පාලි භාෂාවෙන් සච්ච යනු සත්‍යය හෙවත් ඇත්ත වේ. බුදුදහමේ දී සත්‍යය පිළිබඳ හමුවන වැදගත්ම අවස්ථාව වන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දේශනාවයි. සච්ච පාරමිතාව දස පාරමිතාවෙන් කොටසකි.

යථාර්ථය පිළිබඳ ගැඹුරු සත්‍යය

බුදුදහමේ සත්‍යය බොහෝ විට හඳුන්වන්නේ අරිය සච්ච හෙවත් ආර්ය/ උතුම් සත්‍යය යනුවෙනි. බුදුරජාණන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව වන ධම්මචක්කපවත්තන සුත්‍රයේදී චතුරාර්ය සත්‍ය පිළිබඳ සඳහන් වේ. "මහණෙනි, උතුම් මනුෂ්‍යයාට යථාර්තය දුක් සහගත බව අවබෝධ වේ. උපත දුකකි, මහළු වීම දුකකි, ලෙඩවීම දුකකි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි, අප්‍රියන් සමඟ විසිමට සිදුවීම දුකකි. කෙටියෙන් දැක්වුවහොත් පංචස්කන්ධයෙන් හටගන්නා උපාදානය දුකකි."

" මහණෙනි, උතුම් මනුෂ්‍යයාට දුක ඇතිවීමට හේතුව අවබෝධ වේ. තණ්හාවෙන් නැවත භවයක් ඇතිවේ."

"දුක නැති කිරීම සත්‍යයක් බව උතුම් මනුෂ්‍යයාට අවබෝධවේ. තණ්හාවෙන් මිදී නිදහස් වීම දුකෙන් මිදීමට මාර්ගයයි."

"දුක නැති කිරීමේ මාර්ගය නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි"

"https://si.wikipedia.org/w/index.php?title=ආර්ය_සත්‍යය&oldid=309960" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි