ආශ‍්‍රම ධර්ම
ආශ‍්‍රම ධර්ම පද්ධතිය අනුව මනුෂ්‍යයාගේ ආයු කාලය වසර සියයක් පමණ වූවක් ලෙස ගෙන එය වසර විසිපහ බැඟින් වන කාල පරිච්ඡේද සතරකින් සමන්විත වූවක් සේ සලකනු ලැබේ. එම එක් එක් අවධි වල දී සාක්ෂාත් කරගතයුතු පරමාර්ථ ද වන්නේ ය. ඒවා මෙසේ ය.
ආශ‍්‍රමය හෝ අවධිය | වයස (අවුරුදු) | විස්තරය |
බ‍්‍රහ්මචාරී (ශිෂ්‍ය ජිවිතය) | උපනයේ සිට අවුරුදු 16 තෙක් | මෙම අවධියේදී දරුවෙකු ලෙස ගුරුවරයා යටතේ දිවිගෙවමින් දැනුම ලබාගැනීම , ආත්ම දමනය හා |
බ‍්‍රහ්මචර්යාව ප‍්‍රගුණ කිරීම, ධර්මාණුකූල ජීවිතය පිළිබඳව හැදෑරීම සහ භාවනාව ප‍්‍රගුණ කිරීම සිදු කෙරේ. | ||
ගෘහස්ථ (ගිහි ජීවිතය) | 16-45 | සිය පවුල, ජන සමාජය සහ ආගමික පූජකවරුන් වෙනුවෙන් ඉටුකළ යුතු දෑ නොපිරිහෙලා ඉටුකරමින් |
ආදර්ශමත් ගිහි ජීවිතයක් ගතකිරීම මෙම කාල පරිච්ඡේදයේදී සිදු වෙයි. | ||
වානප‍්‍රස්ථ (විශ‍්‍රාමික දිවිය) | 45-60 | ගෘහස්ථ ජීවිතයේ යුතුකම් මැනැවින් ඉටුකිරීමෙන් අනතුරුව ක‍්‍රමයෙන් ලෞකික දෑ අතහැර දැමීමත් සිය |
ඥානය නිදහසේ අන්‍යයන් සමඟ බෙදා හදා ගැනීමත් අවසන් අදියරේදී සිදුවන සියල්ල අතහැර දැමීම සඳහා සූදානම් | ||
වීමත් මෙම කාලයට අයත් කාර්යයෝ වෙති. | ||
සන්‍යාස | 60 පසු | ලෞකික වූ සියල්ල අතහැර දමා ආධ්‍යාත්මික ගවේෂණය පිණිස ද විමුක්තිය පිණිස ද ජීවිතය |
සම්පූර්ණයෙන් ම කැප කරමින් භාවනානුයෝගීව ගතකිරීම මෙම කාලයේදී සිදුවෙයි. |
අර්ථ,ධර්ම,කාම සහ මෝක්ෂ යන අරමුණු සාක්ෂාත් කරගැනීම පිණිස මෙම ආශ‍්‍රම ධර්ම අනුගමනය කිරීම හේතුවෙතැයි හින්දුහු විශ්වාස කරති.