමණි.

බිම් ලකුව සංස්කරණය

මීට වසර මිලියන 65කට පමණ පෙරැ, මේ කොදිව් රැස නිමැවී ඇත්තේ (බිම් ලකු) සංසිද්ධිවල එකතුවකිනි: ගොන්ඩ්වානාව, එක් අතකින් ඉන්දු බිම් තලයකට හා අනෙක් අතින් අප්රිකානු බිම් තලයකට වෙන් වීම, මුරුසිය හා රීයුනියන් දූපත් නිමැවුණු අයුරින් මැ, දිය යට ගිනි කන්දෙක් හා බැඳුනෙකි. ග්‍රැනිටික් දූපත් මේ අනුවැ සෙචිලිස් ඉවුරෙහි/ඉමෙහි(?) (bank) මැද පිහිටයි. 'ලා දීගේ'හි සිදු වූයේ මේ යැ.

'ආ සූස දෙ'හ්ජො' වෙරළෙහි අවුල් සහගත අයුරින් සැකැසී ඇති නෙත් ඇදගන්නා සුලු කළුගල් කුට්ටි ඇත. සෙචිලිස්හි අනෙකුත් බොහෝ වෙරළ තීරයන් මෙන් නො වැ, 'ආ සූස දෙ'හ්ජො' වෙරළ කොරල් පරයෙකින් රැකී ඇත.

වෙසෙසියාවන් සංස්කරණය

'ආ සූස දෙ'හ්ජො' බොහෝ ශ්‍රේණිගත කිරීම් අනුවැ [2] , [3] , [4] ලොවැ දැකුම්කලුතම වෙරළ තීරයන් අතර නිරන්තරයෙන් ඉතා ඉහළින් මැ ස්ථානගත වැ ඇති.

  Catégorie:Catégorie Commons avec lien local identique sur Wikidata

සටහන් සහ යොමු සංස්කරණය

  1. Anse Source d'Argent, Guide du Routard.
  2. Les plus belles plages du monde සංරක්ෂණය කළ පිටපත 2017-07-24 at the Wayback Machine, Guide du Routard.
  3. Plus belles plages du Monde, elle.fr.
  4. Plus belles plages du monde, Guide du Routard.
"https://si.wikipedia.org/w/index.php?title=ආ_සූස_දෙ%27හ්ජො&oldid=591341" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි