ආර්ථික සංවර්ධනයට අදාළ ආකෘති

බොහෝ ආර්ථීක වර්ධන ආකෘති ගොඩ නැගී ඇති ප්‍රධාන කොටස් තුන නම්: (1) නිෂ්පාදන ශ්‍රිතය (2) ඉතිරිකිරීම් ශ්‍රිතය (3) ශ්‍රම සැපයුම් ශ්‍රිතය (ජනගහන වර්ධනයට සම්බන්ධවූ) ඉතිරිකිරීම් ශ්‍රිතය සමග, ආර්ථික වර්ධන අනුපාතය, S/β යන්නට සමාන වේ. (S යනු ඉතිරිකිරීම් අනුපාතයද, β යනු ප්‍රාග්ධන-නිමවුම් අනුපාතයද, වේ.) තාක්ෂණය මගින් ප්‍රාග්ධන-නිමවුම් අනුපාතය කෙටිකාලයේදී ස්ථාවරව තබාගන්නේ යැයි උපකල්පනය කළ විට, ඉතිරි කරණ ලද සියලුම දේ ආයෝජනය කරන්නේය යන පදනම මත, ආර්ථික වර්ධන අනුපාතය, ඉතිරිකිරීම් අනුපාතය මගින් සම්පූර්ණයෙන්ම තිරණය වේ.

හැරඩ්-ඩෝමා ආකෘතිය


දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන අනුපාතිකය (g), ජාතික ඉතිරිකිරීම් අනුපාතය (s) මත ඍජුවමද, ජාතික ප්‍රාග්ධන නිමවුම් අනුපාතය (k) මත ප්‍රතිලෝමවද, රඳා පවතින අතර එම නිසා එය, g = s/k, ලෙස ලියනු ලැබේ. මෙම ප්‍රතිශතාත්මක සම්බන්ධතාවය හැරඩ්-ඩෝමා ආකෘතිය මගින් නිරූපණය කරනු ලබයි. ආර්ථික විද්‍යාඥයන් දෙදෙනෙකු විසින් සිදුකළ වර්ධන ක්‍රියාවලිය පිළිබඳ විශ්ලේෂණයන්ගේ සංකලනයකින්, සමීකරණයට මේ නම ලැබී ඇත (බ්‍රිතාන්‍යයේ ශ්‍රිමත් රෝයි හැරඩ් හා එක්සත් ජනපදයේ ඉව්සි ඩෝමා). පශ්චාත් යුධ සමය ආරම්භයේදී, ආර්ථික සැලසුම්කරණයේදී සංවර්ධනය වෙමින් පවතින රටවල, හැරඩ් ඩෝමා ආකෘතිය සුලභව භාවිතා විය. මෙහිදී ඉලක්කගත වර්ධන අනුපාතයක් ඇතිවිට අවශ්‍ය වන ඉතිරිකිරීම් අනුපාතය පසක් වේ.


බහිර්ජන වර්ධන ආකෘතිය සංස්කරණය

රොබට් සෝලෝ හා අනෙකුත් අයගේ බහිර්ජන වර්ධන ආකෘතිය (හෝ නව සම්භාව්‍ය වර්ධන ආකෘතිය) මගින්, තාක්ෂණික වෙනසේ කාර්යභාරය පිළිබඳව අවධාරණය කෙරිණි. හැරඩ් ඩෝමා ආකෘතියේදී මෙන් නොව, මෙහිදී ඉතිරිකිරීම් අනුපාතය මගින් ආදායම් මට්ටම පමණක් තිරණය කරනු ලබන නමුත් ආර්ථික වර්ධනය තීරණය නොකෙරේ.මෙම ආකෘතිය මගින් ලබාගත් වර්ධන මිණුමේ මූලාශ්‍ර මගින් ආර්ථික වර්ධනයේදී, ප්‍රාග්ධන සම්පාදනයේ (හැරඩ් ඩෝමා ආකෘතියේදී මෙන්) හා තාක්ෂණික වෙනසේ (නව සම්භාව්‍ය ආකෘතියේදී මෙන්) සාපේක්ෂ වැදගත්කම ඉස්මතු කරන ලදි. 19 වන සියවස අවසානයේ හා 20 වන සියවස ආරම්භයේදී, එක්සත් ජනපද ආර්ථික වර්ධනයෙන් සියයට 90 ක් පමණ තාක්ෂණික වෙනස මගින් ඇතිවූ බව සෝලෝ (1957) මූලික අධ්‍යනයෙන් පෙන්වා දුන්නේය. සංවර්ධනය වෙමින් පවත්නා රටවල සිදුකල ප්‍රත්‍යක්ෂමූල අධ්‍යනයන් මගින් මෙයට වඩා වෙනස් ප්‍රථිඵල පෙන්වා ඇත. (චෙන් ඊ.කේ.වයි., 1979 ආසියානු රටවල අතිවර්ධනය)

නැගෙනහිර ආසියාවේ ආර්ථික වර්ධනය, අනුපාතය (නවෝත්පාදන) මත නොව, වෙහෙසීම (වැඩියෙන් යෙදවුම් භාවිතය) මත පදනම් වේය, යන මතය දැරූ කෘග්මන් (1994) බලන්න. (කෘග්මන්, පී; 1994 ආසියානු හාස්කමේ මිථ්‍යාව, විදේශ සම්බන්ධතා, 73)


එසේ වුවත්, නැගී එන රටවල් ඇතුළු, අපගේ පශ්චාත් කාර්මික ආර්ථිකයන්වලද, වර්තමානයේ, ආර්ථික සංවර්ධනය, නවෝත්පාදනය හා දැනුම මත බෙහෝ දුරට පදනම් වේ. ව්‍යාපාර කළමණාකරණය කිරීම මෙහිදී භාවිතා වන උපායන්ගෙන් එකකි. ඉතා ප්‍රචලිත උදාහරණයක් ලෙස, රජය විසින් මෘදුකාංග තාක්ෂණික උද්‍යාන ඇතුළු මෘදුකාංග කර්මාන්තය ධෛර්යමත් කරනු ලබන, ඉන්දියාවේ බැංග්ලෝර් දැක්විය හැකිය.

සටහන් සංස්කරණය

Models_of_economic_development