ආරුමුග නාවලර්
ආරුමුග නාවලර්තුමන් (1822 දෙසැම්බර් 18 -1879 දෙසැම්බර් 5) දේශීය දමිළ හින්දු සම්ප්‍රදායන් නගාසිටුවීමට මුල් වූ ශ්‍රී ලාංකික දමිළ ශෛවනිකායික හින්දු විද්වතෙක් සහ ආගමික ප්‍රතිසංස්කාරකයෙක් ද විය. යුරෝපා ජනවර්ග කිහිපයක් යටතේ ම සියවස් 4කට ආසන්න කාලයක් තිස්සේ සිදු වූ ආගමික සහ සංස්කෘතික පරිහානියෙන් දේශීය හින්දු සංස්කෘතිය රැකගැනීමට එතුමන් කටයුතු කළේ ය. කිංග් ජේම්ස් බයිබලය දමිළ බසට පරිවර්තනය කිරීමට ක්‍රිස්තියානි මිෂනරි පාසල් සිසුවකු වශයෙන් සිටිය දී දායක වූ නමුත් ශ්‍රී ලංකාවේ මෙන් ම ඉන්දියාවේ විශාල වශයෙන් සිදු වූ ක්‍රිස්තියානිකරණය වැළැක්වීමට ඔහුගේ ආගමික පුනර්ජීවන ව්‍යාපාරය ඉමහත් බලපෑමක් ඇති කළේ ය.
සිය ආගමික පුනර්ජීවන ව්‍යාපාරය තුළ බටහිර ශිල්ප ක්‍රම හදුන්වා දෙමින් නූතන දමිල ලේඛන කලාවට ද මග පෑදූ හෙතෙම ක්‍රිස්තියානි මිෂනාරි පාසල්වලට එරෙහි ව නූතන විෂයන් ද ඉගැන්වුණු හින්දු විද්‍යාල ආරම්භ කිරීමට ද මුල් විය. හින්දු ධර්මයේ ඉපැරණි ම ශාඛාව වූ ශෛවවාදය රැකගැනීමට ඉදිරිපත් වූ හෙතෙම දමිල පොතපත සහ හින්දු ආගමික ග්‍රන්ථ ප්‍රකාශනය සදහා මුද්‍රණාලයක් ද අරඹන ලදී.
හින්දු ශෛවවාදය වෙනුවෙන් පරවාද ඛණ්ඩනය කරමින් කෘති රැසක් රචනා කළ හෙතෙම ඉපැරණි පුස්කොළ පිටපත් මුද්‍රණය කර පළකිරීමට ද කටයුතු කළේ ය.
මිය ගිය දිනය
සංස්කරණයමහාචාර්ය ඩෙනිස් හඩ්සන්ට අනුව නාවලර්තුමන්ගේ සේවය යාපනයෙන් අරඹුණ ද එය ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවී දකුණු ඉන්දියාව කරා ද ව්‍යාප්ත විය. හින්දු විද්‍යාල දෙකක් පමණක් නොව මුද්‍රණාලයන් දෙකක් ද අරඹමින් ඔහු ගෙනගිය පුනරුද ව්‍යාපාරය තුළ ක්‍රිස්තියානි මිෂනාරි ව්‍යාපාරයන්ගෙන් මෙන් ම මුල් හින්දු දහමට පිටස්තර ඇදහිලිවලින් ද ජනතාව මුදවාගැනීමට කටයුතු කළේ ය. ඔහු සිය අදහස් ඇතුළත් කෘති 23ක්, පුරාණ ග්‍රන්ථයන්ට කළ විවරණ ග්‍රන්ථ දෙකක්, සාහිත්‍ය, ව්‍යාකරණය, යාතිකා පොත් (litergy) සහ දේවධර්මය යන විෂයන්ට අයත් ඉපැරණි කෘති 40ක් සංස්කරණය කර පළකිරීම ද ඇතුළු ව ග්‍රන්ථ 97ක් පළ කළේ ය. ඔහු විසින් ඇරඹූ ඉපැරණි ශාස්ත්‍රීය කෘති මුද්‍රණය කර පළකරවීම පසුව ඔහුගේ අනුගාමිකයන් වූ යූ. වී. ස්වාමිකාන්ත අයියර් සහ සී. වී. තමෝදරපිල්ලෙයි විසින් ද ඉදිරියට ගෙන යන ලදී. දමිල භාෂාවට නූතන ගද්‍ය රචනා ශෛලිය හදුන්වා දෙමින් මධ්‍යකාලීන රචනා ශෛලීන්ගෙන් නූතනත්වය කරා දමිල රචනා ශෛලිය ගෙන යන ලද්දේ ඔහු විසින් බව දමිල විද්වතකු වන කමිල් ස්වෙලෙබිල් පවසයි.
