ආසියානු සංස්කෘතීන් විශාල සංඛ්‍යාවක් ඇසුරෙන් නිර්මාණය වු විවධ සංගීත විලාසිතා ගණනාවක් ආසියානු සංගීතයට අයත් වෙයි. ආසියානු සංගීතයේදී බොහෝ විට ස්වර 5 කින් යුත් ප්‍රස්තාර භාවිතා කෙරේ. පිලිපීන සංගීතයේදී ස්වර අටක් භාවිතා වෙයි. නැතහොත් ඔවුහු යුරෝපියානු සංගීත ක්‍රමයක් භාවිතා කරති. ඊට හේතුව ස්පාඤ්ඤ ජාතිකයන් පිලිපිනයෙහි ජනපද පිහිටු වීමයි.

ආසියානු සංගීතය ආසියාව තුළ ජීවත් වන මිනිසුන් සහ ඔවුනගේ සංස්කෘතීන් තරමටම විශාල එමෙන්ම අනන්‍ය වේ. මොවුන්ගේ ප්‍රධාන සංගීත උපකරණ කාණ්ඩ අතරට තත් දෙකක් හෝ තුනක් සහිත Lute උපකරණ, (the necks either fretted or fretless), අශ්ව ලොම්වලින් නිර්මාණය කළ වීනා, බොහෝ විට දෙපසම විවෘත ආකාරයක් ගන්නා බටනලා (දෙකෙළවරින් ඕනෑම එක් කෙලවරකින් පිඹිය හැකි හෝ පැත්තෙන් පිඹින ආකාරයේ) සහ යුදෙව් වීනා (බොහෝ විට සයිබිරියානු උපකරණය ලී වලින් නිර්මාණය කෙරුණු එකක් වන අතර අනෙක්වා ලී හෝ ලෝහ භාවිත යෙන් නිර්මාණය කෙ‍රුණු ඒවා වෙයි) අයත්වෙයි. පිරිගැටුම් සංගීත භාණ්ඩ අතරට රාමු බෙර, ටැම්බොරීන් බෙර සහ කෙට්ල්ඩ්‍රම් බෙර යනාදිය අයත් වෙයි. ප්‍රධාන වශයෙන්ම බහුතාල නාදයන් Lute සහ වීනා භාවිතයෙන් ලබාගැනෙයි. තවද වාචික බහුතාල විවිධ ක්‍රම මගින් ලබාගැනෙයි. උදා - තනි බටනලාවක් පිඹින අතරතුර භක්ෂීර්වරු මූලික ස්වරයක් මුමුණති.

"https://si.wikipedia.org/w/index.php?title=ආසියානු_සංගීතය&oldid=464194" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි