ආසියාවේ නීති පද්ධති


චීනයේ හා ඉන්දියාවේ ආර්ථීක වර්ධනයත් සමඟ ආසියාවේ නීතිය සීඝ‍්‍ර වෙනස්වීමකට හා නූතනකරණයකට ලක්ව ඇත. ආසියානු රටවල් යුරෝපීය නීතියේ උරුමය දරා සිටින අතරම තමන්ගේ අනන්‍යතාවයක්ද එතුල අන්තර්ගත කරගනී.

ඉතිහාසය

පැරණි චීනයේ හා පැරණි ඉන්දියාවේ ස්වාධීන නෛතික න්‍යාය පිලිබඳ ගුරුකුල විය. ඉන්දියාවේ මනු නීති හා අර්ථ ශාස්ත‍්‍රද චීනයේ සාම්ප‍්‍රදායික චීන නීතියද මීට උදාහරණයන්ය. 19 වන සියවසේදී ජර්මනිය නෑගී එමින් පැවති මහා බලය විමත්, සිවිල් නීති සංග‍්‍රහයන් විශාල පොදු නීති නෛතික දේහයන්ට වඩා ගලපාගැනීම පහසුවීමත් හේතුකොටගෙන බොහෝ පෙරදිග නීති පද්ධතීන්ට ජර්මානු සිවිල් නීති සංග‍්‍රහයේ බලපෑම ලැබී ඇත. ජපානය දකුණු කොරියාව මෙයට උදාහරණයන්ය. චීනයේ ක්විං රාජවංශයේ අවසන් භාගයේදී ජර්මානු සිවිල් නීති සංග‍්‍රහය හඳුන්වාදෙනු ලැබූ අතර එය චීන මහජන සමූහාණ්ඩුවේ නීතියේ පදනම විය. එය අදටද තායිවානය තුල කි‍්‍රයාත්මකව පවතී. වර්තමාන චීන මහජන සමූහාණ්ඩුවේ නෛතික පසුතලය ජර්මනිය පදනම් කරගත් සිවිල් නීතියේද, එංගලන්තය පදනම් කරගත් හොං කොං හි පොදු නීතියේද, සොව්යට් ආභාෂය සහිත සමාජවාදී නීතියේද, එක්සත් ජනපද ආකාරයේ බැංකු හා ආරක්‍ෂක නීතීන්හිද. සාම්ප‍්‍රදායික චින නීතියේද සම්මිශ‍්‍රණයකි. ඉන්දියාවේ සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික අනෙකුත් රටවලද ඉංගී‍්‍රසි පොදු නීතිය පුද්ගලික නීතියේ පදනම බවට පත්ව ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ආසියාවේ_නීති_පද්ධති&oldid=180710" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි