ආබාධිත මලල ක්‍රීඩා තරඟාවලිය

ඉතිහාසය සංස්කරණය

 
ජර්මනිය, හයිඩල්බර්ග්හි ග්‍රීෂ්මයේ දී පැවැත්වූ ආබාධිත මලල ක්‍රීඩා උළෙල වෙනුවෙන් නිකුත් කළ මුද්දරය.


ශ්‍රීමත් ලූඩ්විග් ගට්මන් 1948 වර්ෂයේදී ක්‍රීඩා තරගයක් සංවිධානය කරන ලදී. මෙම තරඟ ස්ටෝක් මැන්ඩවිල් තරඟ ලෙස හඳුන්වනු ලැබූ අතර, ඊට දෙවන ලෝක යුද්ධයේදී සුෂුම්නාව ආබාධිත වූ අයත්, වර්ෂ 1952 දී නෙදර්ලන්ත තරඟකරුවනුත් සහභාගී වීම නිසා අන්තර්ජාතික තත්වයට පත්කරන ලදී. පළමු ලෝක ආබාධිත මලල ක්‍රීඩා උළෙල වර්ෂ 1960 රෝමයේදී පැවැත්විණි.එයට ආබාධිත වූ මලල ක්‍රීඩා කරුවන් රැසකගේ සහභාගීත්වය ලැබිණි, එය 9 වන ස්ටෝක් මැන්ඩවිල් තරඟාවලියද වේ. ශීත සෘතුවේදී පවත්වන ආබාධිත මලල ක්‍රීඩා තරඟාවලිය පළමු වරට පවත්වන ලද්දේ ස්විඩනයේ ඕර්න්ස්කොල්ඩ්ස්වික් හිදීයි.ඒ වර්ෂ 1976 දී ය. 1988 දී, ග්‍රීෂ්ම ආබාධිත මලල ක්‍රීඩා උළෙල එම වසරේ ඔලිම්පික් ක්‍රීඩාවලට සමගාමීව පවත්වන ලදී. මෙම ක්‍රියාමාර්ගය අන්තර්ජාතික ඔලිම්පික් කොමිටියේ 2001/6/21 සම්මුතියෙන් අනතුරුව නිල ප්‍රතිපත්තියක් බවට පත්විය. මෙම ක්‍රීඩා ඔලිම්පික් තරඟ අවසානයෙන් දින තුනකට පසුව එම සත්කාරක නගරයේම එම පහසුකම් යටතේම පවත්වනු ලබයි‍. ඔලිම්පික් ක්‍රීඩා පැවැත්වීමට අවසර ඉල්ලන නගර, තම ඉල්ලීමට මෙම ක්‍රීඩාද ඇතුලත්කළ යුතු අතර, ක්‍රීඩා දෙකම එකම සංවිධායක මණ්ඩලයකින් පාලනය කරනු ලබයි.


සටහන් සංස්කරණය