ආර්ථික ලිබරල්වාදය

ආර්ථික ලිබරල්වාදය යනු ලිබරල්වාදයේ ප්‍රධාන කොටසකි. එය අයත් වන්නේ සම්ප්‍රදායික ලිබරල්වාදයටයි. මෙය 17 සහ 18 සියවස් වල මතුවූවකි.

ආර්ථික ලිබරල්වාදයේ විශ්වාසය වන්නේ පුද්ගලයා සමාජයේ වඩාත් වටිනාම ඒකකය වන බවත් රාජ්‍යයේ පාලනයෙන් සහ ඇඟිලි ගැසීම් වලින් තොරවීමේ නිදහස පුද්ගලයාට තිබිය යුතු බවත්ය.

නිදහස් වෙළඳ පොළක අවශ්‍යතාවය ද මෙහිදී ප්‍රධාන වශයෙන් මතු කරයි. රජයේ අඩුපාලනය යටතේ නිදහසේ වෙළඳාම් කිරීමට විකිණීමට සහ මිලදී ගැනීමට ඇති හැකියාව වෙනුවෙන් පෙනී සිටියි

"https://si.wikipedia.org/w/index.php?title=ආර්ථික_ලිබරල්වාදය&oldid=702976" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි