ආශයිකාව (ජීව විද්‍යාව සහ රසායන විද්‍යාව)

සෛල ජීව විද්‍යාවෙහි, ආශයිකාවක් යනු, සෛලයක් තුල හටගන්නා කුඩා බුබුලක් වන අතර, ඒනිසාම එය ඉන්ද්‍රියිකා වර්ගයකි. ලිපිඩ ද්වස්තරයකින් වටවී ඇති ආශයිකා, ස්වභාවිකව, නිදසුන් වශයෙන් සෛලික අන්තර්ග්‍රාහය තුලදී, තැනිය හැක. විකල්ප වශයෙන්, ඒවා කෘත්‍රිම වශයෙන් තැනිය හැකි අතර, එහිදී ඒවා හැඳින්වෙන්නේ ලිපොසෝම ලෙසිනි. පොස්පොලිපිඩ ද්වස්තර එකක් පමණක් සහිත නම්, ඒවා හැඳින්වෙන්නේ, ඒකආස්තීර්ණ ආශයිකා ලෙසිනි; නොඑසේ නම් ඒවා හැඳින්වෙන්නේ, බහුආස්තීර්ණ ලෙසිනි. ආශයිකා වට කොට ඇති පටලය, ප්ලාස්මා පටලයට සමාන කම් දක්වන අතර, ප්ලාස්මා පටලය සමග විලීන වන ආශයිකා විසින් එහි අන්තර්ගතයන් සෛලයෙන් පිටත මුදා හැරිය හැක. සෛලය තුල ඇති අනෙකුත් ඉන්ද්‍රියිකා සමගින්ද ආශයිකා වලට විලීන විය හැක.

ජලීය ද්‍රාවණයක පොස්පොලිපිඩ විසින් තැනුනු ලිපොසෝමයක පටිපාටියක්.

අාශයිකා විසින් විවිධ කෘත්‍යයන් රැසක් ඉටු කෙරෙයි. සෛලසොලය වෙතින් එය වෙන්ව පවතින හෙයින්, ආශයිකාවේ අභ්‍යන්තරය, සෛලසොලික වටපිටාවට වෙනස් ලෙසින් පැවතිය හැකිය.