යුගයේ නැගීඑමින් සිටි බටහිර අධ්‍යාපන පද්ධතිය අනුගමනය කරමින් ලොව ප්‍රථම හින්දු පාසල නාවලර් විසින් බිහිකරන ලදී. සිදම්බරම්හි ඔහු විසින් අරඹන ලද එම පාසල අද දක්වා ම පවත්වාගෙන යනු ලැබේ. ශ්‍රී ලංකාවේ ද ප්‍රාථමික සහ ද්විතීයික පාසල් 150කට වැඩි ගණනක් ඔහුගේ ප්‍රයත්නයෙන් ඇතිවූයේ වැඩි කාලයක් ගනිමින් නොවේ. මෙම පාසල් හින්දු සංස්කෘතිය, ක්‍රිස්තියානි මිෂනාරි ව්‍යාපාරයෙන් මෙන් ම ශෛවවාදයට පටහැනි වෙනත් පශ්චාත් හින්දු නිකායන්ගෙන් ද රැකගැනීමට මහත් සේ උපකාරී විය. ස්වකීය වූ හින්දු ආගමික විද්‍යාල පිහිටුවනු ලැබූ වී. කල්‍යානසුන්දරම් (1883-1953) සහ මරියමලෙයි අදිගල් (1876-1950) වැනි විද්වතුන්ට ද ඔහුගේ මෙම ව්‍යාපාරයේ බලපෑම සහ ආභාෂය ලැබිණි. ඔහුගේ මෙම පාසල් ව්‍යාපාරය හින්දු සංස්කෘතිය රැකගැනීමට බෙහෙවින් ඉවහල් වූ බව පෙනී යන්නේ මුලදී බලාපොරොත්තු වූ තරම් හින්දූන් පිරිසක් කිතුදහමට හරවා ගත නොහැකි වූ බව සභාපති කුලෙන්ද්‍රන් පූජාප්‍රසාදිතුමන් පැවසීමෙනි.
නාවලර්තුමන් ශෛවවාදය කෙරෙහි දැඩි නැඹුරුවක් පෙන්නුම් කරමින් එකී සම්ප්‍රදාය අනුගමනය කළේ ය. ඔහු කොන්දේසි විරහිත ව ශෛවවාදය වෙනුවෙන් පෙනී සිටියේ ය. ඒ නිසා ම එහි වූ කුලවාදයට ද මතවාදී රැකවරණය සැපයීමට පෙළඹුණි. නමුත් ඔහු පුද්ගලික ව කුලභේදය හිසින් ගත්තකු නො වීය. සියලුම සත්ත්වයන් සමාන බව එතුමන්ගේ විශ්වාසය විය. නාවලර්තුමන් දමිළ වාර්ගික අනන්‍යතාවය පදනම් කරගත් දේශපාලන ව්‍යාපාරයක් ගෙන නොගිය ද හින්දු ශෛව සංස්කෘතික උරුමය වෙනුවෙන් කතා කළ එතුමන්ගේ උද්වේගකර දේශනා විලාසය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ දමිළ ජාතිකවාදයේ නැගීමට හේතු විය. අනිකුත් හින්දු ආගමික සංකල්පවලට ප්‍රමුඛ ව දමිළයන්ගේ ඓතිහාසික ආගමික අනන්‍යතාවය ලෙස දමිළ ජාතිකවාදී ව්‍යාපාර විසින් සලකනු ලැබුවේ හින්දු ශෛව සිද්ධාන්ත සංකල්පය යි. ආගම් (දෙවියන් විසින් සෘෂීන්ට පහළ කරන ලද ග්‍රන්ථයන්) ශෛව ලබ්ධියේ එකම මූලාශ්‍රය විය යුතු බවට ඔහු විසින් තරයේ පළ කළ අදහස ලොව පුරා දමිළයන් තුළ ප්‍රාදේශීය දෙවිවරුන්ව හින්දු දේව මණ්ඩළයට අන්තර්ග්‍රහණය කරගනිමින් සත්ව බිලිපූජාව අත්හැර දැමීමට තිබූ නැඹුරුවට ජවයක් ලබා දුන්නේ ය.