වැඩිවියට පත් වූ ස්ත්‍රියකගේ ආර්ථවාභාවයක් සිදු වන තෙක් සෑම දින 28 කට වරක්ම, ඩිම්බ කෝෂය සහ ගර්භාෂය තුළ සිදු වන වෙනස්වීම් ශ්‍රේණිය ආර්ථව චක්‍රයයි. ගර්භානීතාවයක් ඇති වූ විට මෙය තාවකාලිකව අත් හිටුවීම සිදු වේ.

ආර්තව චක්‍රයෙහි ප්‍රගතිය සහ එයට දායක වන විවිධ හෝර්මෝනයන්ද දක්වන රුපයක්.

ඩිම්බකෝෂ චක්‍රය සංස්කරණය

ආර්ථව චක්‍රයේ දී ඩිම්බ කෝෂය තුළ සිදු වන චක්‍රීය ක්‍රියාවලිය ඩිම්බකෝෂ චක්‍රයයි. මෙය ප්‍රධාන අවධි දෙකකින් සමන්විත වේ. ඒවා නම්,

  1. ස්‍යූනික අවධිය
  2. ලූටීය අවධිය

ස්‍යූනික අවධිය සංස්කරණය

  1. හයිපොතැලමසයෙන් GnRH ශ්‍රාවය කරයි.
  2. එමගින් පුර්ව පිටියුටරියෙන් FSH ශ්‍රාවය කරයි.
  3. FSH වල බලපෑම යටතේ ඩිම්බකෝෂය තුළ ස්යුනිකා වර්ධනය උත්තේජනය කරයි.
  4. එය ග්‍රාෆීය ස්යුනිකාව දක්වා වර්ධනය වේ.
  5. වර්ධනය වන ස්යුනිකා වලින් ඊස්ට්‍රජන් හෝමෝනය ශ්‍රාවය කරයි.
  6. ග්‍රාෆීය ස්යුනිකා වලින් ඊස්ට්‍රජන් වැඩිපුර ශ්‍රාවය කරයි.
  7. ඊස්ට්‍රජන් ශ්‍රාවය වැඩි වන විට පුර්ව පිටියුටරියෙන් FSH ශ්‍රාවය අඩු වේ.
  8. 14 වන දිනයේදී, වැඩිවන ඊස්ට්‍රජන් මගින් LH ශ්‍රාවයේ ක්ෂණික වැඩි වීමක් සිදු කරයි.
  9. මෙහිදී LH වලද සුළු ක්ෂණික වැඩි වීමක් සිදු වේ.
  10. ක්ෂණිකව වැඩි වූ LH මට්ටම ක්ෂණිකවම අඩු වේ.
  11. මෙය ඩිම්බ මෝචනයට හේතු වේ.

ලූටීය අවධිය සංස්කරණය

  1. LH වල බලපෑම යටතේ, ඩිම්බය රහිත ස්යුනිකාවෙන් පීත දේහය වර්ධනය කරයි.
  2. LH වල බලපෑම යටතේ, පීත දේහයෙන් ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝනය ශ්‍රාවය කරයි.
  3. සුළු වශයෙන් ඊස්ට්‍රජන් හෝමෝනය ද ශ්‍රාවය කරයි.
  4. මේ නිසා රුධිරයේ, ප්‍රධානව ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝන මට්ටම වැඩි වේ.
  5. ඊස්ට්‍රජන් හෝමෝන මට්ටම ද සුළු වශයෙන් වැඩි වේ.
  6. වැඩි වන ප්‍රොජෙස්ටෙරෝන් හා ඊස්ට්‍රජන් මගින් පුර්ව පිටියුටරියෙන් LH සහ FSH ශ්‍රාවය නිශේධනය කරයි.
  7. මේ නිසා පීත දේහය පරිහානියට පත් වී ශ්වේත දේහය බවට පත් වේ.
  8. පීත දේහය පරිහානියට පත් වීම නිසා ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටෙරෝන් ශ්‍රාවය වීම අඩු වේ.
  9. මේ නිසා නැවත පුර්ව පිටියුටරියෙන් FSH සහ LH ශ්‍රාවය වේ.

ගර්භාෂ චක්‍රය සංස්කරණය

ආර්ථව චක්‍රයේදී ගර්භාෂය තුළ සිදු වන චක්‍රීය ක්‍රියාවලියයි. මෙය ප්‍රධාන අවධි 3 කට වෙන් කල හැක. ඒවා නම්,

  1. ආර්තව අවධිය
  2. ප්‍රගුණන අවධිය
  3. ස්‍රාවී අවධිය

ආර්තව අවධිය සංස්කරණය

  1. රුධිරයේ ප්‍රධාන වශයෙන් ප්‍රොජෙස්ටෙරෝන් සහ ඊස්ට්‍රජන් මට්ටම ක්ෂණිකව අඩු වීම හේතු කොට ගෙන එන්ඩොමෙට්‍රියමේ රුධිර වාහිනී සන්කුන්චනය වේ.
  2. මේ නිසා එන්ඩොමේට්‍රියමට සැපයෙන රුධිර ප්‍රමාණය අඩු වේ.
  3. එම නිසා ඔක්සිජන් සැපයුම අඩු වේ.
  4. එන්ඩොමෙට්‍රියමේ සෛල මිය යයි.
  5. එවිට එන්ඩොමෙට්‍රියමේ මතුපිට කොටස් බිඳ වැටේ.
  6. මේ නිසා රුධිරය, බිඳ වැටුණු පටක සහ ශ්ලේෂ්මල අඩංගු ශ්‍රාවයක් ගර්භාෂ කුහරය තුළ එකතු වේ.
  7. මේවා ආර්ථව ප්‍රවාහයක් ලෙස යෝනි මාර්ගය හරහා දේහයෙන් බැහැර වේ.

ප්‍රගුණන අවධිය සංස්කරණය

  1. රුධිරයේ වැඩි වන ඊස්ට්‍රජන් (වර්ධනය වන ස්යුනිකා වලින් ශ්‍රාවය කරන) මගින් ගර්භාෂයේ එන්ඩොමේට්‍රියමේ සෛල අනුනනයෙන් බෙදීමට ලක් කරයි.
  2. මේ නිසා එහි ඝනකම වැඩි කරයි.
  3. බිඳ වැටුණු රුධිර වාහිනී නැවත වර්ධනය කරයි.
  4. ගර්භාෂයික ග්‍රන්ථි වර්ධනය කරයි.

ස්‍රාවී අවධිය සංස්කරණය

ගර්භනීතාවය ආර්ථව චක්‍රය අත්හිටුවීමට හේතු වන ආකාරය සංස්කරණය

ආර්ථවාභාවය සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ආර්තව_චක්‍රය&oldid=470563" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි