ආර්ථික විද්‍යාව ‍

ලයනල් රොබින්ස්

මූල්‍ය තීරණ මිනිසුන් සිදුකරන ආර්ථික තේරීම් වල තේරීම් බොහොමයකින් එකක් විය හැක.

නිව්යෝක් කොටස් හුවමාරුවේ මුහුණට මුහුණ සිදුවන වෙළඳ කටයුතු

නිෂ්පාදනය, බෙදාහැරීම හා භාණ්ඩ හා සේවා පරිභෝජනය පිළිබඳ අධ්‍යයනයන් ඇති ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවේම කොටසකි. කුටුම් සහ සම්ප්‍රදායන් පිළිබඳව ශ්‍රීසියෙන් ආර්ථික විද්‍යාව මෙම කාලයේ පැමිණි නිසා, “කුටුම්භයන් සම්බන්ධ නීති, කොන්දේසි”නිර්මාණය විය.

නූතන ආර්ථික විද්‍යාව ගැන බොහෝ දේ ගන්නා ලද්දේ 1932 දී ලයනල් රොබින්ස් විසින් ලියන ලද ලිපියක වන මෙම අර්ථ දැක්වීමෙනි, “මෙම විද්‍යාවෙන් අධ්‍යයනයන් කරන්නේ මිනිසුන්ගේ හැසිරීම්/ක්‍රියාකලාපයන්, විකල්ප භාවිත සහිත හිඟ වත්කම්, සහ අරමුණු අතර ඇති සම්බන්ධතාවයක් වශයෙන්ය” පවතින සම්පත් වලින් සියළු මිහිකර අවශ්‍යතා සහ වුවමනා තෘප්තිමත්ව නොමැතිව පවතින සම්පත් වලින් විකල්ප භාවිතයන් සිදු කරන විට කිසිදු ආර්ථික ප්‍රශ්ණයක් ඇති නොවේ. මෙසේ අර්ථ දැක්වූ මෙම විෂයට, දිරිගැන්වීම් සහ වලපෑම් වලින් වෙනස්වූ තීරණ අධ්‍යයනයන්ද සම්බන්ධ කර ඇත.

ආර්ථික විද්‍යා විෂය ක්ෂේත්‍රය පහත දැක්වෙන ලෙස විවිධ වර්ගයන්ට වර්ග කල හෝ බෙදා දැක්විය හැකිය.

  • සූක්ෂම ආර්ථික විද්‍යාව හා සාර්ව ආර්ථික විද්‍යාව
  • යථානුරූප ආර්ථික විද්‍යාව (මොකක්ද?) සහ අභිමතානුරූපී ආර්ථික විද්‍යාව (මොකක් සිදුවිය හැකිද?)
  • ප්‍රධාන ප්‍රමාණ ආර්ථික විද්‍යාව සහ වෛතුලන ආර්ථික විද්‍යාව
  • ආර්ථික විද්‍යාවේ ක්ෂේත්‍ර සහ පැතිරුණු පුළුල් ‍ප්‍රභේදයන්

ආර්ථික විද්‍යාවේ තවත් ප්‍රයෝජනයක් වන්නේ, කුමන ආර්ථිකයක්ද ආර්ථික පද්ධතියක් වශයෙන් ක්‍රියාවන් සහ කවර සම්බන්ධතාවන් ආර්ථික නියෝජිතයන් හා සමාජය අතර පවතීද යන්න පැහැදිලි කරගත හැකි වීමයි.

සමාජ සම්බන්ධයන්, අපරාධ / නීති කඩකිරීම්, අධ්‍යාපනය, පවුල, සෞඛ්‍ය, නීතිය, දේශපාලනය, ආගම, සමාජ චාරිත්‍රයන් හා යුද්ධය වැනි දෑ සඳහා මිනිසුන් ගන්නා තීරණ සම්බන්ධ ‍ක්ෂේත්‍ර වලට ආර්ථික විශ්ලේෂණ ක්‍රම එකතුවීම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී.



Reference: http://en.wikipedia.org/wiki/Economics

"https://si.wikipedia.org/w/index.php?title=ආර්ථික_විද්‍යාව_‍&oldid=310202" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි