ආර්ථික විද්‍යාඥයා සංස්කරණය

ආර්ථික විද්‍යාඥයෙකු යනු ආර්ථිකය පිලිබද වු සමාජ විද්‍යාවේ ප්‍රවීණයෙකි. මොහු ආර්,ිත පිළිබද හදාරා ක්‍රමයන් උත්පාදනය කර ඒවා යොදාගත් හා ආර්ථික ප්‍රතිපත්ති පිලිබඳ ලිවු පුද්ගලයෙකු විය හැකිය. මෙම ක්ෂේත්‍රයේ අනුකේෂ්ත්‍ර ගණනාවකි. පුළුල් වු දර්ශනවාදි න්‍යායාන් හෝ විශේෂ වෙළඳපොලක්, සාර්ව ආර්ථික විශ්ලේෂනය, ක්ෂුද්‍ර ආර්ථික විශ්ලේෂණය හෝ ආර්ථික විශ්ලේෂනය වැනි ක්සේත්‍ර ඇත. මෙම විශ්ලේෂණයේහිදී, විශේෂ විශ්ලේෂ ක්‍රම හා ආර්ථික හිතිය, සංඛ්‍යාතය, ආර්ථික සංඛ්‍යාත්මක ක්‍රම (Economic Computational Models) මුල්‍යමය ආර්ථිකය,මුල්‍යමය ගණිත ක්‍රම හා ගණිතමය ආර්ථික වැනි මෙවලම් භාවිතා කළ හැකිය.

ශාස්ත්‍රික ක්‍රමයේදී

ආර්ථික විද්‍යාවේ වෘත්තිමය පැතිකඩ අධ්‍යපනය තුලට ආර්ථික විද්‍යාව ඇතුළුවිමට හේතු වේ. මෙය 1955 සිට ආර්ථිකයේ වු ප්‍රධාන වෙනස ලෙස හදුන්වා ඇත. බොහෝ ප්‍රධාන විශ්වවිද්‍යාල වල ආර්ථික විද්‍යා අංශයන් ඇත. එහි උපාධි පිරිනමනු ලැබේ. එනමුත් බෙහෝ ආර්ථික විද්‍යාඥයන් ගණිත, ඉංජිනේරැ, ව්‍යාපාර නිති, සමජ විද්‍යා හා ඉතිහාසය විෂයන් හැදෑරුවන්ය.

ආර්ථික විද්‍යාවට ඇති නෙබෙල් අනුස්මරණ ත්‍යගය 1968 Serviges Rikconk විසින් ඇරඹු අතර, ආර්ථික විද්‍යාවට විශිෂ්ට බුද්ධිමය හදුන්වාදිමක් කරන තැනැත්තාට වාර්ෂිකාව පිරිනැමිය ඔක්තෝම්බර් මස ජයග්‍රහකයා නම් කරන අතර දෙසැම්බර 10 ට යෙදි ඇත.Alfred Nobel අනුස්මරණ දිනයේ ත්‍යාගය පිරිනමයි (ත්‍යාග මුදල, රන්පදක්කම හා ඩිප්ලෝමාවක් )

රැකියා

ආර්ථික විද්‍යාඥයින් අධ්‍යාපනික රාජ්‍ය හා පුද්ගලික අංශ ආදි විවිධ ක්ෂේත්‍රයන්හි රැකියාවල නියැලේයි. ආර්ථික ක්‍රියාවලි, පාරිභෝගික උවමනා, රහස්‍ය තොරතුරු ආදිය සංඛ්‍යාත්මක දත්ත ඇසුරින් විශ්ලේෂණය කරයි. ඔවුන් මේ විස්තර දියුණු සංඛ්‍යාත්මක විශ්ලේෂණ ක්‍රම ගණිතය හා පරිගණක වැඩසටහන් වලින් සිදු කර ඒවායේ අඩුපාඩු හදුනාගෙන ඒවා නැතිකරන අයුරු ප්‍රකාශ කරයි.

ආර්ථික විද්‍යාඥයන් යන නිර්වචනය ඉංජිනේරු නීතිය යන විෂයන්ට වඩා අපහසුය. නීතිඥයා යනු නිති උපාධියක් ඇති, උසාවියේ නඩු කීමට හැකි අයෙකි. එනමුත් ආර්ථික විද්‍යාඥයාට එසේ අවශ්‍ය වන සුදුසුකමක් නැත. සමහර අවස්ථාවල ආර්ථික විද්‍යවේ උසස් උපාධියක් තිබිම ආර්ථික විද්‍යාඥ‍යෙකු වීමට අවශ්‍ය අවට සුදුසුකමක් ලෙස සලකයි. සමහර ඇමෙරිකානු ප්‍රාන්තවල ආර්ථික විද්‍යාවට අදාළ උපාධි 4 ක් පමණ ඇත. පුද්ගලයෙකුට සංඛ්‍යානය, ව්‍යවහාරික ගණිතය, ගණිතමය ආර්ථිකය Game theory ආදිය හදාරා ආර්ථික විද්‍යාඥයෙකු විමට අවශ්‍ය දැනුම ලබා ගත හැකිය.

ආර්ථිකයට අදාළ ක්ෂේත්‍රයක නියැලෙන්නෙකු හෝ උපාධියක් ඇත්තෙකු හෝ ආර්ථික විද්‍යාඥයෙකු ලෙස හැඳින්විය හැකි. ආර්ථික විද්‍යාඥයන් බැංකු, මුලපටලය, ගණකාධිකාරි, වානිජ , ව්‍යාපාර පාලනය, සහකාරක්ෂ මණ්ඩල, ලාභ පරමාර්ථ කරගත් හා නොකරගත් ආයතනවල සේවය කරයි.

දේශපාලකයින්ට ප්‍රතිපත්ති සැකසිමට පෙර ආර්ථික විද්‍යාඥයන්ගේ අදහස් ලබා ගත හැකි අතර බොහෝ උසස් රාජ්‍යතන්ත්‍රිකයන් ආර්ථික විද්‍යාඥයන් වේ.


සටහන් සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ආර්ථික_විශේෂඥයෝ&oldid=470567" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි