ආර්ථික විද්‍යාවේ මූලික සංකල්ප

මූලික සංකල්ප නිෂ්පාදන හැකියාව, ආවස්ථික පිරිවැය සහ කාර්යක්ෂමතාවය

විවිධ වර්ගයේ ආර්ථිකයන් අතර පවත්නා පොදු ප්‍රශ්න නම්,

• කුමන භාණ්ඩ කොපමණ ප්‍රමාණයකින් නිපදවිය යුතුද (පරිභෝජනය හෝ ආයෝජනය, පෞද්ගලික භාණ්ඩ හෝ පොදු භාණ්ඩ, මස් හෝ අල යනාදිය)

• ඒවා කෙසේ නිපදවිය යුතුද (කුමන නිෂ්පාදන ක්‍රම වේදයක් භාවිතා කර නිපදවිය යුතුද) – ශ්‍රමය වැඩිපුර භාවිතා කරන ශ්‍රම සූක්ෂම හෝ ප්‍රාග්ධනය වැඩියෙන් භාවිතා කරනු ලබන ප්‍රාග්ධන සූක්ෂම ක්‍රමවේදය
• කවුරුන් සඳහා නිපදවනවාද, නිෂ්පාදනය බෙදීයාම පෙන්නුම් කිරීම

නිෂ්පාදන හැකියා පර්යන්තය (PPF) මෙම ප්‍රශ්න ආමන්ත්‍රණය කරනු ලබන විශ්ලේෂණ උපකරණයක් වේ. සරලම සිද්ධියක් ලෙස, ආර්ථිකයට භාණ්ඩ දෙකක් නිපදවිය හැකියැයි උපකල්පනය කරනු ලබයි. එවිට ආර්ථිකය සතු සම්පත් භාවිතා කර භාණ්ඩ දෙකක් නිපදවිය හැකි විවිධ ප්‍රමාණයන් PPF ප්‍රස්තාරයක් මඟින් හෝ වගුවක් මඟින් දැක්විය හැකිය. තාක්ෂණය හා එලදායී යෙදවුම් හිමිකමක් (භූමිය, ප්‍රාග්ධනය හා අපේක්ෂිත ශ්‍රමය වැනි දෑ) මුළු ශෂ්‍ය නිෂ්පාදනය සීමා කරන, අගයන් ලෙස සලකනු ලබයි.

උදාහරණයක් ලෙස නිෂ්පාදනය කාර්යක්ෂමව සිදුවන විට ආහාර FA ප්‍රමාණයක්ද පරිගණක CA ප්‍රමාණයක්ද නිපදවිය හැකි බව ප්‍රස්තාරයේ A ලක්ෂයෙන් පෙන්නුම් කෙරේ. එසේම ආහාර FB ප්‍රමාණයක් හා පරිගණක CB ප්‍රමාණයක් B ලක්ෂයේදී නිපදවිය හැකිය.

වක්‍රය මත සෑම ලක්ෂ්‍යයක් මඟින්ම ආර්ථිකයේ උපරිම විභව නිෂ්පාදනය පෙන්නුම් කෙරේ. එය එක් භාණ්ඩයක ශෂ්‍ය නිෂ්පාදන ප්‍රමාණය දී ඇති විට අනෙක් භාණ්ඩයේ උපරිම නිෂ්පාදනය වේ. PPF වක්‍රයට ඉදිරියෙන් ඇති මිනිසුන් පරිභෝජනයට කැමති, නමුත් සමස්ථයක් ලෙස ඊට ළඟා විය නොහැකි ලක්ෂ මඟින් හිඟකම නිරූපණය කරයි. එක භාණ්ඩයක නිෂ්පාදනය වක්‍රය දිගේ ඉහළ ගියහොත්, ප්‍රතිලෝම සම්බන්ධයක් පෙන්වමින් අනෙක් භාණ්ඩයේ නිෂ්පාදනය පහළ යයි. භාණ්ඩයක නිෂ්පාදනය ඉහළ නැංවිම සඳහා අනෙක් භාණ්ඩය නිෂ්පාදනයෙන් යෙදවුම් මාරු කළයුතු අතර එමඟින් පළමු භාණ්ඩයේ නිෂ්පාදනය පහළ යාම මෙයට හේතුව වේ.


වක්‍රයේ ලක්ෂයක බෑවුම භාණ්ඩ දෙක අතර වාසි හුවමාරුව දක්වයි. එමඟින් එක භාණ්ඩයක අතිරේක ඒකකයක පිරිවැය, ඒ වෙනුවෙන් අතහැරුණු අනෙක් භාණ්ඩයේ ඒකක මඟින් මැන දක්වයි. උදාහරණයක් ලෙස ආවස්ථික පිරිවැය. ආවස්ථික පිරිවැය "හිඟකම හා තෝරා ගැනිම අතර මූලික සම්බන්ධතාවය" දක්වන්නක් ලෙස විස්තර කරනු ලැබේ. PPF වක්‍රය මතදී හිඟකම යනු එක් භාණ්ඩයකින් සමස්තයක් ලෙස වැඩිපුර තෝරා ගැනීම සඳහා අනෙක් භාණ්ඩයෙන් අඩුවෙන් තෝරා ගැනිම අවශ්‍යවිමයි. තවමත්, වෙළෙඳපල ආර්ථිකයක් තුළ වක්‍රය මත ගමන් කිරීමක් ඉහළ ගිය නිමුවම තෝරාගැනීම නියෝජිතයාට වන පිරිවැය තරමට වටිනා බවද විස්තර කළ හැකිය.

දෙනලද මුළු යෙදවුමකට නිමවුම උපරිම කිරීමේ දි එලදායීතා කාර්යක්ෂමතාවය වක්‍රයේ සෑම ලක්ෂයක් මඟින්ම දක්වයි. U ලක්ෂය වැනි වක්‍රය තුළ ලක්ෂයක්, එලදායීතා අකාර්යක්ෂමතාව (යෙදවුම් අපතේ යන පරිදි භාවිතාය) නිරූපනය කරන අතර එම නිමවුමේ සිට ඊසාන දිශවේ පිහිටි වක්‍රය මත ලක්ෂ්‍යයකට ගමන් කිරීමෙන් එක භාණ්ඩයක හෝ භාණ්ඩ දෙකෙහිම නිමවුම ඉහල නංවා ගත හැකිය. ව්‍යාපාර වක්‍රවල බැස්ම අවස්ථාවේ ඉහළ සේවා වියුක්තියක් තුළින් ඇතිවිය හැකි අකාර්යක්ෂමතාවය එවැන්නකට උදාහරණ ලෙස දැක්විය හැකිය.


පාරිභෝගිකයා කැමති භාණ්ඩ මිශ්‍රණය නිපදවූයේ නැතිනම් වක්‍රය මත සිටියද සම්පූර්ණයෙන්ම බෙදාහැරීමේ කාර්යක්ෂමතාවය පිළිබඳ සෑහීමකට පත් විය නොහැකිය.

ඉහත දැක්වූ පොදු ආර්ථික ප්‍රශ්න සමඟ සංගත වෙමින්, රාජ්‍ය ප්‍රතිපත්ති වල ප්‍රායෝගික ආර්ථික විද්‍යාව මඟින් බොහෝ දුරට ආර්ථිකයක කාර්යක්ෂමතාවය ඉහළ නන්වනුයේ කෙසේද යන්න සලකා බැලේ. හිඟකමේ යථා ස්වභාවය හදුනා ගැනීමත් ඉන්පසු සම්පත් වඩා කාර්යක්ෂමව භාවිතයට සමාජය සංවිධානය කරනුයේ කෙසේදැයි යන්න සැකසීමත් ආර්ථික විද්‍යාවේ හරය ලෙස විස්තර කෙරේ. ඒ සඳහා එම විෂය ඒකායන දායකත්වයක් ලබාදෙයි.

සටහන් සංස්කරණය

| Production possibilities opportunity cost and ef