ආදී සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව ( Classical mechanic) අර්ථ දැක්වීම

ආදී සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව ( Classical mechanic) අර්ථ දැක්වීම



ආදි සම්භාව්යය යාන්ත්ර විද්යාව

නිව්ටන්ගේ දෙවන නියමය ඉතිහාසය

[show] මූලික සංකල්ප


[show] සූත්ර


[show] අංශ


[show] විද්යාඥයන්


This box: view • talk • edit

ආදි සම්භාව්යය යාන්ත්ර විද්යාව ( බොහෝ විට එහි උප ක්ෂේත්රයක්වන නිව්ටෝනියානු යාන්ත්ර විද්යාව සමග පැටලේ) . ප්රක්ෂිප්තවල සිට යන්ත්ර කොටස් දක්වා මෙන්ම අභ්යවකාශයානා, ග්රහලෝක, තාරකා හා ගැලැක්සි වැනි තාරකා විද්යාත්මක වස්තු වැනි මහේක්ෂීය වස්තුවල චලිතය විස්තර කිරිමට යොදා ගනී. එය මෙම වසම් යටතේ ඉතා නිවැරදි ප්රතිඵල ලබා දෙන අතර විද්යාවේ හා තාක්ෂණයේ විශාලම හා පැරණිම විෂයයන්ගෙන් එකකි.

මෙය හැරුණු කොට වායු, තරල හා ඝන වැනි දේ සමග කටයුතු කරන අංග පවතී. ආදි සම්භාව්යය යාන්ත්ර විද්යාව, අධි ප්රවේගයෙන් ආලෝකයේ ප්රවේගයට ළඟා වෙමින් චලනයවන වස්තු සඳහා වූ විශේෂ සාපේක්ෂතාව මගින් වැඩි දියුණු කරනු ලබයි. තව දුරටත් සාමාන්යය සාපේක්ෂතාව වඩා ගැඹුරු මට්ටම්වලදී ගුරුත්වාකර්ෂණය සමග වැඩ කිරීමට යොදා ගනී. භෞතික විද්යාවේදී ආදි සම්භාව්යය යාන්ත්ර විද්යාව, යාන්ත්ර විද්යාව පිළිබඳව වූ අංශයේ ප්රධාන උපකොටස් දෙකෙන් එකක් වන අතර බලපැවැත්වෙන භෞතික නීති එකතුවක් හා වස්තු හා වස්තුවල එකතුවල චලිතය ගණිතමය වශයෙන් විස්තර කිරීමත් සමග සැලකිල්ලට ගනී. අනෙක් උපක්ෂේත්රය වන්නේ ක්වොන්ටම් යාන්ත්ර විද්යාවයි.

ආදි සම්භාව්යය යාන්ත්ර විද්යාව (Classical mechanics) යන වදන සාපේක්ෂතාවාදය හා ක්වොන්ටම් භෞතිකය නිර්මාණය වීමට පෙර, ටයිකො බ්රා හා ගැලීලියෝගේ භූගෝලීය ප්රක්ෂිප්ත චලිතය මත පදනම් වූ ජොහැන්නස් කෙප්ලර්ගේ ආදී තාරකා විද්යාත්මක සිද්ධාන්ත මත ගොඩනැගුණු සර් අයිසැක් නිව්ටන් හා 17 වන සියවසේ බොහොමයක් සමකාලීන වැඩ කරන්නන් මගින් ආරම්භ කළ ගණිතමය භෞතික විද්යා පද්ධතියක් හැඳින්වීමට 20 වන සියවසේ දී නිර්මාණය විය.එම නිසා සමහරක් මූලාශ්ර “සාපේක්ෂ භෞතිකය” ලෙස හඳුන්වන දෙය එම ලයිස්තුවෙන් ඉවත් කරලීය. කෙසේ නමුත් නූතන මූලාශ්ර ගණනක අයින්ස්ටයින්ගේ යාන්ත්ර විද්යාව ඇතුළත් වන අතර ඔවුනට අනුව එය ආදී සම්භාව්යය යාන්ත්ර විද්යාවේ වඩාත් දියුණු හා නිවැරදි ආකාරයයි. ආදි සම්භාව්යය යාන්ත්ර විද්යාවේ වර්ධනයේ මූලික අවධිය නිව්ටෝනියානු යාන්ත්ර විද්යාව ලෙස හඳුන්වන අතර එය නිව්ටන් විසින් ලෙයිබනිස් හා අනෙක් අය සමග සමාන්තරව හඳුන්වා දෙන ලද ගණිත ක්රම හා ක්රියාවේ යොදවන ලද භෞතික සංකල්ප සමග සම්බන්ධ වේ. මෙය ඉදිරි කොටස්වලදී තව දුරටත් විස්තර කර ඇත. වඩා වියුක්ත හා සාමාන්යය ක්රම වලට ලැග්රන්ජියානු යාන්ත්ර විද්යාව (Lagrangian mechanics) හා හැමිල්ටෝනියානු යාන්ත්ර විද්යාව (Hamiltonian mechanics) ඇතුළත් වේ. ආදි සම්භාව්යය යාන්ත්ර විද්යාව හා නිව්ටෝනියානු යාන්ත්ර විද්යාව යන වදන් දෙකම සමාන ලෙස සලකන අතර (සාපේක්ෂතාව නොසලකා හැරේනම්) එහි අන්තර්ගතයෙන් වැඩි ප්රමාණයක් 18 හා 19 වන ශත වර්ෂවල නිර්මාණය විය. තවද නිව්ටන්ගේ කාර්යයන්ගෙන් සැලකිය යුතු තරම් දුරකට විහිදිනි. (බොහෝවිට එහි විශ්ලේෂණික ගණිතය භාවිතයේදී).


References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Classical_mechanics