ආශ්‍රම ක්‍රමය සංස්කරණය

ආශ්‍රම ක්‍රමය යටතේ, මනුෂ්‍ය ජීවිතය අදියර සතරකට බෙදෙයි. එක් එක් අදියරෙහි අරමුණ වන්නේ, ජීවිතයේ අනුගාමී අදියර සතර අතුරින් එක් එක පූර්ණ වශයෙන් ඉටු කිරීමයි.[1][2]

ආශ්‍රම ක්‍රමය
ආශ්‍රම හෝ අදියර වයස (අවුරුදු)[3] විස්තරය[1][2][4][5] සංක්‍රාන්තියෙහි පිළිවෙත්
බ්‍රහ්මචර්යා
(ශිෂ්‍ය ජීවිතය)
24 දක්වා ඔහුගේ වයස අවුරුදු 5 වන තුරු පිරිමි දරුවා ඔහුගේ පවුල හා සමග ජීවත් වෙයි. ඔහු ඉන් පසු ගුරුකුලයක් (ගුරුවරයෙකුගේ නිවසක්) වෙත යැවෙන අතර සාමාන්‍යයෙන් ගුරු කෙනෙකු (ගුරුවරයෙක්) හා සමග ජීවත් වෙන්නේ, විද්‍යාව, දර්ශන විද්‍යාව, ධර්ම ග්‍රන්ථ හා තර්ක ශාස්ත්‍රය, ස්වයං-විනය හා ධර්මප්‍රචාරය හුරුවීම, ධර්මානුකූල (ධර්මිෂ්ඨ) ජීවිතයක් ගත කිරීම ආදිය පිළිබඳ දැනුම උකහාගනිමිනි. ඇතුළුවීමේදී උපනයන.
ගෘහස්ත
(ගෘහ ආශ්‍රිත ජීවිතය)
24-48 පරමාදර්ශ ගෘහස්ත ජීවිතයක් ගත කෙරෙනුයේ, පවුල් ජීවිතය භුක්ති විඳිමින්, පවුල හා සමාජය වෙත යමෙකුගේ යුතුකම් ඉටුකරමින් සහ, ඵලදායී කර්මාන්තයන්හී යෙදෙමිනි. මෙම ආශ්‍රම අදියර ගත කරන පුරුෂයෙකු අනෙකුත් ආශ්‍රම තුනෙහි වගකීම් දැරිය යුතුයි. ඇතුළුවීමේදී සමවර්තන. හින්දු විවාහයෙහි අනෙකුත් පිළිවෙත් පසුව.


සටහන් සංස්කරණය

  1. 1.0 1.1 චක්කරාත්, පි. 39.
  2. 2.0 2.1 රාමා, පි. 467.
  3. ජේ. ඩොනල්ඩ් වෝල්ටර්ස් (1998). ද හින්දු වේ ඔෆ් අවේකනිං: ඉට්ස් රෙවලේෂන්, ඉට්ස් සිම්බල්ස්, ඇන් එසෙන්ෂියල් විව් ඔෆ් රිලිජන්. ක්‍රිස්ටල් ක්ලැරිටි ප්‍රකාශකයෝ. pp. 154–. ISBN 978-1-56589-745-8. සම්ප්‍රවේශය 12 ජූලි 2013.
  4. ක්‍රියානන්ද, පි. 154.
  5. ආශ්‍රම, හින්දුපීඩියා, ද හින්දු එන්සයික්ලොෆීඩියා
"https://si.wikipedia.org/w/index.php?title=ආශ්‍රම_(අදියර)&oldid=271970" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි