ආබාධිත මලල ක්‍රීඩා - ඉතිහාසය

ආබාධිත මලල ක්‍රීඩා - ඉතිහාසය

ශ්‍රීමත් ලූඩ්විග් ගථමන් 1948 වර්ෂයේදී ක්‍රීඩා තරඟයක් සංවිධානය කරන ලදී. මෙම තරඟ ස්ටෝක් මැන්ඩවිල් තරඟ ලෙස හඳුන්වන අතර දෙවන ලෝක යුද්ධයේදී සුෂුම්නාව ආබාධිත වූ අයත් 1952 දී නෙදර්ලන්ත තරඟ කරුවනුත් සහභාගී වීම නිසා අන්තර්ජාතික තත්වයට පත්වන ලදී. පළමු ලෝක ආබාධිත මලල ක්‍රීඩා උළෙල 1960 දී රෝමයේ ආබාධිත වූ මලල ක්‍රීඩා කරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද අතර එය 9 වන ස්ටෝක් මැන්ඩවිල් තරඟාවලියද වේ. පළමු ශීත සෘතු ආබාධිත මලල ක්‍රීඩා තරඟාවලිය ස්විඩනයේ ඕර්න්ස්කොල්ඩ්ස්වික් හිදී 1976 දී පවත්වන ලදී.

1988 දී, ග්‍රීෂ්ම ආබාධිත මලල ක්‍රීඩා උළෙල එම වසරේ ඔලිම්පික් ක්‍රීඩාවලට සමගාමීව පවත්වන ලදී. මෙම ක්‍රියාමාර්ගය අන්තර්ජාතික ඔලිම්පික් කොමිටියේ 2001/6/21 සම්මුතියෙන් අනතුරුව නිල ප්‍රතිපත්තියක් බවට පත්විය. මෙම ක්‍රීඩා ඔලිම්පික් තරඟ අවසානයෙන් දින තුනකට පසුව එම සත්කාරක නරගයේම එම පහසුකම් යටතේම පවත්වනු ලබයි‍. ඔලිම්පික් ක්‍රීඩා පැවැත්වීමට අවසර ඉල්ලන නගර, තම ඉල්ලීමට මෙම ක්‍රීඩාද ඇතුලත්කල යුතු අතර ක්‍රීඩා දෙකම එකම සංවිධායක මණ්ඩලයකින් පාලනය කරනු ලබයි.