ආසියානු අමෙරිකානු අධ්‍යයන - ප‍්‍රධාන පාඨමාලා සහ පීඨ

ආසියානු අමෙරිකානු අධ්‍යයන - ප‍්‍රධාන පාඨමාලා සහ පීඨ


මෙම අධ්‍යයනයන් ට අදාලව කැලිෆෝනියාවේ ඇති පාඨමාලා ප‍්‍රධාන වශයෙන් බෙකර්ලි විශ්ව විද්‍යාලය ලොස් ඇන්ජලිස් විශ්ව විද්‍යාලය අර්වින් ඬේවිස් සහ සැන් ෆ‍්‍රැන්සිස්කෝ ප‍්‍රාන්ත විශ්ව විද්‍යාල වල ද ක්ලෙරමොන්ට් කොලේජ් හිද පැවැත්වේ. ලොස් ඇන්ජලිස් විශ්ව විද්‍යාලය මෑතකදී ආසියානු අමෙරිකානු අධ්‍යයන පීඨයක් ආරම්භ කලෝය. ස්ටැන්ෆෝර්ඞ් විශ්ව විද්‍යාලය මෑතකදී ආසියානු අමෙරිකානු අධ්‍යයන ද ඇතුලත් වාර්ගික හා සංස්කෘතික පාඨමාලාවක් ආරම්භ කළෝ ය.

කැලිෆෝනියාවෙන් පිටත ප‍්‍රධාන පාඨමාලා වොෂිංටන් ඉලිනොයිස් කොලරාඩෝ කොර්නෙල් සහ කොලොම්බියා විශ්ව විද්‍යාල වල පැවැත්වේ. අනෙකුත් නැගි එන පාඨමාලා ඇරිසෝනා නිව් යෝර්ක් පෙන්සෙල්වේනියා සහ මිනසෝටා විශ්ව විද්‍යාල වල පැවැත්වේ. වර්තමානයේ වර්ජිනියා නෝර්ත්වෙස්ටර්න් සහ නෝර්ත්කැරොලිනා වැනි විශ්ව විද්‍යාල ආසියානු අමෙරිකානු අධයන ආරම්භ කිරීමේ වැඩ පිළිවෙල දියත් කරමින් හිඳී.

ලොස් ඇන්ජලිස් විශ්ව විද්‍යාලය ආදියේ ආසියානු අමෙරිකානු අධ්‍යයන පිළිබඳ උසස් උපාධි ලබා ගැනීමට අවස්ථාව සළසා තිබේ. චාර්ල්ස් බී වැන්ග් ගෙන් ආධාරයක් ලෙස ලද ඩොලර් මිලියන පණහක් වටිනා ගොඩනැගිල්ලේ ප‍්‍රතිඵලයක් ලෙස නැගෙනහිර වෙරළේ ස්ටෝනි බෲක් හි නිව්යෝර්ක් ප‍්‍රාන්ත විශ්ව විද්‍යාලය මෑතකදී ආසියානු සහ ආසියානු අමෙරිකානු අධ්‍යන පීඨයක් ආරම්භ කරන ලදී . විශාල ආසියානු ජනගහනයකින් හෙබි නිව්යෝර්ක් නුවර පිහිටි ක්වීන්ස් කොලේජ් හා නිව් යෝර්ක් නාගරික විශ්ව විද්‍යාලය ආසියානු අමෙරිකානු ගවේෂණ මධ්‍යස්ථානයට හා ආසියානු අමෙරිකානු කේන්ද්‍රයට නිජබිම විය. මෙම ආයතන දෙකම ආසියනු අමෙරිකානුවන් පිළිබඳ ගවේෂණයෙහි ලා ප‍්‍රමුඛ ව කටයුතු කරන අතර නිව්යෝර්ක් නගරයේ ආසියානු ඩයස්පෝරාව පිළිබඳ වඩාත් අවධානයක් දක්වයි.


References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Asian_American_Studies#Major_Programs.2FDepartments