ආර්.පී.ජී හෝ රොකට් බෝම්බ

ආර්.පී.ජී හෝ රොකට් බෝම්බ යනු උරහිස මත රඳවා යුධ ටැංකි විනාශ කරන ආයුධයකි. මෙයට නියාමනය නොකරන ලද පුපුරණ ද්‍රව්‍ය අඩංගු රොකට්ටුවක් විදීම ට හැක.ආර්.පී.ජී ‍යනු යන්නෙහි පරිවර්තනයයි. අත් මත රඳවන යුධ ටැංකි නාශක බෝම්බ විදිනය.

බොහෝ නවීන යුධ ටැංකි මෙවැනි රොකට්ටු වලට ඔරොත්තු දෙන ලෙස නිමවා ඇත. එබැවින් යුධ ටැංකියේ දුර්වල ස්ථානයකට නියමිත ලෙස පහර දීමට සිදුවේ. කෙසේ වුවත් ආර්.පී.ජී තවමත් කුඩා යුධ වාහන සඳහා ප්‍රහාර එල්ල කිරීමට සහ ගොඩනැඟිලි සහ බන්කර සඳහා පහර දීමට ඵලදායී වේ. මේවා තවමත් නවීන යුධ ටැංකි වලට යම් උපායමාර්ගික අවස්ථා වල තර්ජනයක් වේ.ආර්.පී.ජී - 29,වඩා දියුණු වර්ගය,ටැන්ඩම් ආරෝපණ තාපයෙන් ටැංකි වල ඇති ආවරණ‍ය හරහා ගමන් කරයි. මේයට නවීන ටී-90 යුධ ටැංකිය විනාශ කළ හැක.මෙවැනි ආර්.පී.ජී-29 අවියෙන් චැලෙන්ජර් 2 යුධ ටැංකිය ඉරාකයේ අල් අම් රා විනාශ කරන ලදී.