ආර්ථීක මානව විද්‍යාව

ආර්ථීක විද්‍යාව සහ මානව විද්‍යාව යන අංශ දෙක ඇසුරින් මිනිසාගේ චර්යාවන් හඳුනාගැනීමට භාවිතා කරන විද්‍යාව ලෙස ආර්ථික මානව විද්‍යාව හැඳින්වීමට හැකිය. මෙහිදී සලකා බැලෙන ප්‍රධාන කරුණු 3 නම් : විවිධ තත්ත්වයන් යටතේ කරුණු හැදෑරීම, මූලික කාරණා කොතෙක් දුරට ප්‍රාමාණික ද යන්න සොයා බැලීම සහ වෙනත් සංස්කෘතිකමය කරුණුය.

පහත දැක්වෙන කාරණා මූලිකවම සළකා බැලේ.

  • පුද්ගලයන් විසින් භාණ්ඩ හා සේවාවන්වල තෝරාගැනීමක් සිදුකරයි. මෙහිදී එක්දෙයක් තෝරාගැනීමටත් තවත් දෙයක් අත්හැරීමටත් සිදුවෙයි. එය එක් එක් පුද්ගලයාගේ රුචිකත්වය මත සිදුවේ.
  • මෙම තෝරාගැනීම්වල දී පුද්ගලයන් විසින් භාණ්ඩවල විවිධ තොරතුරු ලබාගෙන ඒවා සංසන්දනාත්මකව අධ්‍යයනය කරනු ලැබේ. නිසි තෝරා ගැනීම සිදු කරනුයේ තමා විසින් සාධාරණ යැයි සිතන ආකාරයටය. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
  • පුද්ගල අවශ්‍යතා අසීමිතවේ. එහෙත් එම අවශ්‍යතා සපුරා ගැනීමට පවතින සම්පත් ප්‍රමාණය සීමිතය.
  • යම් තෝරා ගැනීමක දී පුද්ගලයෙක් මුලින්ම සිතා බලන්නේ තමාගේ මූලික ම අවශ්‍යතා සපුරා ගැනීමටයි. මෙහිදී අවශ්‍යතාවයන්ගේ පෙළගැස්මක් සිදු කෙරෙන අතර අත්‍යාවශ්‍යම දේ මුලින්ම සළකා බැලේ. පෙළගැස්මෙහි අවසානයට යත්ම පුද්ගලයා හට යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිසා ලැබෙන තෘප්තිය අඩුවේ.

රේමන්ඩ් ෆර්ත් සහ හැරල්ඩ් කේ. ෂ්නයිඩර් විසින් හදුන්වා දෙන ලද පරිදි, ඉහත කරුණු යම් යම් සුළු වෙනස්කම් සහිතව ඕනෑම අවස්ථාවක් සඳහා ආදේශ කරගත හැකිය. පුද්ගලයෙකුගේ සෑම ක්‍රියාවක්ම ඔහුගේ අවශ්‍යතා සපුරා ගැනීමට කරන ලද තෝරාගැනීමක ප්‍රතිඵලයකි. මෙම අවශ්‍යතාව ආර්ථීක අවශ්‍යතාවක්ම වීම අනිවාර්ය නොවේ: (බර්ලින්ග් 1962:උපුටා ගැනීම 1982:307)

මානව විද්‍යාමය පදනමකින් බලන කල, ඉහත කී සිද්ධාන්ත සියල්ල යොදාගෙන එක් එක් සංස්කෘතීන් අධ්‍යයනය කළ හැකිය. පුද්ගලයන්ගේ තේරීම් සැමවිටම ඔහුගේ හෝ ඇයගේ හෝ අභිප්‍රායන් මත පදනම් වේ. සමහර විට මෙම අභිප්‍රායන් ඔහුගේ සංස්කෘතිකමය අරමුණු මතම පදනම් නොවිය හැකිය. (උදාහරණයක් ලෙස සමහර තේරීම් අනුන්ගේ තේරීම් මත ද පදනම් විය හැකිය. මේ පිළිබඳව ද කෙරෙන පූර්ණ අධ්‍යයනයකින් යම්කිසි සමාජයක / සංස්කෘතියක සිද්ධාන්ත පිළිබඳව අවබෝධයක් ද ලබා ගත හැකිය.) (උදා:- ෆර්ත් 1961: ලාෆින් 1973) මීට අමතරව තේරීම් සඳහා වෙනත් මනෝ විද්‍යාත්මක බලපෑම් ද ඇතිවේ.

සටහන් සංස්කරණය

Economic_anthropology
"https://si.wikipedia.org/w/index.php?title=ආර්ථීක_මානව_විද්‍යාව&oldid=471506" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි