ආර්.එන්.ඒ.

රයිබොනියුක්ලික් අම්ලය (ආර්එන්ඒ) යනු ජාන කේතීකරණය, විකේතනය, නියාමනය සහ ප්‍රකාශනය සඳහා විවිධ ජීව ව

අර්.එන්.ඒ යනු නියුක්ලෙයික අම්ලයකි එබැවින් කාබන්,හයිඩ්‍රජන්,ඔක්සිජන්,නයිට්‍රජන් හා පොස්පරස් ඇත එසෙම අර්.එන්.ඒ යනු බහු අවයවික මහා අණුවකි.මුලික තනුම් ඒකකය වන්නෙරයිබොනියුක්ලියොටයිඩයයි.

A hairpin loop from a pre-mRNA. Highlighted are the nucleobases (green) and the ribose-phosphate backbone (blue).

රයිබොනියුක්ලික් අම්ලය (ඉංග්‍රීසි උච්චාරණය: /raɪbɵ.njuːˌkleɪ.ɨk ˈæsɪd/), හෝ RNA, යනු ජීවය පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය මූලික අණුවකි. RNA නියුක්ලික් අම්ල ගනයට වැටෙන අතර නිමවී ඇත්තේ DNA මෙන් නියුක්ලියෝටයිඩ දාම වලිනි. ජෛව බහුඅවයවකයක් ලෙසද හැඳින්විය හැක. DNA අණුවේ අඩංගු තොරතුරු ප්‍රකාශනය (gene expression) වන්නේ DNA කොටසක් පිටපත් කරමින් නිපදවෙන RNA අණුව මගින්ය. ජාන පරිවර්තන (translation) ක්‍රියාවලිය මගින් බොහෝ RNA ආශ්‍රයෙන් ඊට සම්පූර්ණයෙන් වෙනස් තවත් බහුඅවයවිකයක් වන ප්‍රෝටීන නිපදවේ. ප්‍රෝටීන නිපදවීමේදී සංඝටකයක් ලෙස RNA යොදා ගැනෙන්නේ නැත. එහිදී RNA යොදාගැනෙන්නේ ප්‍රෝටීනයේ සංඝටක වන ඇමයිනෝ අම්ල අනුපිලිවෙල නිර්ණය කිරීමට පමණි. මේ අනුව RNA අණුව DNA සහ ප්‍රෝටීනය අතර අතර-මැදි අණුවක් ලෙස ක්‍රියා කරයි. ප්‍රෝටීන නිශ්පාදනයේදී ජෛව සෛලයක් තුල උපයෝගී කරගන්නා RNA අණු, පණිවිඩකාර RNA (messenger RNA) ලෙස හැඳින්වේ.

RNA අණුවේ සීනි-පොස්පේට් පිටකොන්ද නිමවී ඇත්තේ DNA අණුවට වඩා මඳක් වෙනස් වූ සීනි අණුවක් වන රයිබෝස් සීනි සහ පොස්පේට් කාණ්ඩ වලිනි.(DNA වල සීනි-පොස්පේට් පිටකොන්ද ඩිඔක්සිරයිබෝස් සහ පොස්පේට් කාණ්ඩ වලින් නිමවී ඇත.)

මූලික RNA අණු ක්‍රියාකාරීත්වය අනුව තුන් වර්ගයකට බෙදා දැක්විය හැක.

  • පණිවිඩකාර RNA (mRNA - සෛල තුළ අඩුවෙන්ම අඩංගු වන RNA වර්ගයයි.)
  • සංක්‍රාමී RNA (tRNA - කුඩාම RNA වර්ගයයි.)
  • රයිබසෝම RNA (rRNA - සෛල තුළ බහුලව අඩංගු වන RNA වර්ගයයි.)

දුත,/පණිවිඩකාරක RNA (m-RNA)

සංස්කරණය

සෛල තුල වඩාත් අඩුවේන් පවතින RNA අණු ආකාරයයි.ඒව සමස්තයේන් 5% පමණවේ.‌මේව කෘත්‍ය (සංස්ලේෂණය) ඉටු කිරීමේන් පසු වහා බිද වැටේ.‌‌මේවා ‌රේඛිය දාම ස්වරුපයේන් පවතින අතර අඩංගු නියුක්ලියෝටයිඩ ප්‍රමාණය මත m-RNA වේනස් ‌වේ. න්‍යෂ්ටිකාව තුල නිපදවේ

පැවරුම්/සංක්‍රාමී RNA (t-RNA)

සංස්කරණය

කුඩාම RNA අණු වර්ගය යි. රේඛීය නමුත් පුඩු තුනක් සහිතය.ප්‍රෝටීන සංශ්ලේෂණය කරන ස්ථාන වෙත අැමයිනෝ අම්ල පරිවහනය කරයි.

රයිබොසෝම RNA (r-RNA)

සංස්කරණය

බහුලතම RNA වර්ගය යි. සංකීර්ණ වූ අක්‍රමවත් ව්‍යුහයක් අැත. පොලිපෙප්ටයිඩ සෑදීමට ස්ථාන සපයයි.

RNA වර්ග


මේවාත් බලන්න

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=ආර්.එන්.ඒ.&oldid=685517" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි